X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


උතුරු කොරියාව යළිත් යුද අභ්‍යාසයක් අරඹයි

දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව ඊයේ (8) යළිත් වරක් යුද අභයාසයක් පැවැත් වීය.
උතුරු කොරියාව පවසා ඇත්තේ තම අසල් වැසි දකුණු කොරියාවත් ඇමෙරිකාවත් සමඟ  ඕනෑම මොහොතක යුද්ධයකට පැටැළීමට තමා සූදානම් බවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්ය.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් යුද පුහුණුවට එක්වී...

උතුරු කොරියාව දකුණු කොරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් එය ‘උඩ බලා කෙළ ගසා ගැනීමක්’ යැයි ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 
එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට ඇමෙරිකාවේ මිතුරු රටවල් රැුසක් සූදානමින් සිටී.
ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන  ඕනෑම මිසයිලයකට උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට තම මිසයිල පද්ධතියට හැකි බවය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බවත් ඇමෙරිකාවේ සහාය හිමි වන බව දකුණු කොරියාව පවසා ඇත.
උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කරයි. 
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදී දෙවැනි ලෝක යුද්ධයේ අවසන් අදියරේදීය.
එහිදී දකුණු කොරියාවට එක්සත් ජාතීන්ගෙන් සහාය හිමිවිය. උතුරු කොරියාවට චීනයේත් සෝවියට් සමූහාණ්ඩුවේත් සහාය හිමිවිය. එම යුද්ධයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ උතුරු සහ දකුණු වශයෙන් කොරියානුවන් බෙදී වෙන් වී විරසක වීමය.

 



අදහස් (0)

උතුරු කොරියාව යළිත් යුද අභ්‍යාසයක් අරඹයි

ශාමි Tuesday, 09 April 2013 08:51 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි. (අ)

:       0       0

ධනුෂ්ක Thursday, 11 April 2013 01:05 PM

සුගත් ඔයා ඒකෙන් අදහස් කරන්නේ ඇමෙරිකාව හරි කියලද ? මුතුකුඩ කියන දේත් ඇත්තක් තියෙනවා..(ස)

:       0       0

ධනුෂ්ක Thursday, 11 April 2013 12:57 PM

සුගත් ඔයා ඒකෙන් අදහස් කරන්නේ ඇමෙරිකාව හරි කියලද ? මුතුකුඩ කියන දේත් ඇත්තක් තියෙනවා.. (ස)

:       0       0

සුගත් Wednesday, 10 April 2013 08:14 AM

මුතුකුඩ කියන අරමුණ මිනී මරන එකද? පෙරමුණ ගන්නේ මිනී මරන්නද? න්‍යෂ්ටික යුද්ධයක් කියන්නේ විහිළුවක් නෙමෙයි. (නි)

:       0       0

රාල Wednesday, 10 April 2013 07:28 AM

ඔයාලටත් ග්‍රීන් කාඩ් එකක් හම්බ වුණොත් හෙට එහාට යන්නෙ නැද්ද? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 01:36 AM

ද සිල්වා, එහෙම කියන්න එපා. උතුරු කොරියානු මේ තරුණයාට අරමුණක් තිබෙනවා. අරමුණක් තිබුනොත් තමයි පෙරමුණක් ගන්න පුලුවන් බව මේ කෙනා හොදින් දන්නවා. (නි)

:       0       0

සදරුවන් Tuesday, 09 April 2013 10:45 PM

දම් වගේ බුද්ධිමත් අයත් ඉන්න එක රටට වාසනාවක්. (නි)

:       0       0

දුමින්ද Tuesday, 09 April 2013 10:23 PM

මෙය තෙවන ලෝක යුද්දයක ආරම්භය නොවේවා.(නදී)

:       0       0

සහන (කොරියා) Tuesday, 09 April 2013 09:48 PM

කට්ටියම ඇමෙරිකාවට බැන්නට මේ මොහොතේ දකුණු කොරියාවේ ඉන්න දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රැකෙන්නේ ඇමෙරිකාවේ යුධ බලයෙන් බව ලංකාවේ අයට අමතක වෙලා. අපි ඉන්නේ මර බයෙන් මේ පිස්සු කොලු ගැටය කොලුකමට ගල් ගහන්න ගිහින් මහා ලේ වැගිරීමක් කරයි කියල. වදුරට දැලි පිහිය අහුවෙලවගේ මෙයා හිතන්නේ යුද්ධ ටිකක් හදාගත්තාම ලෝකෙටම ගහන්න පුළුවන් බවයි. ඇමෙරිකාව නැත්නම් මෙලහකටත් දකුණු කොරියාවට මෙයා ගහල, ලංකික අපේ ගලවුම් කරුවා මෙවර ඇමෙරිකාවයි. ප්‍රශ්නේ මෙහිදී අපි ජාතියක් වශයෙන් ගන්නේ ඇමෙරිකන් විරෝදී ජනප්‍රිය සාධකයද නැත්නම් දහස් ගණන් ලාංකිකයන් රැකෙන යුද උන්මත්තක පිස්සට විරුද්ධ වීමද යන්නයි. උතුරු කොරියාව මහා දුප්පත් රටක්, මිනිස්සුන්ට කන්න නැහැ, පුද්ගල අදායම ලාංකිකයෙකුට වඩා පස් ගුණයක් අඩුයි, ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ඉන්නේ. චීනෙන් කාල ඉන්නේ, හැබැයි අන්තිම සතෙත් වියදම් කරලා හතරවැනි විශාලම හමුදාව නඩත්තු කරනවා, ඒ මදිවට කිසිම පුරුද්දක් නැති පිස්සු කොල්ලෙක් එය පාලනය කරනවා. (නදී)

:       0       0

දම් Tuesday, 09 April 2013 06:25 AM

නිකන් අහිංසකයන් කුපිත කොට අවසානයේ යුධ උන්මත්තකයන් යැයි හංවඩු ගසා ඉක්බිතිව ලෝක ආරක්ෂාවට තර්ජනයකි කියා මරා වනසා ගල් යුගයට අද දැමීම ඇමරිකානු ක්‍රමයයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:06 PM

මේ කොල්ලට පිස්සු , යුද්ධයක් ඇති උනොත් දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයන් අනතුරට පත්වෙනවා. රටට මාස් පතා ලැබෙන ඩොලර් මිලියන කිහිපයක අදායමත් නැති වෙනවා. ජීවිත දහස් ගණනක් විනාෂ වේවි. මගේ ප්‍රාර්ථනාව යුද්ධයක් ඇති නොවේවා! මේ පිස්සා කරන බහු බූත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නතර කරමු.(නදී)

:       0       0

චන්දා Tuesday, 09 April 2013 04:27 PM

මේ ප්‍රශ්නයට මුල් හේතුව ඇමෙරිකාවයි දකුණු කොරියාවයි ලගකදී නව ආරක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලනිසයි. (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 09 April 2013 03:33 PM

කොහොම හරි කමක් නැහැ ඇමරිකාවට කුඩු වෙන්න දුන්න නම් මුළු ලෝකෙම කොටවනවට. (ස)

:       0       0

උදය Tuesday, 09 April 2013 12:38 PM

මොනවා වුනත් උතුරු කොරියාව මුස්ලිම් රටවලට වැඩිය වෙනස් පාඩමක් ඇමරිකාවට දෙනවා. (ස)

:       0       0

අජිත් Tuesday, 09 April 2013 11:10 AM

ඔහෙලා අභ්‍යාස කරයි . අන්තිමට යුද්ධෙකුත් එයි. අපේ රට වගේ ඔලුව උස්සන්න හදන රටවලට තමයි විඳවන්න වෙන්නේ.(නදී)

:       0       0

දනිත් Tuesday, 09 April 2013 10:32 AM

උතුරු කොරියාවට පිස්සු .(නදී)

:       0       0

රාජා Tuesday, 09 April 2013 10:35 AM

ලෝක සාමය උදා වෙන්නනන් ඇමරිකාව කුඩු පට්ටන් වෙන්න ඕනෙ.(නදී)

:       0       0

අනුෂ්කා Tuesday, 09 April 2013 09:09 AM

උතුරු කොරියාව තමන්ටම වළ කපා කපා ගන්නවා.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site