න්‍යෂ්ඨික වැඩපිළිවෙළ නිසා සම්බාධක පිට සම්බාධක පැනුවුණු ඉරානය දැන් ලෝක බලවතුන් සමග සහයෝගයෙන් කටයුතු කරන සෙයක් පෙනෙන්නට ඇති බැවින් ඉදිරියේදී ඉරානයේ සිට ඛනිජ තෙල් ආනයනය කිරීම ගැටලූවක් නොමැතිව සිදු කළ හැකි වනු ඇතැයි තමන් සිතන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුසන්ත සිල්වා මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඔහු පැවසුවේ ඉරානය මත පනවා ඇති සම්බාධක ලිහිල් වන්නේ නම් එය ශ්‍රී ලංකාවට මහත් වාසියක් අත්කර දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පිරිපහදු කිරීම සදහා ඇත්තේ අඩසියවසකටත් වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව පමණි.එය ගැළපෙන්නේ සල්ෆර් ප්‍රතිශතය අඩු ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.
ඉරානයේ ඛනිජ තෙල් සල්ෆර් ප්‍රතිශතයෙන් අඩු නිසා ගැටලූවක් නොමැතිව පිරිහදුවට යෙදිය හැක.නමුත් ඕමානය,සෞදි අරාබිය වැනි රටවලින් ලැඛෙන ඛනිජ තෙල් වල සල්ෆර් ප්‍රතිශතයේ ඇති වෙනස්කම් නිසා ඒවා පිරිපහදුවට යෙදීම අපහසුය.
මෙනිසා පිරිපහදු කටයුතු සදහා යොදාගැනෙන ඛනිජ තෙල් වලින් සියයට 93 ක් පමණම වාගේ පිරිමසා ගනු ලබන්නේ ඉරානයෙනි.
ඉරානයට සම්බාධක පැනවීමත් සමග රජය කළේ සෞදි අරාබිය වැනි රටවලින් ඛනිජ තෙල් ගෙනවිත් පිරිපහදු කිරීමට උත්සාහ කිරීමය.නමුත් නොගැලපීම නිසා එය අසාර්ථක වූවා පමණක් නොව සපුගස්කන්ද පිරිපහදුවද කිහිපවරක් සම්පූර්ණයෙන්ම වසා දැමිීමටත් සිදුවිය.වෙන කළහැක්කක් නොමැති තැන රජයට සිදුවූයේ වැඩි මිලක් ගෙවා කලින් පිරිපහදු කරන ලද ඛනිජ තෙල් ආනයනය කිරීමටය.
මෙය රටේ තෙල් මිල වැඩිවීම ඔස්සේ ජනතාවට හොදින්ම දැනුණු බව අමුතුවෙන් කිව යුතු නැත.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වරක් විදෙස් නියෝජිතයින් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව ඇතුලූ බටහිර බලවතුන් විවිධ රටවලට සම්බාධක පැනවීමේදී සැබැවින්ම තැලෙන්නේ එම රටවල් නොව එම රටවල් වල ආධාර ලබන ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් බවයි.
දැරීමට සිදුව ඇති අධික වියදම නිසාම ඛනිජ තෙල් වලට ආදේශකයක් සොයා ගැනීම ශී්‍රලංකාව වැනි රටකට අනාගතයේදී ඉතා වැදගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ මතයයි.
ඉරානයට පැනවුනු සම්බාධක ලිහිල්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් ආනයනය යථා තත්ත්වයට පත්වී ඒ හා සමග රටේ තෙල් මිල අඩුවේදැයි යන ගැටලූවට නම් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාන තෙල් අවුල ලිහෙන හැඩයි
ද සිල්වා Tuesday, 10 December 2013 01:25 PM
මෙයට විසදුම අලුතෙන් ගල්ෆ් රටවල තෙලුත් පිරිපහදු කළහැකි නවීන පිරිපහදුවක් ඉදිකිරීමයි. එය නොසිදු වෙන්නේ එසේ කළහොත් බලධාරීන්ට ලැබෙන කොමිස් මුදල අඩුවන නිසාය. මෙමගින් තැලෙන්නේ දුප්පත් ජනතාවයි. පාලකයන්ට මෙම ප්‍රශ්නය නොපෙනීම විමතියකට කරුණකි. නවීන ක්‍රිකට් පිට්ටනි , නවීන වරාය , ගුවන්තොටුපල සෑදීමට බලධාරීන්ට මුදල් තිබේ. නමුත් රටේ දැවෙන ප්‍රශ්නයක් වන ඛනිජ තෙල් ප්‍රශ්නයට නිසි පිළියමක් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත. මගේ දැනීමේ හැටියට ලංකාවේ ඛනිජ තෙල් ප්‍රශ්නයට විසදුම තිබෙන්නේ ඉරානයේ නොව අපේ ජනතාව අතේය. ලබන ඡන්දයේදී බැරි මිනිසුන් ගෙදර යවා පුළුවන් කෙනෙකු පත්කර ගමු.(නදී)
වෙදමහත්තයා Tuesday, 10 December 2013 03:01 PM
තෙල් මිල ලෝකේ බැස්සත් අපේ රටේ ඒක අඩුවෙන්නේ නැහැ . වැඩි වෙන එක නම් වැඩි වෙනවා.(නදී)
ජීවන් Tuesday, 10 December 2013 04:07 PM
අන්න අදත් වාහන නවයක් බාල තෙල් ගහල මඟ හිටලයි කියල ඉංග්‍රීසි පත්තරේක තියනවා. (ස)