අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ ටොන් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙන යමින් තිබූ නියමුවන් රහිත අභ්‍යාවකාශ යානාවක් අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ.
රුසියාවේ නිල අභ්‍යාවකාශ පර්යේෂණායතනය වන රොස්කොමොස් හි අධීක්ෂණය යටතේ උඩුගුවනට යවා තිබෙන මෙම යානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නවත්ම පාලනයෙන් ගිළිහී ගොස් තිබෙන බව සඳහන්ය.
රොස්කොමොස් ආයතනයේ විද්‍යාඥයින් හා අන්තර්ජාතික අභ්‍යාවකාශයේ මේ දිනවල රැඳී සිටින ඇමරිකා හා රුසියා ගගනගාමීන් දෙදෙනා එහි පාලනය ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළද එය සාර්ථකව නොමැත.
මේ වන විට එය පෘථිවි වායුගෝලය දෙසට ඇදී යමින් පවතී.
එය පෘථිවියට පතිත වීමේ අවදානමක් ඇත්දැයි යන පැනයට පිළිතුරු දී තිබෙන රොස්කොමොස් විද්‍යාඥයින් පවසන්නේ එවැනි අවදානමක් තිබෙන බවයි.නමුත් ගුරුත්වබලයට හසුව පෘථිවි වායුගෝලය ඔස්සේ ඇදී ඒමේදී යානය විනාශ වීමේ හැකියාවක් තිබෙන නිසා බිය වීමේ අවශ්‍යතාවක් නැතැයි ඔවුන්ගේ අදහසයි.
ආහාර ද්‍රව්‍ය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ප‍්‍රවාහනය කිරීම මෙම යානයේ ප‍්‍රධාන අරමුණ වූ හෙයින් දැන් මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට ආහාර හිඟතාවයකට මුහුණදීමට සිදුවනු ඇති ලකුණු පහළව ඇත.කෙසේ නමුත් ඔවුන් දෙදෙන පවසන්නේ නැවත යානයක් පැමිණෙන තෙක් දිවි රැක ගැනීමට තරම් ආහාර තොගයක් තවමත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබෙන බවයි.
තාක්ෂණය කෙතරම් දියුණු වුවද අනපේක්ෂිත ලෙස මෙවැනි වැරදීම් සිදුවීම බලාපොරොත්තු විය යුත්තක් බව අභ්‍යාවකාශ පර්යේෂකයින් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උඩු ගුවනේ දෙන්නාට කෑම නැතිවෙන පාටයි
තමර Friday, 01 May 2015 11:26 PM
ඔවුන්ට කෑම නැතිවුණොත්? (නි)
සඳුන් Tuesday, 05 May 2015 06:30 AM
මන්චි ලෙමන් පෆ් ටිකක් උඩු ගුවනට ගෙනිච්චා නම් ඉවරනේ (නි)
සම්පත් Tuesday, 05 May 2015 06:09 AM
මේකෙදි ලොකු අතපසුවීමක් වෙලා තියෙනවා. මෙයාලට තිබුනේ මේක ටිකක් කලින් යවන්න. මොකද ගමන අසාර්ථක වුණහම තව එකක් යවන්න කල් ඕනෑ. ඒකට කාලගුණ බලපෑම් අඩුවෙන්න ඕනෑ. (නි)
පාලික Tuesday, 05 May 2015 04:59 AM
අජිත්, ඔයා හැර අනිත් අය මොනවද මේ ලියන්නේ? මෙච්චර හොඳ තොරතුරු අපට දෙන මේ පුවත්පතට වැදගත් විදිහට ලියන්න (නි)
මහේෂ් Tuesday, 05 May 2015 04:23 AM
ඉක්මනින්ම තව කෑම යානයක් යැවීමට හැකියාව ලැබෙන්න. (නි)
නිමල් Monday, 04 May 2015 04:02 PM
අනේ අජිත්, ඔයා දන්නා තරම? (නි)
නිමල් Monday, 04 May 2015 01:23 AM
සිරිසේන, ඔයාගේ කතාව හරි (නි)
සමන්ති Sunday, 03 May 2015 01:18 AM
කසුන් එංගලන්තය, උඩුගුවනට යන්නේ දේශපාලනයට නොවේ නම් තණකොළ කපන්නද? (නි)
අශෝක Saturday, 02 May 2015 09:53 PM
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියවු! (නි)
අජිත් Saturday, 02 May 2015 03:41 PM
මෙම මධ්‍යස්ථානයේ ආධාරයෙන් තමයි ලෝකයම පාලනය වෙන්නේ.අපි ටීවී බලන්නේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ... එයට කරදරයක් නොවේවා! ඉක්මනට එයාලට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනයන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි (නි)
සිරිසේන Saturday, 02 May 2015 10:38 AM
අපේ රටේ වැඩි දෙනෙකුට දේශපාලනය ගැන මිස මෙවැනි තාක්ෂණික භාවිතාවක් ගැන කිසිදු දැනුමක් නැහැ. නමුත් දන්නා දේශපාලනේවත් හරියට නොදන්නා බව නොදන්නා එකයි ප්‍රශ්නේ. ඒකයි නුගතුන් වගේ අදහස් වැඩිදෙනෙක් දක්වා තියෙන්නේ (නි)
දුමින්ද Thursday, 30 April 2015 10:45 AM
උඩු ගුවනට සාගතයක්- තාක්ෂණික අවුලක් (බ)
සලීම් Friday, 01 May 2015 06:11 PM
සාගින්නෙන් පෙළෙන අයගේ දිනයේම උඩුගුවනේ අයටත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
රන්ජිත් Friday, 01 May 2015 01:53 PM
අපි ඔවුන්ට හාල් ටිකක්වත් යවන්න බලමුද? බත් උයන්න හරි බැරියෑ (නි)
කසුන් එංගලන්තය Friday, 01 May 2015 11:29 AM
මෙම ලිපියේ කිසිම දේශපාලන සම්බන්ධයක් නොතිබුනත්, දේශපාලනය සම්බන්ධ කර දමා ඇති අදහස් දුටුවිට මේ මිනිසුන්ට පිස්සුද කියලා හිතෙනවා. (නි)
රාජපක්ෂ Friday, 01 May 2015 05:03 AM
විමල්, බැසිල්ට උඩුගුවනෙනුත් පරණ දේවල් කරන්න ඉඩ දෙන්න යනවා වගේ. (බ)
සෙනරත් Friday, 01 May 2015 01:21 AM
විමල්, මම කියන්නේ ඔයා හොඳ දේශපාලනය කරන්න. මොකද ඇඟ හැමතැනම මොළයට අමතරව තියෙන්නේ දේශපාලනය. (නි)
සමන්ති Friday, 01 May 2015 12:28 AM
අර ශ්‍රී ලංකාවෙන් හඳට යානා යවන සමාගමට දැන්වුවා නම් ආධාරයක් ගන්න තිබුනා. සමහරවිට මීට පෙර යවපු අපේ කොඩිය සමඟ රොකට්ටුවක් ඉහළ අහසේ ඇති. (නි)
සඳුන් Thursday, 30 April 2015 09:39 PM
අපේ කෙනෙක් සමඟ යවමු කෑම. ඕනෑ වැඩකට ඔට්ටුයි. (නි)
රිචි බාලසුරිය Thursday, 30 April 2015 03:42 PM
ඔය උඩුගුවනේ කෑම ටිකත් එක්ක ඕක කෑම බීම නැති දුප්පත් අප්‍රිකානු රටකටවත් පටවනවානම් , එ්කත් පිනක් (බ)
විමල් Thursday, 30 April 2015 03:30 PM
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගෙවතු වගාවක්වත් පටන් ගන්ඩ බැසිල්ගේ දිවිනැගුම කණ්ඩායමට භාරදෙන්ඩ යෝජනා කරමි. (බ)