X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


ඉම්රාන් ඛාන් ලක්ෂ ගණනක් සමඟ රජයට එරෙහිව වීදි බසී

ඇමෙරිකාවට ගැති වාල්කම් නොකරන ලෙසත්, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට වහා ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායක ඉම්රාන් ඛාන් ලක්ෂයකට වැඩි පිරිසක් පිරිවරාගෙන පෙරේදා (30) ලාහෝර් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය. පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට පෙර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ රැලියකට මෙතරම් විශාල ජනකායක් සහභාගී නොවූ බවය. සංවිධායකයන් කියා සිටියේ 150,000 ක් රැුලියට සහභාගී වූ බවය. රැලියට සහභාගී වීමට පාකිස්තානයේ නන් දෙසින් බස්, ට‍්‍රක් රථ, වෑන් සහ ට‍්‍රැක්ටර්වලින් ද ජනතාව ඇදී ආ බව මාධ්‍ය වැඩි දුරටත් කියා සිටියි. රැලියට පැමිණි මහා ජනකාය පාලනය කිරීමට ලාහෝර් නුවර පොලිසිය සහ හමුදාව අසමත් වූ බවද වාර්තා වේ. රැලියට සහභාගී වූ පිරිස අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත්ය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය ඇමෙරිකාවේ පදේට නටන බවටත් ඉම්රාන් ඛාන් චෝදනා කළ අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනපති සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු බවය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. රැස්ව සිටි පිරිස ඊට ප‍්‍රතිචාර දක්වමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූ අතර ඔවුන් එක හඬින් කෑ ගසන්න වූයේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන්, කියාය. පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇමෙරිකාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැළි පවත්වා තිබේ. ඉම්රාන් ඛාන්, පෙරේදා (30) පැවැති රැළියේ දී ඇමෙරිකා රජයෙන් ද ඉල්ලීමක් කළේය. පාකිස්තානය ඇමෙරිකාවේ වාලකු නොවන බවත් පාකිස්තානයේ ස්වෛරීත්වයට ගරු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය. පාකිස්තානය තම වාලකු ලෙස ඇමෙරිකාව සලකන්නේ නම් පාකිස්තානය ඇමෙරිකාව සමඟ ඇති සියලූම මිතුදම් නැවැත්විය යුතු බව ද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය. ඉම්රාන් ඛාන් ලාහෝර් රැලියට සහභාගිවූ පිරිස



අදහස් (0)

ඉම්රාන් ඛාන් ලක්ෂ ගණනක් සමඟ රජයට එරෙහිව වීදි බසී

anusha prasad Wednesday, 02 November 2011 09:49 PM

හරි හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site