X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඉරාක රූ රැජිණට අයිඑස් හිත යයි

ඉරාකය පසුගියදා එරටදී පැවැත්වූ මුල්ම රූ රැජිණ තේරීමේ තරගයෙන් පසු එහි ජය හිමිකරගත් 20 හැවිරිදි ෂයිමා කසීම් අබ්දුල්රහුමාන් ට අයිඑස් ත්‍රස්තවාදීන් දුරකථන ඇමතුමක් ලබාදී තම සංවිධානයට එකතුවන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

අයිඑස් ත්‍රස්ත නායකයා ඇය ලිංගික වහල්කමට ගැනීමට බලාපොරොත්තුවන බව එම දුරකථන පණිවිඩයෙන් දන්වා ඇතැයි කියති.

ඉරාක කාන්තාව පිරිමි අය මෙන්ම දක්ෂ හා හැකියාවෙන් යුතු අය බව ඇය පැවසූ අතර කිරුළ හිමිකරගැනීමෙන් ලත් ජනප්‍රියත්වය රටට සහ ජනතාවට සේවයක් කිරීමට යොදා ගන්නා බව ඇය පවසා තිබිණි.

 



අදහස් (0)

ඉරාක රූ රැජිණට අයිඑස් හිත යයි

විජිත් Sunday, 27 December 2015 07:28 PM

...දැනට සති 2 ට විතර කලින් මම කිවාසේම ...මේ සුන්දර ලඳ ගින්දර සමගයි සෙල්ලම් කරන්නේ...(ස)

:       0       0

ඉසුරන්දි Monday, 28 December 2015 04:38 AM

මේ තරුණියගේ ජීවිතය අනතුරේ බව මට සිතේ (නි)

:       0       0

සහන් Monday, 28 December 2015 04:56 AM

නිවටයන් සේ ජීවත් වීමට වඩා මිය යාම වඩා වැටී (ම)

:       0       0

අමාන් Monday, 28 December 2015 05:35 AM

ලංකාවේ කී දෙනෙක් දැනටමත් අයි එස් සංවිධානෙට බැඳිලද? අපේ දරුවන්ගේ අනාගතෙත් මේ වගේ වෙයි කියල බයක් නැද්ද? (කෞ)

:       0       0

අශෝක ‍ Monday, 28 December 2015 06:05 AM

දැනට ලංකාවේ 45 දෙනෙක් ගිහින් කියලා පත්තරේ තිබෙනවා. මේ අය ගැන දන්නවා නම් ළඟම පොලිසියට කියන්න. දෙවියන්ගේ නාමෙට මෙරට ලේ විලක් කරන්න දෙන්න එපා. ඒක හැම රටවැසියෙකුගේම යුතුකමක්. (නි)

:       0       0

ඉන්දික Monday, 28 December 2015 06:24 AM

ඔය කියන හැටියට අයි එස් නායකයා ලිංගික අවපීඩනයෙන් පෙළෙන්නෙක් යැයි සිතේ. වහාම එයට මානසික ප්‍රතිකාර දියයුතුය. නැත්නම් ඔහු අවට සිටින්නන්ද මෙම තත්වයෙන් පීඩාවිඳිනු ඇත. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 28 December 2015 06:33 AM

අසෝක, ඔබ කියන්න වගේ මේ රට ලේ විලක් කරන්න දෙන්න බැහැ. දැන්වත් දෙයියනේ කියලා තව වැඩිපුර සිංහල දරුවන් බිහිකරලා අපේ ජාතිය අපි රැකගනිමු. (නි)

:       0       0

සොපි Monday, 28 December 2015 09:37 AM

ලෝක බලවතුන් කිය කියා පම්පෝරි ගහන රටවල් වලට තාම බැරිවුනානේ මේ අයව මට්ටු කරන්න . (ර)

:       0       0

අසාද් Monday, 28 December 2015 11:43 AM

කසුන් සිංහල දරුවන් කොහොමත් බිහිවෙනවා.ශ්‍රිලංකාවේ ඉපදේවා සෑම දරුවෙකුම සිංහල දරුවන් තමයි.ඒ දරුවන් කුමන ආගමක් නියෝජනය කලත් ඒ සෑම දරුවෙකුම ජාතියෙන් සිංහල දරුවන් තමයි.වෙන්න ඕනේ දරුවන් බිහිවීම නෙවෙයි බිහිවෙන දරුවන් සමාජයට හිතවාදී අදහස් දරන සදාචාරාත්මක හැදියාවක් ඇතිව හැදීමයි. (අ)

:       0       0

ෆාරා Monday, 28 December 2015 12:52 PM

තමන්ගේ ලස්සන මොකටද ලෝකෙට පෙන්නන්නේ. එකට තමයි කියන්නේ වහගන්න කියලා. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි. මේ වගේ ප්‍රශ්න වලට කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ. ඒවාට විසදුම් ලැබෙන්නෙත් නෑ. ස්වයං ආරක්ෂාව තමයි වැදගත්ම දේ. ශරීරය ආවරණය පරිදි ඇඳුම් ඇඳීම ඉතාමත් වැදගත්. එය අතීතයේදීත් කාන්තාව ආරක්ෂා කරා. එය වර්තමානයටත් ගැලපෙනවා. අනාගතයේදීත් නිසි විසදුමක් වේවි. (ර)

:       0       0

ඉන්දික Monday, 28 December 2015 02:02 PM

ෆාර තාම ගල් යුගයේද ? මනුෂත්වය ගල් යුගයෙන් එහාට පරිණාමය වියයුතුයි. මිනිසුන් වනසතුන් වගේ නොවී, සුන්දරත්වය විනාස නොකර එය විදීමට අද්‍යාත්මිකව පරිණාමය විය යුතුයි. ඒවගේම මානසික රෝගීන්ට පිළිසරණ වියයුතුයි. ඔවුන්ගේ රෝගී තත්ත්ව වලින් ගොඩ ඒමට. එහෙම නැතුව අතිසාරේට අමුඩේ ගැහුව වගේ තාවකාලික විසදුම් හරියන්නේ නැහැ. බලන්න අරාබි රටවල කාන්තාවන්ට ඇතිවෙලා තියන තත්වය. පිරිමියෙක් නැතුව තනිවම ගමනක් වත් යන්න බැහැ. (අ)

:       0       0

ටියුඩර් Monday, 28 December 2015 02:22 PM

යන නොයන එක එයාගේ වැඩක් (නි)

:       0       0

සම්පත් - ඩුබායි Monday, 28 December 2015 02:55 PM

ෆාරා ඔය ගෝනි බිල්ලෙක් වගේ ඇදන් ගියාට මිනිසාගේ මනස සංවර කරගන්නකම් කිසි දේකින් ගැලවීමක් නැහැ. ඔය කියන විදියට මුස්ලිම් රටවල්වල ස්ත්‍රී දුෂණ සිදුවෙන්න විදියක් නැහැනේ. එ්ත් අපි දන්නවා මනස සංවර නැති උන්ගේ වැඩ (බ)

:       0       0

යශෝද් Monday, 28 December 2015 07:12 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චුල Tuesday, 29 December 2015 02:17 AM

අසාද්, ඔබගේ අදහසට මම ගරුකරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site