ඊජිප්තුවේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, බලයෙන් නෙරපා අත්අඩංගුවට ගනු ලැබූ ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඊයේ (3) දරුණු ගැටුම් ඇවිළී ගියේය.
ගැටුම් ඇවිළී ගියේ සූවස් නගරයේ ය. මොර්සි ආධාරකරුවන්ට මුස්ලිම් සහෝදරත්වය පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ ද සහාය හිමිවූයේ යැයි ඊජිප්තු ආරක්ෂක අංශ කියා සිටී.
මොර්සි ජනතා ඡුන්දයෙන් බලයට ආවේ, දීර්ඝ කාලයක් තිස්සේ ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක්ගේ ඉවත්වීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වුණු ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙනි.
ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි, එරට හමුදා පාලක මණ්ඩලය සමඟ ගැටුණේය. ඔවුන්ගේ බලතල කප්පාදු කිරීමට ද උත්සහ කළේය. මොර්සි තරයේ කියා සිටියේ ඊජිප්තුවට හමුදා බලය අවශ්‍ය නැති බවය.
හමුදා පාලකයන් සහ මොර්සිගේ රජය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය. එය හමුදා කුමන්ත‍්‍රණය තෙක් දුර දිග ගියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තුවේ සූවස් නගරයේ දරුණු ගැටුම් ඇවිළේ
නීල් රණා Friday, 04 October 2013 10:48 AM
මීට අවුරුදු හය හත් දහසකට පෙර සිට ඊජිප්තුවේ නොමියෙන පාරාවෝ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ලංකාවේ රාවණා පරපුරයි. රාජ්‍යත්වයට පත් හෙළ සූර්ය දෙවිවරු නිසා එකල නයිල් ගංගාධාරය එකම සුරපුරක්. දෙවියන්ගේ සේවය පිණිස ද්‍රවිඩයන් බිහිකර ගෙනයි මහා විශ්වකර්ම ව්‍යාපෘති ගොඩනැගුවේ. නමුත් මංකොල්ලකාරී යුරෝපීය ආක්‍රමණිකයන් පැමිණ දෙවියන් පිටුදැකීම නිසා ඉන්පසු ඊජිප්තුවට අත්වුණේ ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මේක ලංකාවටත් හොඳ පාඩමක්. (නි)
සාපිං Friday, 04 October 2013 12:09 PM
අහවල්ලු ඉන්නෙ කොහෙද එහි කලබල.... ඉන්නෙ කොහෙද එහි කලබල.... මේකටද අහවල්ලු මැම්වෙ මේ ලෝකෙ? (නි)
පොඩි Friday, 04 October 2013 02:48 PM
මේක හමුදා කුමන්ත්‍රනයක් නොවේ. (නි)
උපාලි Friday, 04 October 2013 06:35 PM
මේ උදාහරණ දැක දැකත් අපේ සමහර අය තාමත් බටහිර රටවල් අපට කරන අත්තනෝමතික ක්‍රියා අනුමත කරන්නේ ඔවුන්ගේ අනවබෝධය සහ මවුබිමට ආදරයක් නැතිකම නිසාය. ශ්‍රී ලංකාවට ආදරය කරන්න. මොනවා හෝ වැරදී තිබෙනවා නම් හදා ගමු. ඡන්දයකදී නරක පාලකයින් වෙනස් කරමු. අපට රටක් තිබේ. බටහිරට ගැති නොවන්න. (නි)
පෙත්තා Friday, 04 October 2013 08:30 PM
හා...හා...දෙයියෝ තමයි කිව්වේ? කා ගනියව් කියල...(දී)