ඉබෝලා මර්දනය හා ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමට වෛද්‍යවරුන් හා හෙදියන්ගෙන් සැදි කණ්ඩායමක් ඉන්දියාවට යැවීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියයි.
වසංගත රෝග නිවාරණ අංශයේ පැවති හමුවකදී රජයේද අනුමැතිය ඇතිව මේ තීරණයට එළඹුනු බව ඔහු පවසයි.
අපි‍්‍රකාවේ වසංගත තත්ත්වයක් තරමට වර්ධනය වී ඇති ඉබෝලා යුරෝපය මෙන්ම ඇමරිකාව වැනි රටවලටද ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙන හෙයින් අපි‍්‍රකාව හා ශී‍්‍රලංකාව අතර වැඩි සම්බන්ධයක් නොමැති වුවද පැය 24 පුරාම සූදානමින් සිටීම වැදගත් බව ඔහුගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන අතර එයට අනුව කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතුල්වන සංචාරකයින් ඉබෝලා වැළදී ඇත්දැයි සොයාබැලීම සදහා වන විශේෂ පරීක්ෂණයකට යොමු කරවීමටද නියමිතව ඇත.
හදිසියේවත් ඉබෝලා රෝගියෙකු හමුවුවහොත් ඔහුව හෝ ඇයව වහාම අංගොඩ උණ රෝහලට යැවීමට කටයුතු සළස්වා තිබෙන බවත් එහිදී විශේෂයෙන් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් හා හෙදියන් කණ්ඩායමක් රෝගියා පිළිඹද සොයාබලනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉබෝලා පුහුණුවට පිරිසක් ඉන්දියාවට
විද්‍යා Thursday, 06 November 2014 07:35 PM
කල්කටාවේ මාසයක් ඉඳලා ගාන්ජි කියන ගඟේ දෙසැරයක් ගිලිලා බේරිලා අවොත් මොන ලෙඩක්වත් හැදෙන්නේ නැහැ කියලා කතාවක් තිබෙනවා (නි)
ටෙක්ලා Friday, 07 November 2014 12:45 AM
මොනවා වුණත් පෙර සූදානම බොහොම වැදගත් (නි)
ජෙහාන් Friday, 07 November 2014 05:04 AM
ගිහිල්ල ඊළඟට ඒකත් එක්කම ආපහු නොඑන්න වග බල ගන්නවා නම් හොඳයි. අපිට වෙන්නේ එහෙම දේවල් නේ. (දිල්)
නිශාන්ත Friday, 07 November 2014 09:50 AM
ඩෙංගු මර්ධනයට කියුබාවේ ගියා වගේ තියේවිද මන්දා?(හේ)
ඉසුරන්දි Saturday, 08 November 2014 12:14 PM
කන්ඩ නැතුව මැරුණත් සැපයි ඔය දහා ජරා ලෙඩේනම් ගෙන්න එපා කියන්න ලංකාවට.දුක්විදල නම් මැරෙන්න බැහැ අපිට තවත්.(අ)
පිටිගල මිලානෝ Sunday, 09 November 2014 11:10 AM
අපේ අය රෝග නිවාරණයට පුහුණු වෙන්න පිට රට ගියාම මොන කුණු ලෙඩ හදාගෙන අපහු එයිද දන්නේ නැහැ. දන්නවනේ අපේ අයගේ හැටි.(හේ)
කබ්රාල් මිලානෝ Sunday, 09 November 2014 04:12 PM
පිටිගල අනිත් අයගේ කුණු ලෙඩ හොයන්න ඉස්සරවෙලා තමන්ගේ හදවතට ටිකක් තට්ටු කරගෙන බලන්න. නැත්නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අහගන්න තමන්ගේ කෙරුවාවල්. අපිත් මිලානෝනේ ඉන්නේ. අපි නොදන්නා පිටිගල. (නදී)