X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ඊශ්‍රායලයේ පෙරළිකාර අගමැති සමු ගනී

ගෞරවයට,නින්දාවට,ආදරයට,වෛරයට,ප‍්‍රශංසාවට,පරිහාවට එකසේ ලක්වූ ඊශ‍්‍රායෙල ඉතිහාසයේ එදා මෙදා තුර සිටි පෙරළිකාරම අගමැතිවරයා වූ ඒරියල් ෂැරෝන් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.

මියයන විට ඔහු 85 වැනි වියේ පසුවිය.ආඝාතයක් නිසා පසුගිය වසර 8 මුළුල්ලේම ඔහු ජීවත් වූයේ ‘‘කෝමා‘‘ හෙවත් ජීවත් වුවත් සිහිය නොමැති තත්ත්වයක වන අතර අවසානයේ ඔහු මියගිය බව පසුගියදා ඔහුගේ පුතා නිවේදනය කළේය.

ෂැරෝන් ප‍්‍රචලිතව සිටියේ නීති නොතකන,හික්මිීමක් නොමැති මුරණ්ඩු පුද්ගලයෙකු ලෙසය.නමුත් ඔහු ඊශ‍්‍රායෙල ජනතාවගේ හද දිනාගත්තෙක් විය.විචාරකයින් පවසන්නේ හමුදා භටයෙකු ලෙස ඔහු සේවය කළ කාලයේ ඔහුගේ කි‍්‍රයාන්විතයන් ඊශ‍්‍රායෙල ජනයා ඔහු කෙරේ සදා ගෞරවයක් පෙන්වීමෙහි ලා හේතු වූ බවයි.

ෂැරෝන්ගේ ජීවිතය කොටස් 3 කට බෙදා පෙන්විය හැක.පළමු සමය ඔහු හමුදා භටයෙකු අනතුරුව ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ කාලයයි.දෙවැන්න ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුවේ මන්තී‍්‍රවරයෙකු පසුව කැබිනට් අමාත්‍යවරයෙකු අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයයි.තෙවැන්න ඊශ‍්‍රායෙලයේ අගමැතිවරයා ලෙස කටයතු කළ කාලයයි.

මෙම සමයන් 3 හිදීම ෂැරෝන් සැමගේ අවධානයට පාත‍්‍ර වීමට සමත්වූවෙක් වුනි.යුධ භටයෙක් ලෙස සේවය කළ සමයේ ඊශ‍්‍රායෙලයට පහරදුන් අරාබි සටන්කාමිීන් මැඩපැවැත්වීමට හෙතෙම ඔවුන්ගේ නිවාස පිටින් විනාශ කළ බව දැක්වේ.තම ඉහළ නිළධාරීන්ගේ අණ නොතකා ඊජිප්පතුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඊශ‍්‍රායෙල හමුදා භටයින් 30 දෙනෙකුට මරු කැදවී යැයි ඔහුට චෝදනා නැගුණු හෙයින් ඔහුව සේවයෙන් බලෙන් විශ‍්‍රාම යවා තිබූ කාලයක්ද පැවතුනි.

නමුත් 1973 වසරේදිී සිරියාව හා ඊජිප්තුව ඊශ‍්‍රායෙලයට එරෙහිව යුධ ප‍්‍රකාශ කළ අවස්ථාවේ ඊශ‍්‍රායෙල හමුදා භටයින් මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ලෙස නම් කෙරුණේ ෂැරෝන්වය.වහාම ඔහුව සකී‍්‍රය සේවයට අනුයුක්ත කිරීමට බළධාරීන් කටයුතු කළ අතර ඔහු 27,000 කින් පමණ සමන්විත වූ ඊශ‍්‍රායෙල සේනාංක මනාව මෙහෙයවා ආක‍්‍රමණයන් සාර්ථකව මැඩපැවැත්වීමට සමත්විය.

පසුව ෂැරෝනට් එදවස ඊශ‍්‍රායෙල අගමැති මෙන්චම් බෙන්ගින්ගේ පාර්ලිමෙන්තුවේ කැබිනට් ධූරයක් දිනා ගැනීමට හැකිවුනි.බෙන්ගින් ඊජිප්තුව හා සාම ගිවිසුමක් අත්සන් කළ අතර ෂැරෝන් එයට දැඩි සේ විරුද්ධත්වය පෑ බව සදහන්ය.

පසුව ෂැරොන්ට ආරක්ෂක ලේකම් ධූරය පිරනමනු ලැබුණි.එදවස ලිබියාවේ බේරූට් අගනුවර ඇතැම් කොටස් වල පාලනය ඊශ‍්‍රායෙලය සතුව තිබූ අතර ෂැරෝන් කළේ මුලූ රටම ඊශ‍්‍රායෙල පාලනය අතට ගැනීමට ලෙබනනයේ කි‍්‍රයාත්මක වූ කි‍්‍රස්තියානි අන්තවාදී කණ්ඩායම් හා එක්ව කටයුතු කිරීමයි.මෙම කණ්ඩායම් වල සාමාජිකයින් යුද්ධය නිසා අවතැන්ව ලෙබනනයේ කදවුරු ඉදිකරගෙන සිටි පලස්තීන ජාතිකයින් දහස් ගණනින් ඝාතනය කිරීමේ යෙදුණු අතර මේ සියල්ල සිදුකෙරුණේ ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුවේ අනුදැනුමකින් තොරවය.අවසානයේ සියල්ල කරළියට පැමිණි අතර එය එදවස ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුව ඉක්මන් අවසානයක ඉම දක්වාම ගෙන ඒමට හේතු වූ බව විචාරකයින් කියයි.

තමන්ට එල්ලවූ චෝදනා වලින් සැලූනේ ෂැරෝන් නම් නොවේ.ඔහු දිගින් දිගටම පිරිසිදු යුදෙව් (ඊශ‍්‍රායාල) ජාතිකයින්ට මැදපෙරදිග ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඊශ‍්‍රායෙලයට ඇති ලොකුම හිසරදය ලෙස ඔහු දුටුයේ පලස්තීනයයි.මෙනිසා දෙරට වෙන්කරමින් තාප්පයක් ඉදිකිරීමටත් මුල් තැන ගත්තේ ඔහුය.දෙරට වෙන්කරන බිම් තීරුව වන ගාසා තීරයේ බලෙන්ම ජනාවාස පිහිටුවා ගන්න යැයි හෙතෙම ඊශ‍්‍රායෙල ජාතිකයින්ට උපදෙස් දුනි.ෂැරෝන්ගේ දැඩි මතධාරී පියවරයන් නිසා ගාසා තීරයේ නිරතුරුවම ගැටුම් පැන නැගුණු අතර ඒවායින් මියගිය ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

කාලය ගතවීමත් සමග ඔහු නැවතත් දේශපාලන වශයෙන් ශක්තිමත් විය.නැතිවී ගිය ප‍්‍රසිද්ධිය ඔහු කෙරේ ලැබෙනු දැක ගත හැකි වුනි.

2000 වසරේදී ඔහු ඊශ‍්‍රායෙලයේ අගමැතිවරයා ලෙස තේරී පත්වුනි.මෙයට හේතුව ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ ඊශ‍්‍රායෙලයට එල්ල වන්නට ගත් ප‍්‍රහාර වලට හොදින් පිළිතුරු දීමට සුදුසුම පුද්ගලයා ලෙස ඊශ‍්‍රායෙල ජාතිකයින් ෂැරෝන්ව දුටු බවයි.

2002 වසරේදී ඔහු දැවැන්ත හමුදා මෙහෙයුමක් ගාසා තීරයේ දියත් කළ අතර ඒ කළෙ ඊශ‍්‍රායෙලයට එල්ල වන්නට ගත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට පිළිතුරු දීමක් ලෙසය.2004 වන විට ඔහුගේ කි‍්‍රයාකාරකම් හමුවේ ඊශ‍්‍රායෙලය යළිත් සුරක්ෂිත වී තිබෙනු දැක ගත හැකි වුනි.

ඔහු දේශපාලන වශයෙන් පරිණත බවක්ද මේ කාලයේ පෙන්වීය.ප‍්‍රථම වතාවට ගාසා තීරයේ ඊශ‍්‍රායෙල ජාතිකයින්ට අත්පත් කර ගැනීමට නොව ‘‘පදිංචි වී‘‘ සිටීමට අයිතිය ඇතැයි හෙතෙම පැවසීය.පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටිමින් තිබෙනු ඔහු දිටීය.මෙනිසා ඔහු තව දුරටත් අවියෙන් පිළිතුර නොදී ගාසා තීරයෙන් හමුදා සේනාංක ඉවත් කර ගැනීමේ යෙදුණේය.ඔහුගේ උත්සාහය වූයේ පලස්තීනය හා මධ්‍යස්ථව කටයුතු කිරීම ආරම්භ කිරීමයි.

ආඝාත තත්ත්වයක් නිසා ෂැරෝන් හට තම ධුරයේ රාජකාරි කටයුතු කිරීම ගැටලූ සහගත වන්නට ගත්තේ මේ අවදියේය.පළමු ආඝාත තත්ත්වයෙන් සුවය ලැබූ කෙණෙහිම යළිත් සේවය ආරම්භ කළ ඔහු වැඩි දිනක් යාමට මත්තෙන් යළිත් හටගත් ආඝාත තත්ත්වයක් නිසා රෝගාතුර විය.මෙවර ඔහු කෝමා තත්ත්වයකට ඇතුලූ වූ අතර ඔහුව එයින් මුදවා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් විය.මේ සියල්ල සිදුවූයේ 2006 වසරේදීය.

එදා සිට මියයන තෙක් ෂැරෝන් ජීවත්වූයේ ඊශ‍්‍රායෙලයේ හඩාෂ් රෝහලේ යන්ත‍්‍ර වල ආධාරයෙනි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් රට රටවල නායකයින් බොහෝ දෙනෙකු ශෝකය ප‍්‍රකාශ කර ඇත.ෂැරෝන්ව ඔවුන් හදුන්වාදී ඇත්තේ නිර්භීත කි‍්‍රයාන්විතයෙකු ලෙසිනි.

අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව ඇතිව එළැඹෙන 13 වැනිදා සිදුකිරීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

 



අදහස් (0)

ඊශ්‍රායලයේ පෙරළිකාර අගමැති සමු ගනී

ලාල් Sunday, 12 January 2014 05:40 PM

නියම නායකයෙක්.(නදී)

:       0       0

රොහාන් වෙරෝනා Sunday, 12 January 2014 06:57 PM

මොහු උපතින්ම යුදෙව් ජාතිකයෙක් නිසා ගේමක් තිබුනෙම නෙතුව ඇති.(නදී)

:       0       0

ලලිත් Sunday, 12 January 2014 08:11 PM

සතුටුයි සතුටුයි.(නදී)

:       0       0

විකී Sunday, 12 January 2014 08:34 PM

හොද නායකයෙක්.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 12 January 2014 09:26 PM

දීර්ඝ කාලයක් පන ඇද ඇද ඉඳල තමයි මරුනේ.(නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 13 January 2014 12:16 AM

සර්වබල දාරි දෙවියන්ගේ ස්වර්ගයට ළඟ වේවා . (නදී)

:       0       0

සත්‍යයා Monday, 13 January 2014 12:55 AM

වෙන කාටත් වඩා අපේ ලොක්ක මේ ගැන සතුටු වෙනවා.(නදී)

:       0       0

චාමර Monday, 13 January 2014 10:43 AM

මෙය මැරුණ එක හොඳයි. ජීවත් වුන දවස්වල මිනිස්සුන්ට හොඳක් කළේ නැහැ.(නදී)

:       0       0

රාණි Monday, 13 January 2014 02:29 PM

මැද පෙරදිගට එලව එලවා ගසපු ඔබ වීරයෙකි.(නදී)

:       0       0

ශීලා Monday, 13 January 2014 02:31 PM

ඔබ නැවතත් අප අතරම ඉපදී මැද පෙරදිගට නැති වෙන්න ගැසීමේ ශක්තිය නැවතත් ලැබේවා.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 14 January 2014 02:11 AM

රාණිලාට, ශීලාලාට මැදපෙරදිග රටවල් නැත්නම් ජිවත් වෙන්න අර වැඩේ තමයි කරන්න වෙන්නේ.(නදී)

:       0       0

ගුණතිලක Tuesday, 14 January 2014 01:15 PM

මම මොකුත් නොකියමි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site