X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉරාකයට ගුවන් ප්‍රහාර

ඇමෙරිකාව ඉරාකයේ අයි.එස්. සටන්කාමීන් ඉලක්කකැර ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ නියමුවන් රහිත ප්‍රහාරක යානා සහ නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මේ ප්‍රහාර එල්ලකළ බවයි.

ඉරාකයේ කුර්දි නගරයක්වන ඉර්බිල් නගරය ඔවුන්ගේ ඉලක්කය වී ඇත. අයි.එස්. සටන්කාමීන් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටියි.

විදෙස් මාධ්‍ය පවසන්නේ අයි.එස් සටන්කාමීන් ඉරාකයේ විශාලතම වේල්ල ආශ්‍රිත ප්‍රදේශය ද අත්පත්කැරගෙන ඇති බවයි. ඔවුන් සිය බලය ව්‍යාපත් කිරීමත් සමග ඉරාකයේ සුළුතර ජනතාව තම වාසභූමි හැරදමා ගොස් ඇත.

2011 වර්ෂයේ දී ඇමෙරිකාව සිය හමුදා ඉවත්කර ගැනීමෙන් පසු ඇමෙරිකාව ඉරාකයේ මෙහෙයුම් සඳහා සෘජුව දායක වූයේ නැත.

america (3) america (2)

 



අදහස් (0)

ඉරාකයට ගුවන් ප්‍රහාර

මලිත් Sunday, 10 August 2014 04:55 AM

මට නම් හිතෙන්නේ කලින් ඇමරිකාවේ හිටිය ජනාධිපතිවරුන්ට වඩා මිස්ටර් ඔබාමා මානුෂික ගති තියෙන,ඉවසීමෙන් වැඩකරන, බුද්ධිමත්, හොඳ නායකයෙක් කියලයි. දුප්පත් පැලක ඉපදිලා ජීවිතය ජයගත් කෙනෙක් එතුමා. අඩුපාඩුත් නැතුවම නෙමෙයි. වැඩ අතින් අපේ ජනාධිපතිතුමාටත් සමාන කරන්න පුළුවන්. (නදී)

:       0       0

රෝහණ Monday, 11 August 2014 03:07 AM

ප්‍රේමතිලක, ඔබ හරියට කරුණු දැනගෙන නෙමෙයි අදහස් දක්වා තියෙන්නේ. ඇමරිකාව වගේම මේ ත්‍රස්තවාදීන් ලෝකයේ සාමයට තර්ජනයක්. අයි.එස් ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම වෙලා තියෙන්නේ ලෝකයම අත්පත් කරගෙන ෂරියා නීතිය ක්‍රියාත්මක වන රාජ්‍යයක් පිහිටුවන්න. ඔවුන් එවැනි රාජ්‍යයක සිතියමක් පවා මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 10 August 2014 08:32 AM

ඇමෙරිකාව කරන හැම ක්‍රියාවක්ම නිවැරිදි නොවුනත් මේ ප්‍රහාර සාධාරණයි. ඔවුන්ට අනිවාර්යයෙන් පහර දිය යුතුයි. ඔවුන් ආගමේ නාමෙන් අමු අමුවේ මිනි මරණ ම්ලේච්ච ත්‍රස්තවාදීන් පිරිසක්. ලෝකයේ ත්‍රස්තවාදය ඇතිකරවන්නෙත් එ්ක පාලනය කරවන්නෙත් අවසානයේ එ්කෙන් පහර කන්නෙත් අමෙරිකාවම තමයි. එයාල ඒ ගනු දෙනු බේර ගත්තදෙන්. (නදී)

:       0       0

ප්‍රේමතිලක Sunday, 10 August 2014 08:16 AM

මෙතන ඇත්ත තත්වයට වඩා ඇමරිකන් බොරුව වැඩි බවයි මට පේන්නේ. හරියට අපේ රටට එල්ල කල චැනල් 4 නාඩගම වගේ (නදී)

:       0       0

වරුණ Sunday, 10 August 2014 07:23 AM

මොනවා වුණත් සාමයයි රටකට වැදගත් (නි)

:       0       0

රාවන් Sunday, 10 August 2014 07:21 AM

අනාගතයේදී ලෝකයම අල්ලන්න වෙන්න ඇති සැළසුම. තණ්හාව තමයි ඉතින්. (නි)

:       0       0

අරවින්ද Sunday, 10 August 2014 06:52 AM

ඇමරිකාව ගෙනයන වැඩපිළිවෙල හරි. ත්‍රස්තවාදය නැති කල යුතුයි. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් කතෝලික හා ඔවුන් අකමැති සියලු අය ලොරි වලින් ගෙනත් ඔලුවට වෙඩි තියල මරනවා. කතෝලිකයන්ට බලෙන් ආගම කියවල බෙල්ල කපන්නේ. මරණ බයට කිව්වත් එ්ත් මරනවා. අන්තර්ජාලයේ ඔක්කොම තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අයි එස් ත්‍රස්තවාදීන්ට අායුද දුන්නෙත් දෙන්නෙත් ඇමරිකාව තමා. ඒ සිරියාවට ගහන්න. එ්කේ අරමුණ රුසියාව පක්ෂපාති නිසා. සිරියාව අල්ලගත්තා නම් රුසියානු කදවුර දාලා යන්න වෙනවා. එතනින් පටන්ගන්නවා ඉරානයට ගහන්න. නමුත් ඇමරිකාව මේ ගහන්නේ අරමුණු 2 වෙනුවෙන්.1-කතෝලිකයන්ට ගහන නිසා. 2-ඉරාකය හරහා ඊශ්‍රයාලයට එයි කියලා. (නදී)

:       0       0

චමීර Sunday, 10 August 2014 06:44 AM

පිල්ලේ,තද නින්දේ........ (නි)

:       0       0

රොෂාන් Sunday, 10 August 2014 05:58 AM

200 කට වෑඩි පිරිසක් පෝලිමට තියලා වෙඩි තියපු කෑරලි කරුවන්ට ගහන්නම ඕනේ. පිට රටක ඉන්නවා නම් ඕවා දකින්න පුලුවන්. මේ විදියට දිගටම ගියොත් මුලු ලෝකෙම අයි එස් ලා අල්ලාගනීවි එදාට ඈමරිකාවට දොස් කියයි. ඔය බනින උදවිය මොනවත්ම කලේ නෑහෑ කියලා (නදී)

:       0       0

ගුණසිංහ Saturday, 09 August 2014 05:18 PM

අහිංසක මිනිස්සු මැරෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 04:49 AM

ඇමරිකාව කරන දේවල් බොහොමයක්ම නිවැරදියි කියන්න බෑ.අතීතයේ කරපු දේවලුත් දැන් වැඩක් නෑ. ඒත් මේ ත්‍රස්තවාදය පාලනය කරන්නනම් ඕන. (නදී)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 11:11 PM

මීට කලින් ඉරාකයේ යුද්ධය පිළිබඳව පළවූ ප්‍රවෘත්තියකට, මම දැමූ අදහසකට එක්කෙනෙක් මෙතන සමච්චලයට වගේ මගෙන් ඇහුවා " සදාම් හුසේන් මැරුවට ඇඩෙනවද " කියලා......මම එයාට කියන්න කැමතියි, " එක මිනිහෙක් මරන්න පටන්ගත් යුද්ධයක් නිසා, අහිංසක මිනිස්සු මිලියන ගානක් මියගිය එකටත්,ඉදිරියට තව මැරෙන්න ඉන්න එකටත් මට ඇඩෙනවා" කියලා...... (නි)

:       0       0

සෑම් Saturday, 09 August 2014 11:01 PM

සදාම් හුසේන් කියන්නේ හොඳ කෙනේක කියලා මම කියන්නෙ නැහැ. නමුත් ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරලා සදාම්ව එළෙව්වේ එයා ඇමරිකානු ඩොලර් වලින් පමණක් කළයුතු තෙල් විකිණීම වෙනත් මුදල් වලිනුත් විශාල වශයෙන් කිරීමට පෙළඹුන නිසයි. දිගින් දිගටම එහෙම ගියානම් ඇමරිකාව බංකොලොත් වෙනවා. මොකද ලෝකයේ සංසරණය වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවෙනකොට ඒ මුදල් නැවත පැමිණෙන්නේ ඇමරිකාවටයි, එතකොට ඒ මුදල් වලට භාණ්ඩ, සේවාවන් හෝ භාණ්ඩාගාරයෙන් රන් දෙන්න වුණොත් ඇමරිකාව ඉවරයි (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 09 August 2014 08:40 PM

ලෝක පොලිස්කාරයා ඇමරිකාව නිසා ඔවුන් කරන සෑම දෙයක්ම සාධාරනීකරනය කරන්න බටහිර ලෝකයත්, සමහර රටවලුත් ඉන්නවා. මෙම දෙයම වෙනත් රටක් කළොත් ඒක අනුන්ගේ රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමක්, මානව හිමිකම් කඩකිරීමක් වෙනවා . (නි)

:       0       0

ගාමිණී - සිරි Saturday, 09 August 2014 05:18 PM

බින් ලාඩන්ට ගහපු ගැහිල්ල කමක් නැහැ කියමුකෝ.මානව හිමිකම් ගැන ලෝකෙට ප්‍රකාශ කරමින් ,කරන මේ ප්‍රහාර සිවිල් ජනතාවට බලවත් පීඩාවක් ගෙන දෙන්නක්.තමා තෙල් රටවල් කෙරෙහි දක්වන කෑදර කම කොතරම්ද කියා මුළු ලොවම දන්නවා.. (දී)

:       0       0

සිරිල් Saturday, 09 August 2014 05:18 PM

කෝ මානව හිමි කම් (දී)

:       0       0

ගුණරත්න Saturday, 09 August 2014 05:19 PM

මේ පිල්ලේ නෝනව දැක්කද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site