බලයෙන් පහ කෙරුණු ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ අධාරකරුවන් කයිරෝ අගනුවර පිහිටුවා ගෙන තිබූ විරෝධතා කඳවුරට ඊයේ (15) පොලිස් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් විරෝතාකරුවෝ 278 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිසියට අණ ලැබී තිබුණේ කඳවුරු බැඳගෙන සිටි මොර්සි ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් විසුරුවා හැරීමය.
කැරැලි මර්දන පොලිස් නිලධාරීන් විරෝධතා කඳවුරට පැමිණෙද්දී විරෝධතාකරුවන්ගෙන් ඊට බාධා එල්ල වූ අතර දෙපිරිස අතර දරුණු ගැටුම් හට ගැනිණ. පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී 278 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලැබූ බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.
ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 43 දෙනෙක් ද තුවාල ලැබූහ. මියගිය පිරිස අතර මාධ්‍යවේදීන් තිදෙනෙක් ද වෙති. ඔවුන්ගෙන් දෙදෙනකු විදෙස් මාධ්‍යවේදීන් බව ද පැවැසෙයි.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කරන්නේ පොලිසිය සමූල ඝාතනයක් සිදු කළ බවය.
ජගත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඊජිප්තුවේ මානව හිමිකම් කඩවීම් ඉතා දරුණු ලෙස සිදුවන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊජිප්තු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ සාමය ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.
එසේම ඇතැම් විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ රටපුරා සිදුවු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 525 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
![]() |
ඊජිප්තු පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවකුට පහර දෙමින් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තු පොලිසියේ වෙඩි පහරින් විරෝධතාකරුවෝ 278 ක් මරුට
මොහොමඩ් කොනකපාල Friday, 16 August 2013 09:46 AM
ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...... (ස)
විමල් Friday, 16 August 2013 10:34 AM
මෙය අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (ස)
විශ්ව Friday, 16 August 2013 11:04 AM
දැන් 600 ඉක්මවලා මැරුණු පිරිස... (ස)
චමීර Friday, 16 August 2013 11:09 AM
අර බන්දුල මහත්තයා බලලා කියන්න බලන්න මේක ගැන අදහසක් ඒ මහත්තයා හරිම බුද්ධිමත්. බන්දුල - මේ ගහන අයට මොළේ නැහැ. ගහනවා නම් මුලින්ම මාධ්‍යකරුවන්ට ගහල අයින් කරල දාන්න ඕනෙ. දන්නෙ නැත්තං ලංකාවෙ අයගෙන් අහන්න. කියයි ගහන විධිය හරියටම. (ස)
නලින් Friday, 16 August 2013 11:52 AM
මේක අනිවාර්යයෙන් රජය පෙරළන්න බටහිර බලවතුන් කල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.මේ පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බව පැහැදිලි. (ස)
සුබේ Friday, 16 August 2013 12:49 PM
පැහැදිලියි. තුන්වන පාර්ශවයක අත පෙවීමක්. (නි)
ඕමාර් Friday, 16 August 2013 01:58 PM
මොනවා! මෙපමණ ගණනක් මරලා දවස් දෙකක් ඇතුළත? (නි)
විශ්ව Friday, 16 August 2013 02:27 PM
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැහැ, ජනතා බලයෙන් පත් වූ නායකයා නිවාස අඩස්සියේ. ඒකට විරුද්ධව ඔහුගේ ආධාරකරුවන් විදියට ආවා, බටහිර රටවල් කියන්නේ ජන මතයට අවස්ථාව දෙන්න කියලා. මේක අවාසනාවක්.මෙහම දිගටම ගියොත් විශාල අර්බුදයක් මුළු ලෝකෙම ඇතිවේවි (නි)
සුදත් Sunday, 18 August 2013 03:25 AM
මේ කරන කියන දේවල් වල තේරුමක් නැහැ (නි)
සිල්වා Sunday, 18 August 2013 03:30 AM
අහනකොටත් බයයි (නි)
වීර Sunday, 18 August 2013 12:18 PM
ස්වභාවිකවම ඔවුන්ව කෙසේ හෝ පාලනය වෙනවා. (නි)