යුද අපරාධවලට චෝදනා ලැබූ ඉස්ලාමීය නායකයකුට මරණ දඬුවම නියමවීමත් සමඟ බංග්ලාදේශයේ නගර රැසක ප‍්‍රචණ්ඩකි‍්‍රයා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හටගෙන ඇති විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත. පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඊයේ ජෙනීදා පළාතේ හටගත් ගැටුම්වලින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරුදිග බංග්ලාදේශයේ පිහිටි බොග්රා නගරයේදී විරෝධතාකරුවෝ දසදහසක් පමණ පොලිස්ථාන පහකට පහර දුන්හ. රටේ අනෙක් පළාත්වලද ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගෙන ඇත.
ඩකා අගනුවර ඇතුළු ගැටුම් හටගෙන ඇති අනෙකුත් ප‍්‍රදේශවල ආරක්ෂාව තරකිරීම පිණිස කැරැලි මර්දන පොලිසිය හා හමුදා භටපිරිස් යොදවා ඇති බව බංග්ලාදේශ ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය පවසයි. ගැටුම් හටගත් ඉකුත් බ‍්‍රහස්පතින්දා දින සිට අද දක්වා ප‍්‍රචණ්ඩකි‍්‍රයා හේතුවෙන් මියගිය ගණන 50 දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඩෙල්වාර් හුසේන් සයිඞ් නමැති ඉස්ලාමීය නායකයාට ඉකුත් බ‍්‍රහස්පතින්දා මරණ දඬුවම නියමකිරීමත් සමඟ මෙම ගැටුම් හටගත්තේය. ඒ 1971 බංග්ලාදේශ නිදහස් සටනේදී ස්තී‍්‍ර දුෂණ, වධහිංසා හා මිනීමැරුම් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට වැරැදිකරුවීම හේතුවෙනි. මොහු එරට ජමාද් ඉස්ලාමීය සංවිධානය නියෝජනය කරන නායකයෙකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉස්ලාමීය නායකයාගේ මරණ දඬුවමට බංග්ලාදේශ වැසියන්ගේ විරෝධය