ඇමෙරිකානු හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන මිසයිල ප‍්‍රහාරවලට දැඩි ලෙස විරෝධය දක්වන පාකිස්තානයේ හිටපු නායකයකු මෙන්ම වත්මන් පාකිස්තාන දේශපාලනයේ ප‍්‍රබල දේශපාලන තරුවක ද වී සිටින ඉම්රාන් ඛාන්, පෙරේදා (27) කැනඩාවේ ටොරොන්ටෝ නුවර ගුවන් තොටුපොළේදී ඇමෙරිකානු ආගමන විගමන පරීක්ෂකවරුන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් වූයේය. එම අවස්ථාවේ ඉම්රාන් කාන් කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පියාසර කිරීමට ගුවන් යානයක අසුන් ගෙන සිටියේය. යානය පිටත් වීමට ඔන්න මෙන්න තිබියදී කල්තියා දැනුම් දීමක් නොකර ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඊට ගොඩ වී ඉම්රාන් ඛාන් යානයෙන් බස්සවා ඔහු ගුවන් තොටුපොළේ සිටි ඇමෙරිකානු ආගමන විගමන පරීක්ෂකවරුන්ට බාර දී ඇත. එම පරීක්ෂකවරුන් ඉම්රාන් ඛාන්ගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඇමෙරිකානු හමුදාව සිදු කරන ඩ්‍රෝන යානා ප‍්‍රහාර ගැනත් ඔහු ඊට එරෙහිව අදහස් පළ කිරීම ගැනත්ය. ඇමෙරිකානු හමුදාව අල් කයිඩා සහ තලේබාන් වැනි ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇෆ්ගන්/පකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදුකරන මෙහෙයුම්වලදී සිවිල් වැසියන් මියයෑමට ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරයි. මේ වනවිට කාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පාකිස්තානයේ ප‍්‍රබල දේශපාලනය පක්ෂයක් බවට පත්ව ඇත. තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකාව කරන ප‍්‍රහාරවලට ඛාන් විරෝධය පළ කළත් ඔහු තලේබාන් සංවිධානයේ ද ඉලක්කයක් වී ඇත. තලේබාන් සංවිධානය ඛාන්ගේ දේශපාලන ප‍්‍රතිපත්ති අනුමත නොකරන අතර ඔහු මරා දැමීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද එවන බවට තර්ජනය කර ඇත. මෙම මස ආරම්භයේ දී ඛාන් දහස් ගණනක් ඔහුගේ පක්ෂ ආධාරකරුවන් පිරිවරාගෙන පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල රිය පෙරහරකින් යමින් ඇමෙරිකා ඩ්‍රෝන යානාවලින් අහිංසක සිවිල් වැසියන් මියයෑමට එරෙහිව දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වීය. තලේබාන් සටන්කාමීන් එම රැලියට ද විරෝධය පළ කර සිටියේය. ඉම්රාන් ඛාන් තම නිලධාරීන් විසින් පැය කීපයක් රඳවාගෙන ප‍්‍රශ්න කළේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද සනාථ කර ඇත. කෙසේ නමුත් ගැටළු නිරාකරණය වීමෙන් පසු ඛාන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට අවසර ලැබුණු බව ද ඇමෙරිකාන රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකාවට පැමිණි ඔහුගේ පක්ෂය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉම්රාන් ඛාන් කැනඩා ගුවන්තොටේ හිර වෙයි