බටහිර ඉරාකයේ හමුදා කඳවුරකට අයත් බසයක අටවා තිබූ බෝම්බයක් ඊයේ (14) දහවල් පුපුරා යාම නිසා පුද්ගලයන් 15 දෙනකු මියගිය අතර 20 දෙනෙක් තුවාල ලැබූහ.බැග්ඩෑඩ් නගරයට කි.මී. 85ක් බටහිර දෙසට පිහිටි ෆලූජා නගරය අසල හබානියා හමුදා කඳුවුර තුළ සිදු වූ මෙම බෝම්බ පුපුරා යාම හේතුවෙන් එහි ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇතැයි හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.උදය වරුවේ පුහුණුව නිමවීමෙන් පසු දිවා ආහාරය සඳහා සෙබළු රැගත් බසය කඳවුරේ අවන්හලක් වෙත ළඟාවෙමින් තිබියදී බෝම්බය පුපුරා ගිය බව එම නිලධාරියා තව දුරටත් පැවසීය.තවත් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අඩු තරමින් 25වත් තුවාල ලබා ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියා සිටී.පාකිස්තානයේ, අල්හම්සා නගරයේ, අවන්හලක් හා සාප්පු සංකීර්ණයක් ඉදිරියේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.ඇමෙරිකාව ප‍්‍රමුඛ හමුදා ඉරාකය අත්කර ගෙන වසර නවයකට වැඩි කාලයක් ගතවී ඇති අතර, ඉරාක තුළ බෝම්බ පිපිරවීම් දැනට සුලභ සිද්ධීන් බවට පත වී තිබේ.ඉරාක හමුදා ඉලක්ක කරගෙන එල්ල වන ප‍්‍රහාර වැඩිවෙමින් පවතී. ඉරාක පොලිසියට හා හමුදාවට තවත් පුහුණුව ලබාදීම සඳහා ඇමෙරිකානු භට පිරිස් අවශ්‍ය හෙයින් මේ වසරේ දෙසැම්බර් 31ට සියලූම ඇමෙරිකානු හමුදා ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කිරීමට ඉරාන දේශපාලන නායකයෝ තීරණය කර සිටිති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක්