මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් රැස්ව සිටි ස්ථානයකට පෙරේදා(18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් විසිදෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 50 දෙනකු තුවාල ලබා ඇතැයි එරට හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. සිය මියගිය ඥාතීන් වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස එක්රැස්ව සිටි ෂියා මුස්ලිම්වරුන් පිරිසකට මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප‍්‍රහාරයට ලක් වූවන් අතර හමුදා ලූතිනන්වරයකු, පොලිස් නිලධාරීන් සිව් දෙනකු සහ ආරක්ෂක අංශ සාමාජිකයන් හත් දෙනකු සිටි බව ද වාර්තා වේ. ෂියා මුස්ලිම් නායකයකුවන සාමි අල් මසුඩි ගමන් ගත් රථ පෙළ ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බ පිපිරීයාමේ සිද්ධියයෙන් දිනකට පසුව මෙම ප‍්‍රහාරය එල්ලවී තිබේ. මෙයින් අල් මසුඩිගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇත. ඉකුත් සති කිහිපය තුළ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාර ගණනාවක් එල්ල විය. මෙම ප‍්‍රහාර සම්න්ධයෙන් අදහස් දැක්වූ අල් මසුඩි කියා සිටියේ ඉකුත් සතියේදී ෂියා ආගමික නායකයන් සිය අනුගාමිකයන්ට අන්තවාදී ගැටුම් ඇවිළවීමට උත්සාහ ගන්නා මනුෂ්‍යත්වයට එරෙහි සතුරන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස දන්වා තිබූ බවයි. ෂියා මුස්ලිම්වරුන් වෙත මෙසේ ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණ ඉරාකයේ ෂියාවරුන් පාලනය හොබවන ඉරාක රජය පෙරළීම බව මසුඩි වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාරයක්
නිසා Wednesday, 20 June 2012 03:06 PM
මෙයාල ගිය තැන ඉවරයි............