න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ උතුරු කොරියා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිරීක්ෂකයන්ට එරටට පැමිණ න්‍යෂ්ටික කටයුතු අධීක්ෂණය කරන ලෙස ඊයේ (1) ආරාධනා කළේය.
උතුරු කොරියාව එසේ තීරණය කළේ ඇමෙරිකා රජය උතුරු කොරියාවට ටොන් 2,40,000 ක ආහාර සහනාධාරයක් ලබා දීමට කැමැත්ත පළ කිරීමෙන් පසුවය.
එම ආහාර සහනාධාරය ලබා ගැනීමට නම් තම න්‍යෂ්ටික අවි නිපදවීමේ කටයුතු සීමා කිරීමට උතුරු කොරියාවට සිදුවෙයි.
වසර ගණනාවක් තිස්සේ උතුරු කොරියාවට නායකත්වය දුන් කිම් ජොංග් ඉල් ඉකුත් දෙසැම්බරයේ දී මියගිය අතර, ඔහුගෙන් පසු නායකත්වය උරුම වූයේ කිම් ජොංග් ඉල්ගේ පුතු කිම් ජොං උන්ටය.
න්‍යෂ්ටික කටයුතු සහ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළේ කිම් ජොංග් ඉල් සහ ඔහුගේ නව රජයයි.
ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ ප‍්‍රසිද්ධියේම න්‍යෂ්ටික අවි නිපදවයි. මිසයිල අත්හදා බැලීමේ කටයුතු ද විටින් විට සිදු කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකාව, බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිගේ නියෝජිතයෝ කිම් ජොංග් ඉල්ගේ රජය සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළහ. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වූ අතර අන්දමින් උතුරු කොරියා රජය, හිතුවක්කාර ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු දිගටම කරගෙන ගියේය. 2009 වසරේදී පරමාණු ශක්ති ඒජන්සියේ නියෝජිතයන්ට උතුරු කොරියාවට පැමිණීමද තහනම් කෙරුණි.
ඉන්පසු උතුරු කොරියාවට දිගට හරහට සම්බාධක පැනවූ අතර එය රටක් ලෙස හුදෙකලා කෙරුණි.
”මා හිතන්නේ උතුරු කොරියා නව නායකයා සහ ඔහුගේ රජය ගත් තීරණය ඉතා නිවැරැදියි. ඔවුන් හරි මාර්ගයට වැටී ඇති බව අපට පෙනෙනවා.” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සෙනෙට් මණ්ඩල රැස්වීමකදී කියා සිටියාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවයි