ජනපති මොහොමඞ් මොර්සි ධුරයෙන් නෙරපා දමා බලය අත්පත් කරගත් ඊජිප්තු හමුදාවට සහාය දීම හෝ ආධාර දීම හෝ නොකළ යුතු යැයි ඇමෙරිකා රිපබ්ලිකන් සෙනෙට් මන්තී‍්‍ර ජෝන් මැකේන්, ඔබාමා පරිපාලනයෙන් ඉල්ලීමක් කරයි.
මැකේන්, මේ බව කියා සිටියේ ඊජිප්තු හමුදාව නව අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදීය.
‘ඊජිප්තු හමුදාවට අප කිසිසේත්ම සහාය දිය යුතු නැහැ. ඔවුන් කළේ ජනතා ඡුන්දයෙන් පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරයකු බලයෙන් නොරපා දැමීමයි. එය අනුමත කළ යුතු නැහැ’ යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් ප‍්‍රකාශ කර ඇත. ‘ඇමෙරිකා රජයයන් මීට පෙර එම කුමන්ත‍්‍රණවලට සහාය දී තිබෙනවා. මින් ඉදිරියට එය නොකළ යුතුයි. ජනතා ඡුන්දයෙන් තේරී පත් වන රජයයන් පෙරළා දමන හමුදා කුමන්ත‍්‍රණවලට සහාය නොදිය යුතුයි. ඉතිහාසයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුයි.’ යැයි මැකේන් කියා සිටී.
ඊශ‍්‍රායලයට පසු, ඇමෙරිකාවෙන් ආධාර ලබන දෙවැනි අරාබි රට ඊජිප්තුවය. ඇමෙරිකාව ඊජිප්තුවට ලබා දෙන ආධාර මුදල් ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කි. ඇමෙරිකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව, යම් රටක හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුවහොත් එම රටට ලබා දෙන ආධාර නැවැත්විය යුතුවේ. ඊජිප්තුවේ සිදුවූ ‘බලය වෙනස්වීම’, ‘හමුදා කුමන්ත‍්‍රණයක්’ යැයි ජනපති ඔබාමා හෝ ඔබාමා පරිපාලනය හඳුන්වා දී නැත.
මේ වනවිට ඇමෙරිකාවෙන් ඊජිප්තුවට දෙන ආධාර තාවකාලිකව නවතා ඇති නමුත් ඔබාමා පරිපාලනය උත්සාහ ගන්නේ එම ආධාර යළි ලබා දීමට ක‍්‍රමයක් සෙවීමට යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් චෝදනා කර සිටී.
මේ වසර සඳහා ඊජිප්තුවට දෙන, ආධාර මුදල් ලබා දී අවසන් අතර යළිත් වරක් ඇමෙරිකාවෙන් ඊජිප්තුවට ආධාර මුදල් ලැබෙන්නේ ලබන වසරේ මැයි මාසයේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයට ඇමෙරිකාව සහාය දිය යුතු නෑ