ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙක් ඉහළ ගොස් ඇති බවත්, මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝදෙනකු සිටින බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.
තෙරපීමට හසුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින පිරිස 150 කට වැඩිය.
තේරපීම සිදුවුණේ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දාටියා නුවර දුර්ගා දේව මෑණියන්ගේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන පූජෝත්සවය අතරතුරේය.
තෙරපීමට හේතු වී ඇත්තේ, කෝවිල දක්වා දිවෙන කුඩා පාලම කඩා වැටීමට යන බවට රාවයක් පැතිර යෑමෙනි. බියටත්, කලබලයටත් පත් වූ බැතිමතුන් එකිනෙකා පෙරළාගෙන කෝවිලෙන් පිටවී යෑමට උත්සහ කළ අවස්ථාවේදී, තෙරැුපීම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
![]() |
තෙරුපීම සිදුවුණු පාලම |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී
රන්ජනී Tuesday, 15 October 2013 01:02 PM
නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා..., (ස)
සමන් Wednesday, 16 October 2013 08:14 PM
1984 ලංකාවට ආපු වෙලාවේ අපේ ස්වාමින් වහන්සේලා දෙනමක් ඔහුව ඉහලින් වර්නනාකලා මතක නද්ද?
මීණා Wednesday, 16 October 2013 07:37 PM
මෝඩ කතා කියන්න එපා මරණය වලක්වන්න කාටවත් බැහැ (අ)
උපාලි Wednesday, 16 October 2013 02:29 PM
සත්‍යයා, සෑම ආගමක්ම වාගේ (සියල්ලම නෙමෙයි) අහිංසාව පදනම් කරගෙන තියෙන්නේ. මිනිසුන්ට අධ්‍යාත්මික ගුණ වගාවකට ඒ සියලුම ආගම් උදව් වෙනවා. දැන් ලෝකයේ "ඇතීස්ට්" හෙවත් අදේව වාදීන් කොටසක් ඉන්නවා. ඔවුන් කියා පාන්නේ ඕමාර් ඛය්යාම්ගේ දර්ශනය හරි කියලා. නමුත් ඒකෙන් වෙන්න පුළුවන් දුර් විපාක ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා ආගම් මනුෂ්‍යයාගේ යහපතට හේතු වුනේ නැහැ කීමත් මිනිසුන් අඳුරට තල්ලු කිරීමක් කීමත් කරුණු නොදැන කරන හිස් ප්රලාපයක් විතරයි. (ස)
සත්‍යයා Wednesday, 16 October 2013 08:02 AM
පොඩි කුමාරි හාමිනේ, ඕනෑම ආගමක් අදහන්න මිනිසුන්ට නිදහස තිබෙන එක ඇත්ත. ඒ වුණාට ඔය කියන "ආගම්" මිනිසාගේ යහපතට බිහිවුණ දේවල් ද, නැත්නම් මිනිසුන් එන්න එන්නම අඳුරු අගාධ වලට තල්ලු කරන මායාකාරී චින්තනයක්ද කියලා හිතලා බැලුවා නම් හොදයි (නි)
ලලිත් Wednesday, 16 October 2013 04:20 AM
ඕවාට විහිළු තහළු කරලා වැඩක් නැහැ. ලංකාවෙත් ඔයවගේම තමයි. දහදෙනෙක් මගීන් ඉන්නා තැනකට හිස් බස් එකක් ඇවිල්ලා නැවැත්තුවොත් බලන්න පුළුවන් පෙරළාගෙන නගින විදිය. බස් එකේ සිට් 40 ක් ම තිබුණත් දොර කඩාගෙන නැග ගන්න හදන්නේ? (නි)
සුසන්ත - ඉතාලිය Wednesday, 16 October 2013 01:27 AM
දේව ප්රාතිහාර්යක් පාලා හරි මේ නස්පැත්තිය දුර්ගාට වළකාලන්නට නොහැකිවුණේ මන්ද? (නි)
බළංගොඩ Tuesday, 15 October 2013 07:06 PM
බුද්ධාගම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් අහගන්න දෙවියෝ කියන්නේ මොන වගෙ. අයද කියලා ඒ අයට මේ පොලමේ හිට ගන්නත් බැහැ ගිලෙනවා ඒ තරමි ඒ අය සිනිදුයි හරියට හිටියොත් දෙවියොයි අපිට වදින්නේ මොකද බුද්ධ චරිතය දිහා බලපුවාම ඒ බවට ඔනෑ කරමි සාක්ෂි තියෙනවා ටිකක් හිතන්න ඔය කියන තරමි ඒ අය බලවත් නැහැ ඔය තත්වය මවලා තියෙන්නනේ (අ)
මුතුවහන්දී රංජිත් Tuesday, 15 October 2013 02:54 PM
මේ දෙවියන් යදින අවිචාර මිනිසුන් හා අපේ කතරගම වඳින්න යන අවිචාර මිනිසුන් අතර කිසිම වෙනසක් නෑ. අසරණ මිනිසුන්ට බොල් පිළිමයකින් කවර නම් පිළිසරණක්ද ,,,??? මේ අයට කවදා තේරේවිද මේ නොපෙනෙන දෙවියා යක්ෂයෙක් කියා . (ස)
මර්වින් Tuesday, 15 October 2013 02:09 PM
මෝඩ මිනිසුන්, වෙන මැරෙන්න ක්‍රමයක් නැතිව වගේ. (ස)
සරත් Tuesday, 15 October 2013 10:09 AM
කලි යුගයේ දෙවියෝ මිනිස්සු අමනුස්සයෝ වෙලා. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. (ස)
ආසිරි Tuesday, 15 October 2013 12:33 PM
දුර්ගා දේව මෑණියෝ මෙයාලව බේරා ගත්තේ නැත්තේ ඇයි?? ලෝකේ ඉන්න අනෙක් මෝඩයෝ ටිකවත් මේක බලල හැදෙන්න. (ස)
නන්ද Tuesday, 15 October 2013 12:12 PM
මේ ගොල්ලන්ගෙ මානව හිමිකම් කැඩෙන්නේ නැත්ද ...... (ස)
මාටින් Tuesday, 15 October 2013 11:54 AM
අනේ මෙහෙමත් ගොන් මිනිස්සු. (ස)
උපාලි Tuesday, 15 October 2013 11:42 AM
මොලවල් වල තරම පේනවා. නොපෙනෙන දෙවියෝ වදින්න යන්නේ. පෙනෙන මිනිස් ජිවිත ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවේ තරම තේරෙනවානේ . විසි එක් වන සියවසේ අරුම පුදුම පරණ මිනිස්සු. (ස)
රාසිං Tuesday, 15 October 2013 11:25 AM
එහෙම කියන්න එපා රේමා අපේ සල්ලි තියන හරක් අර අහවලාගේ කීමට කතරගම ගියා වගේ තමයි... (ස)
කුමාරි Tuesday, 15 October 2013 11:21 AM
ඕනෑම ආගමක් අදහන්න ලොව ඕනෑම මිනිසෙකුට අයිතියක් තිබෙනවා.හැබැයි අන්තවාදී නොවිය යුතුයි.දුර දිග නොබලා කරපු කතාවට දැන් ඒ අය මුළු ජිවිත කාලෙන්ම වන්දි ගෙවයි. (ස)
රේමා Tuesday, 15 October 2013 10:58 AM
දුර්ගා දේව මෑණියෝ නැති වුන පවුල් වලට කන්ඩ අදින්ඩ අරගෙන දේවි. විසි එක් වන සියවසේ මෝඩ මිනිස්සු. (ස)
අමිල Tuesday, 15 October 2013 10:48 AM
කාලි දේව මැණියන් මේ අහිංසක වන්දනා බැතිමතුන් බේරා ගත්තේ නෙත්තෙ මොකද.පව් අහිංසක මිනිස්සු.ලෝකයේ තියන සත්‍ය හැමටම වැටහේවා. (ස)