X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


උතුරු කොරියාව මිසයිල වලින් පිළිතුරු දෙයි

උතුරු කොරියාව කෙටිදුර මිසයිල ප්‍රහාර හයක් මුහුදට එල්ලකර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක බළධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට  දැඩි ආර්ථික සම්බාධක පැනවීමෙන් පැය කිහිපයකට පසු මෙම ක්‍රියාව සිදුකර ඇත.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරලේ වොන්සන් ප්‍රදේශයේ සිට මිසයිල ප්‍රහාර එල්ල කල බව වාර්ථා වී ඇත.  මේවා රොකට් හෝ නියාමක මිසයිල බව දකුණු කොරියාව පවසයි.

ආර්ථික සම්බාධක පැනවීමට විරෝධය පල කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විචාරකයෝ පවසති.

තම රට සතුව ඇති න්‍යෂ්ටික අවි අවශ්‍ය ඕනෑම විටක පාවිච්චි කිරීමට සූදානම් බව උතුරු කොරියානු ජනපති කිම් ජොං උන් ප්‍රකාශ කැර ඇතැයි බීබිසී පුවත් පවසයි.



අදහස් (0)

උතුරු කොරියාව මිසයිල වලින් පිළිතුරු දෙයි

නිමල් Saturday, 05 March 2016 07:00 AM

උතුරු කොරියාව ගැන ආඩම්බරයෙන් කතාකරන උදවිය ආඩම්බර වෙන්නේ ඇයි? (නි)

:       0       0

නිරෝෂි Sunday, 06 March 2016 02:48 PM

ඇමරිකාව කියන්නේ මිනිසෙකුට මහන්සිවී දියුණුවිය හැකි රටක් ක්‍රිස්ටෝ.. යුරෝපයේ බොහෝවිට වෙන්නේ නිකන් ඉන්න අයටත් ආණ්ඩුවෙන් ගෙවීම... නමුත් ඇමරිකානු මධ්‍යම පන්තිය ලෝකයේ පොහොසත්ම මධ්‍යම පන්තිවලින් එකක්... ඇමරිකාවේ කම්කරු ආරක්ෂණ නීති නැත්තේ නෑ.. හැබැයි වැඩ නොකරන අසනීපයක් නැති අයට නිකන් සල්ලි දෙන්නේ නෑ.. අනෙක මෙහෙ අවම වැටුම පැයකට ඩොලර් 7.50, අවම වැටුපෙ රස්සා කරන අය ඉන්නේ ඇමරිකාවේ සුළු පිරිසයි..එයින් ජීවත්වෙන්න කෙනෙකුට දවසකට පැය 14 වැඩකළ යුතු නෑ..(බ)

:       0       0

ක්‍රිස්ටෝ Sunday, 06 March 2016 10:04 AM

නාමල් නිව්යෝර්ක් , මම ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ ජර්මනිය ප්‍රන්සය බෙල්ජියම ස්පාඤ්ඤය, ඉතාලිය යන රටවල පමණයි සංචාරය කලේ , මම අදහස් කලේ ඇමරිකාවේ මධ්‍යම පන්තියේ කොටස මම දැකපු සමුවුණ අය දිනකට අවම පැය 14 කට වඩා රැකියාවේ නියුතුවන ඔවුන්ගේ අවම වැටුම ඩොලර 6 සහ 7 වෙනි පැයකට ලබන කොටසක් , නමුත් මාදුටු යුරෝපයේ රටවල අවම හැකියාවක් නැති කම්කරුවන් පවා යුරෝ 9 සිට 10 අවම වැටුපක් සහ දිනකට පැය 8 ක් පමණක් රැකියා කරන කොටසක් , කම්කරුවන් ආරක්ෂාවන නීතිද බහුලය , හිතු මතේ රැකියාවෙන් නෙරපීමට බැහැ , රැකියව නැති උනොත් රැකියාවක් සොයා ගන තුරු ජිවත් වන්නට පුළුවන් අවම ගෙවීමක් රජයෙන් ගෙවනවා , මේවා මා දුටු ඇමරිකාවේ නැහැ , විශේෂයෙන් යුරෝපයේ තිබෙන සෝෂල් සේකුරිටි සිස්ටම් එක ලෝකයේ වෙනත් රටවල නැති තරම් , එකයි මම කිව්වේ , විධායක ශ්‍රේණියේ අය ගෙන නොවේ , මා ඇමරිකාව නරකය කිවා නොවේ , අපේ රට සමග බලන කල ඇමරිකාව දිව්‍ය ලෝකයක් , (හේ)

:       0       0

නලින් Sunday, 06 March 2016 09:53 AM

ආයේ ලෝක යුද්ධයක් ඇතිවෙයි වගේ.(හේ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 06 March 2016 04:54 AM

ක්‍රිස්ටෝ, ඔබ යුරෝපයේ ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, රොමේනියාව, පෘතුගාලය වගේ රටවලට ගිහිල්ලා නැද්ද? ඒවායේ ඇමරිකාවට වඩා කොච්චර විරැකියාව තිබෙනවාද? නැගෙනහිර යුරෝපයේ සමහරු හිඟාකනවා. ඔබ ඇමරිකාවට කවදාවත් ගිහින් නැති හැඩයි. යුරෝපයේ රටවල් බහුතරයකට වඩා ඇමරිකාවේ ඒකපුද්ගල ආදායම වැඩියි. චීනයේ තිබෙන්නේත් බහුතර ඇමරිකානු සමාගම්. ඒවායේ ඇමරිකානුවන් වැඩකරන්නේ විධායක ශ්‍රේණිවල (නි)

:       0       0

ක්‍රිස්ටෝ Saturday, 05 March 2016 11:45 AM

පාල ..... මම කිහිප වරක් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරය කරලා තියෙනවා , යුරෝපය සමග සසඳා බැලුවම ඇමරිකාව ජිවන රටාව හරිම පහල මට්ටමක , යුරෝපයේ මද්‍යම පන්තියේ මිනිසුන්ගේ ජිවන රටාව ඉහලයි ඇමරිකාවට වඩා , දැන් ඇමරිකානුවන් යුරෝපියන් අලුත් රැකියා සහ නිෂ්පාදන කටයුතු වලට යන්නට පොර කන්නේ චීනයට , ඔබගේ දෙනීම ලෝකය ගෙන බොහොම අල්පයක් වාගේ , පළමුව රටවල් වලට ගොස් තත්ත්වය පිරික්සා බලන්න (හේ)

:       0       0

ගයාන් Saturday, 05 March 2016 11:17 AM

උතුරු කොරියාවේ නායකයා ඒකාධිපතියෙක්. ඔහු ඔහුගේම ආමි කමාන්ඩර් මැරුවා පුංචි වරදකට. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නායකයෙක් පත්කර ගන්න බෑ. එම සිවිල් වැසියන් ආහාර නැතිව විදුලිය නැතිව දුක් විඳිනවා.(බ)

:       0       0

හිමාල් Saturday, 05 March 2016 10:28 AM

උතුරු කොරියාවේ තියෙන්නේ පවුල්වාදී ඒකාධිපති පාලනයක්. කොටින්ම පාලකයා කියන විදිහට තමයි කොණ්ඩේ කපන්නත් ඕනේ.ජනතාව සාගින්නේ. චීනේ උතුරු කොරියාව පස්සේ ඉන්නෙත් ආදරේකට නෙවෙයි. (බ)

:       0       0

නුවන් Saturday, 05 March 2016 10:23 AM

බණ්ඩාර දන්න දෙයක් කථාකරන්න. සිංගප්පූරුව තායිවානය දකුණු කොරියාව මැලේසියාව වගේ ඇමරිකාව හා බටහිර පස්සේ ගිය හැම රටක්ම දියුණු වුණා. උතුරු කොරියාවේ මිනිස්සුන්ට වඩා දකුණු කොරියාවේ සතුන්ට හොඳට කෑම තිබෙනවා (බ)

:       0       0

බණ්ඩාර Saturday, 05 March 2016 08:00 AM

මේකේ අදහස් දාන අය දන්නේ නැහැ උතුරු කොරියාවේ මිනිස්සු විදින දහදුක්. (නි)

:       0       0

නීල් Saturday, 05 March 2016 07:29 AM

ජපානය, දකුණු කොරියාව, බ්‍රසිලය, ඉන්දියාව නිෂ්පාදන ආර්ථිනයෙන් බලවත්ව ඉන්න හැටි බලන්න. යුරෝපයේ රටවල් දෙකකට විතරයි න්‍යෂ්ඨික අවි තිබෙන්නේ. ලංකාවේ සෝබනකාරයන්ගේ කතා කියලා වැඩක් නැහැ ඉතින්. (නි)

:       0       0

කිත්සිරි Friday, 04 March 2016 07:30 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)

:       0       0

රීටා Saturday, 05 March 2016 06:49 AM

දකුණු කොරියාව, ජපානය, සිංගප්පුරුව වගේ රටවල් ඇමරිකාව පස්සේ ගිහින් තමා ගොඩ ගියේ. (නි)

:       0       0

මොහාන් Saturday, 05 March 2016 05:34 AM

පාල, ඇමරිකාව දකුණු කොරියාවට උදව් කරන්නේ උතුරු කොරියාව මර්දනය කරන්න මිසක් එයාලට ආදරේට නෙමෙයි. (නි)

:       0       0

උපාලි Saturday, 05 March 2016 02:20 AM

උතුරු කොරියාව කොන්ද කෙළින් තියාගෙන ක්‍රියා කරනවා. දකුණු කොරියාව ඇමෙරිකාවට යටත් වෙලා. ඇමෙරිකාව එකම ජාතියක් දෙකට බෙදලා කොටවනවා (නි)

:       0       0

බණ්ඩාර Friday, 04 March 2016 11:17 PM

ඇමරිකාව පස්සේ ගිය ලෝකයේ අනෙකුත් රටවලට මොකද වුණේ කියලා දන්නේ නැද්ද? නව න්‍යෂ්ටික අවි ඇතුව තවත් රටක් බලවත් වනවාට ඇමරිකාව ඇතුළු යුරෝපයම අකමැතිවන්නේ ඇයි කියලා ටිකක් හාර ඇවිස්සුවොත් ලෝක දේශපාලනය ඇතුළුව ඔබට තේරේවි මොකද්ද උත්තරේ කියලා. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 04 March 2016 07:37 PM

අපේ උගතුන් කෙසේ කිවුවත් උතුරු කොරියාව දශක කිහිපයක සිට ආර්ථික සහ නොයෙකුත් සම්බාධක මැද රට මෙතරම් ඉහළට ගෙනවිත් තියෙනවා. උතුරු කොරියාව බටහිර රටවලට අවශ්‍ය විදියට නොනැමෙන නිසාත්, ඔවුන්ගේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නිසාත් බටහිර රටවල් කිසියම් බියකින් පසුවන බව පේනවා. උතුරු කොරියාව ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ, තම දෙකකුල් වලින් හිටගෙන වෙන අයට නොබියව ඉන්න එක ගැන (නි)

:       0       0

උපාලි Friday, 04 March 2016 12:32 PM

සුපුන් හරි. උතුරු කොරියාව පිස්සු රාජාණ්ඩුවක් වගේ තමයි වැඩ කරන්නේ. (හේ)

:       0       0

මාටින් සිංඤෝ Friday, 04 March 2016 11:53 AM

ඇමරිකාව පස්සේ ගියොත් දන්නවනේ වෙන දේ. (ර)

:       0       0

සැම්සන් Friday, 04 March 2016 10:41 AM

නියමයි. (ර)

:       0       0

පාල Friday, 04 March 2016 09:10 AM

ඇමරිකාව පස්සේ ගිය දකුණු කොරියාව අද ලංකාවට රස්සා දෙනවා.රුසියාව චිනේ පස්සේ ගිය උතුරු කොරියාවට වලේ වල නැහැ. එ්ත් න්‍යෂ්ටික අවි පිස්සුවක් හදාගන.චිනෙත් වෙනස් වෙලා රුසියාවත් වෙනස් වෙලා. හරියට කන්නවත් තියනවද මේ රටේ මිනිස්සුන්ට. (බ)

:       0       0

සුපුන් Friday, 04 March 2016 09:07 AM

ඔන්න කොමියුනිස්ට්වාදයෙන් වෙච්ච දේ. දානපති පන්තිය වෙනුවට උග්‍ර නිලධාරිවාදී පන්තියකුත් පවුල්වාදියෝ ටිකකුත් බෝවුණා. මේ කිම්ගේ සීයාගේ ඉඳන් පුතා මුණුබුරා වෙනතුරු ජනාධිපති. ඒ කොහොමද? රාජාණ්ඩුවක්ද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site