ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ඊයේ (14) අලූයම හැටිහැටියේ පුපුරා යෑමෙන් ඒ තුළ සිටි නාවික භටයෝ 18 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
පුපුරා ගියේ අයි.එන්.එස්. සිංදුරක්ෂාක් නමැති සබ්මැරීනයයි. එය රුසියාවේ නිෂ්පාදිත ඞීසල් බලැති සබ්මැරීනයකි.
අයි.එන්.එස්. සිංදුරක්ෂාක් පුපුරා ගියේ, එය රුසියාවට යවා අලූත්වැඩියා කර යළි ගෙන්වීමෙන් පසුව යැයි අනතුරින් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් නාවික හමුදා ප‍්‍රකාශක නරේන්ද්‍ර කුමාර් පැවැසීය. සබ්මැරීනය පුපුරා යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත.
පිපිරීමෙන් පසු සබ්මැරීනය තටාකාංගණය අසල මුහුදු පතුළේ ගිලී ගියේය.
විපතට පත්වූවන් සොයා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කළේ ඉන්පසුවය. 2010 වසරේ දී ගින්නක් හටගත්තේ ද අයි.එන්.එස්. සිංදුරක්ෂාක් සබ්මැරීනයේය. එම අවස්ථාවේදී සබ්මැරීනය දකුණු ඉන්දියාවේ විසාකාපට්නම් නැව් තොටට පැමිණ තිබුණි.
ගින්නට හසුවීමෙන් 24 හැවිරිදි නාවික භටයෙක් ජීවිතක්ෂයට පත්වූයේය. තවත් දෙදෙනෙක් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූහ. සබ්මැරීනය යළි රුසියාවට යවා අලූත්වැඩියා කිරීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගත්තේ ඉන් පසුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය සබ්මැරීනයක් පිපිරී නාවික භටයෝ 18 ක් මරුට
ලුම්බිණි Thursday, 15 August 2013 10:22 AM
රුසියාවේ වැඩ ගැන කුමන කතාද? (ස)
ධම්ම Thursday, 15 August 2013 10:37 AM
සබ්මැරීනය හදලා තියෙන්නෙ වෙල්ලමුල්ලිවෛක්කාල් ද දන්නැහැ. (ස)
ජයන් Thursday, 15 August 2013 11:49 AM
ඉන්දියාවට සබ්මැරීන් එකක්වත් පාලනය කරගන්නවත් බැරිද? (ස)
ලීල් ගුණවර්ධන Thursday, 15 August 2013 01:03 PM
ඉන්දියාවට මොකටද සබ්මැරින් ලෝක යුද්දෙකට සහභාගී වන්නටද. (අ)
කුමාර Thursday, 15 August 2013 01:10 PM
හොඳ වැඩේ, ළඟ ඉන්න චීනයට පාට් දාලා රුසියාවේ වලිගෙ අල්ලනවට.කොහොම උනත්,අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (ස)
නිරෝෂණ Thursday, 15 August 2013 04:28 PM
ඉන්දීය නාවික හමුදාව සතුව දැනට නිල වශයෙන් සබ්මැරින් 35 පවතිනවා (දී)
ඇන්ටන් Thursday, 15 August 2013 11:38 PM
අනේ අපිටත් ගමුකො සබ්මැරීනයක්... ඉක්මනටම ගන්න ඕනෑ (නි)