ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්ෂයේ උප නායක ධුරය පෙරේදා (19) රාහුල් ගාන්ධිට හිමිවිය. ඒ අනුව ගාන්ධි නේරු පරපුරට සම්බන්ධ 42 හැවිරිදි රාහුල් ගාන්ධි, 2014 වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කොංග‍්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති ධුරය වෙනුවෙන් සටන් වදිනු ඇත.
කොංග‍්‍රස් පක්ෂ සභාපති ජනර්දන් ජිවේඩි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උප නායක ධුරය රාහුල් ගාන්ධිට පිරිනැමීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඒකමතිකව තීරණය කළ බවය.
කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වය හොබවන්නේ රාහුල්ගේ මව සෝනියාය. ජිවේඩි වැඩි දුරටත් කියා සිටියේ රාහුල් පක්ෂයේ දෙවැනි නායකයා යනුවෙනි.
2004 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂය ජයග‍්‍රහණය කර, සන්ධාන රජය පිහිටුවූ අවස්ථාවේදී සෝනියා ගාන්ධි විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ අගමැති මන්හෝමන් සිංය. අගමැති සිංගේ ධුර කාලය ලබන වසරෙන් අවසන් වෙයි.
අගමැති ධුරයට බාර ගැනීමට නම් රාහුල් ගාන්ධි ඊට සුදුස්සකු යැයි කි‍්‍රයාවෙන් ඔප්පු කළ යුතු බවත් වැඩි වැඩියෙන් වගකීම් බාරගෙන කටයුතු කළ යුතු බවත් ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි.
2014 වසරේ මැතිවරණයේදී රාහුල්ට සටන් කිරීමට සිදුවනු ඇත්තේ නරේන්ද්‍ර මෝඩි සමඟය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මෝඩි දීර්ඝ කාලයක් තිස්සේ ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවයි. 2001 වසරේ මහ ඇමැති ධුරයට පත් වූ ඔහු පිටපිට තෙවරක් ජයග‍්‍රහණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ උප නායකයා රාහුල් ගාන්ධි
ද සිල්වා Monday, 21 January 2013 03:10 PM
කරන දෙයක් පරිස්සමින්. (නි)
සහීර් Monday, 21 January 2013 04:44 PM
ඉන්දියාවට හොද කාලයක් (දී)
ගාමිණි Wednesday, 23 January 2013 10:19 PM
කැපිලිකාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)