ඉරාන ඉස්ලාමීය ජනරජයේ 11 වැනි ජනපතිවරණයේ පළමු වටය අද (14) පැවැත්වීමට නියමිතය.
අපේක්ෂකයන්ගෙන් කිසිවකු හෝ සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ජනපතිවරණයේ දෙවැනි වටය ලබන 21 වැනිදා පැවැත්වෙයි.
දෙවැනි වටය පැවැත්වෙනේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේය.
ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි.
උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.
ඉරානයේ ජනපති ධුරය සඳහා තරග වැදීමට නම්, අපේක්ෂකයන්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය යුතු වේ.
දහසකට වැඩි අපේක්ෂකයන් පිරිසක් නාම යෝජනා ඉදිරිපත් කළ නමුත්, අවසානයේ දී උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ අපේක්ෂකයන් අට දෙනකුට පමණි. පසුව එය සය දෙනකු තෙක් අඩු විය.
මොහොමඞ් බගේර් ගලීබාෆ්, මොහොමඞ් ඝරාසී, සයීඞ් ජලීල්, මොහ්සෙන් රෙසා අරේෆ්, හසන් රොහානී සහ අලී අක්බාර් වෙලයාටි අවසන් සය දෙනාය.
ඔවුන් අතරින්ද ඉදිරියෙන් සිටින්නේ අපේක්ෂකයන් තිදෙනෙකි. සහීඞ් ජලීල්, හසන් රොහානී සහ මොහොමඞ් බගේර් ගලීබාෆ්ය.
47 හැවිරිදි සහීඞ් ජලීල්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළේය. මොහු දැඩිමතධාරියෙකි.
54 හැවිරිදි හසන් රොහානී, මධ්‍යස්ථමතධාරියෙකි. ආගමික නායකයකු ද වන රොහානී පවසා ඇත්තේ, ජනපති ධුරයට පත්වුවහොත් ඔහු ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සමඟ වඩාත් සමීප වී කටයුතු කරන බවය. 2005 වසර තෙක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළේ මොහුය.
මොහොමඞ් බගේර් ගලීබාෆ්, ටෙහෙරාන් නුවර පුරපතිවරයාය. 51 හැවිරිදි මොහු හිටපු පොලිස්පතිවරයාද වෙයි. වත්මන් ජනපති අහමදිනෙජාද්ගේ සමීපතම මිතුරාය.
ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙසය.
ජනපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අභ්‍යන්තර කටයුතු සහ විදේශීය ප‍්‍රතිපත්ති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රධාන සාධක වෙයි.
ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ධුර කාල දෙකක් එනම් වසර 8 ක් ජනපති ධුරය හෙබැවූ හෙයින්, මෙම ජනපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබේ.
ඔහුට මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාන ජනපතිවරණය අද
ලසන්ත Friday, 14 June 2013 01:17 PM
මුළු මැදපෙරදිග ගල්ෆ් රටවලටම මහත් හිසරදයක්ව ඇත්තේ ඉරානයයි. හේතුව ඔවුන් දැඩි මතදාරි පාලනයකට යන ලෙස ගල්ෆ් රටවලට කරන බලපෑම.මෙතැනදී ඇමරිකාව තම ගල්ෆ් රටවල පිහිටට ඉන්නේ.සෞදිය කවදාවත් අනෙක් රටවලට බලපෑම් නොකරයි. ලොව ෂියා මුස්ලිම් රටවල් නම් ඉරානේ සහ බහරේනයයි.අනෙක්වා සුන්නි මුස්ලිම් රටවල්ය.ෂියා මුස්ලිම් ව්‍යාප්තවාදේ වෙනුවෙන් පෙනී හිටින නිසා සුන්නි මුස්ලිම් අල්කයිඩාව වත් ඉරානෙට කැමති නැත. (නි)