X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඉරාක අධිකරණ අමත්‍යාංශයට ප‍්‍රබල ප‍්‍රහාරයක්: 24 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අධිකරණ අමත්‍යාංශ ගොඩනැගිල්ලට පෙරේදා (14) සටන්කාමීන් එල්ල කළ ඉතා සැලැසුම්සහගත ප‍්‍රහාරයකින් පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 58 කි.
බැග්ඩෑඞ්නුවර අධි ආරක්ෂක කලාපයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලට සටන්කාමීන් කඩා වැදුණේ පොලිස් නිල ඇඳුමින් සැරසී යැයි ආරක්ෂක අංශ පවසයි. 
ඔවුන් පළමුවෙන්ම ගොඩනැගිල්ල ඉදිරිපිට පාරේ කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇත. ඉන්පසු මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගොඩනැගිල්ලට කඩා වැදී බෝම්බය පුපුරුවා ගෙන ඇත.
හටගත් කලබලය මැද සෙසු සටන්කාමීන් ගොඩනැගිල්ලට ඇතුළු වී අත් බෝම්බවලින් පහර දෙමින් වෙඩි තැබුවේ යැයි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
සටන්කාමීන් ගොඩනැගිල්ලට ඇතුළු වූ අවස්ථාවේදී ඉරාක හමුදාවත් පොලිසියත් වහා කි‍්‍රයාත්මක වී ගොඩනැගිල්ල වටකොට ඔවුන්ට පහර දීමට පටන් ගෙන ඇත. දෙපිරිස අතර පැය කිහිපයක් වෙඩි හුවමාරු පැවැති බව ද වාර්තා වේ.
ඉරාක මාධ්‍ය වාර්තා පවසන්නේ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් සටන්කාමීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ එය ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ කුරිරු කි‍්‍රයාවක් කියාය. ඉස්ලාමීය රාජ්‍යයක් වන ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ එම අල් කයිඩා සාමාජිකයෝය.
ඉරාක යුද්ධය අවසන් කර ඇමෙරිකා හමුදා ඉරානයෙන් පිටවී ගොස් වසරක පමණ කාලයක් ගත වී ඇතත් රටේ සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බව ඉරාක රජය පවසයි.
ඉරාකයේ ආගමික සහ වාර්ගික ගැටුම් ද උත්සන්න වෙමින් පවතින අතර රට මුළුමනින්ම අස්ථාවර වී ඇත.



අදහස් (0)

ඉරාක අධිකරණ අමත්‍යාංශයට ප‍්‍රබල ප‍්‍රහාරයක්: 24 ක් මරුට

ලාල් Saturday, 16 March 2013 10:51 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රුවන් Sunday, 17 March 2013 07:07 AM

ත්‍රස්ත්‍රවාදීන් කන්නෙත් හරාම් කරපුවාද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිමල් Sunday, 17 March 2013 05:33 PM

මිනිස්සු නේද මේ මැරෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site