ඉරාකයේ බැග්ඩෑඞ් නුවර හමුදා කඳවුරකට ඊයේ (23) උදෑසන කඩා වැදුණු අල් කයිඩා සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරවලින් ඉරාක සෙබළු 107 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 74 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි බලාද් හමුදා කඳවුරටය. සටන්කාමීන් හිටිහැටියේ කඳවුර වටළමින් ඊට කඩා වැදී පහර දුන්නේ ආරක්ෂාවට සිටි සෙබළුන්ට අත් බෝම්බවලින් දමා ගසමින්ය. එය ඉතා සැලැසුම් සහගතව සිදු කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාර එල්ල කොට පැය කීපයක් ගත වෙද්දී අල් කයිඩා සංවිධානය එහි වගකීම භාර ගත් බව ද වාර්තා විය. මේ අතර පෙරේදා (22) ද ඉරාකයේ නගර කිහිපයක බෝම්බ පිපිරීම් සිදුවිය. එයින් පුද්ගලයෝ 20 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාර සිදු කළේ ද අල් කයිඩා සටන්කාමීන්ය. එම බෝම්බ පුපුරා ගියේ මොසෝල්, රමාදි, මමුඩියා, මඬේන් සහ නජාෆ් යන නගරවලය. මමුඩියා නගරයේ කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර ඊට 11 දෙනෙක් බිලි වූහ. 38 දෙනෙක් තුවාල ලැබූහ. මමුඩියා නගරය පිහිටා ඇත්තේ බැග්ඩෑඞ් අගනුවර සිට කිලෝ මීටර් 30 ක් දුරිනි. ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ මුස්ලිම් රාමදාන් මාසය ආරම්භයත් සමඟය. ඉරාක යුද්ධය නිමවී රටේ ආරක්ෂාව ඉරාක හමුදාවට සහ පොලිසියට බාර දී ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා නික්ම යෑමෙන් පසුව ද අල් කයිඩා සංවිධානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබේ. පසුගිය මාසයේ පමණක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 237 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණණ 603 කි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් 107 ක් මරුට
මදූ Tuesday, 24 July 2012 12:32 PM
හොඳයි.... (ස)
මොහාන් Tuesday, 24 July 2012 04:14 PM
මොකද්ද හොඳ? සම්පූර්ණ වගකීම ඇමෙරිකාව විසින් ගත යුතුයි. (නි)
ප්‍රසන්න Wednesday, 25 July 2012 09:50 AM
මුස්ලිම්වරුන් භංග වේවා! (නි)
ජාවිඩ් Wednesday, 25 July 2012 02:06 PM
නියමයි! 'ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ මුස්ලිම් රාමදාන් මාසය ආරම්භයත් සමඟය'. එහෙනම් ඇමෙරිකානුවන්ගේ සැළසුමට අනුව අපේ කට්ටියත් වැඩ කරනවා වගෙයි. (නි)
අහමඩ් Wednesday, 25 July 2012 07:29 PM
හීනෙන් තමයි ඉතිං. (නි)
චානක Wednesday, 25 July 2012 08:22 PM
එතකොට අපිට මොකද වෙන්නේ? (නි)
අහමඩ් Thursday, 26 July 2012 02:31 PM
මම හිතන්නෙ ප්‍රසන්නට මොනවා හරි අසාධාරණයක් වෙලා ඇති. ඒකයි මෙහෙම කියවන්නේ. (අ)