උතුරු කොරියා නායකයන්ගේ පඹයන් පුළුස්සමින්, පසුගිය දින කිහිපයේදි දකුණු කොරියානුවන් තමන්ට කළ අවමන්වලට ඔවුන් තමාගෙන් සමාව නොගන්නේ නම් එය නිසැක වශයෙන්ම යුද්ධයකට හේතුවක් වනු ඇතැයි උතුරු කොරියාව යළිත් වරක් ඊයේ (16) අනතුරු ඇඟවීමක් කළේය.
උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ජන්ම දිනය ඉකුත් සති අන්තයේ යෙදී තිබූ අතර එම සැමරුමත් සමඟ කොරියා අර්ධද්වීපයේ යුද උණුසුම පහව යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ.
කෙසේ නමුත් ජන්ම දින සැමරුම් උත්සව දිනයේදී දකුණු කොරියානුවන් පිරිසක් කිම් ඉල් සුං, කිම් ජොං ඉල් සහ වත්මන් නායක කිම් ජොං උන්ගේ පඹයන් ගිනි තැබීමත් සමඟ දෙරට අතර යුද උණුසුම තවදුරටත් උත්සන්න විය.
මීට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව කියා සිටියේ සිය ශ්‍රේෂ්ඨ නායකයන්ට කළ අවමානයට සමාව ගැනීමට කාලය ලබාදෙන බවත් එසේ නොකළහොත් ඕනෑම අවස්ථාවක කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කිරීමට තමා සූදානමින් සිටින බවත්ය.
මේ අතර, උද්ගතව ඇති ගැටලූ විසඳා ගැනීමට උතුරු කොරියාව හා සාකච්ඡුාවලට එළැඹීමට බල කරමින් දකුණු කොරියානුවන් පිරිසක් සෝල් නුවර උද්ඝෝෂණයක නියැළුණු බව ද වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමත් සමඟ කොරියා අර්ධද්වීපයේ යුද උණුසුමක් මතු වූයේ දකුණු කොරියාවට ඇමෙරිකාවට සහ ජපානයට පහරදෙන බවට උතුරු කොරියාව තර්ජනය කිරීමත් සමඟය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවෙන් දකුණට යළිත් අනතුරු
ගාමිණී Wednesday, 17 April 2013 01:44 PM
පැම්බේන් ගිනිතැබීම දකුනු කොරියා රජයෙන් කල වැඩක් නෙවෙයි. i එරට දේශපාලන අන්ත වාදීන්ගේ ක්‍රියා දාමයක්. සෝල් නුවර පෙලපාලී යාමෙන් යුද්ධයට ජනතාව අකමැති බව කියාපානවා. කිම් ජෝන් පුතා තදින් ඉන්න. ඉවසීමටත් පුරුදුවන්න.(නදී)
බංඩා Wednesday, 17 April 2013 02:34 PM
උතුරු කොරියාව බඩ පිරෙන්න කන්න වගේ.(නදී).
රාණි Wednesday, 17 April 2013 04:32 PM
මේ අපේ රටෙත් ඉන්නවා ඇමරිකාවයි දකුණු කොරියාවයි ගුටි කනවා බලන්න කැමති කට්ටියක්. හැබැයි දන්නේ නැහැ එහෙම වුණොත් අපේ බඩටමයි වදින්නේ කියලා. (නි)
අබේසිංහ Wednesday, 17 April 2013 04:47 PM
යුද්දයකට යනවා නම් අවට රටවල සහය අත්‍යාවශ්‍ය වේ. උතුරු කොරියාවේ නායකත්වයට අත්දැකීම් ද අවමය. ඉල්ලන් කන්නේ නැතිව පාඩුවේ හිටියොත් උතුරු කොරියාවට මෙන්ම අපටද ගැටලුවක් නොවී ජීවත් වෙන්න පුළුවන්. නැතිනම් යුද්ධය ප්‍රකාශ කළ සැනින් ලංකාවේ බඩුවල මිල ඉහළ දමාවි. තවත් ඉරාකයක් නොවේවා. (නි)
උදය Wednesday, 17 April 2013 07:20 PM
ඇමෙරිකාව යුද්ධ කරලා ආයුධ විකුණලා සල්ලි හොයා ගන්න රටක්. උතුරු කොරියාවත් ඒ වගේමයි. අපි කවදත් අමෙරිකාවෙන් යැපුණේ නැහැනේ. අපිට කන්න දුන්නේ චීනෙයි ඉන්දියාවයි හැමදාම. (නි)
හේරත් Wednesday, 17 April 2013 08:01 PM
බුරන බල්ලෝ සපා නොකතිනේ... (නි)
සදරුවන් Thursday, 18 April 2013 12:44 AM
මටත් අවරුදු 28යි .මටම තේරෙනවා රටක් තියා ගමක්වත් මට පාලනය කරන්න බැරි බව. ඉතින් මේ දරුවා කොහොමද මේ විස්කම් වැඩේ කරන්නේ? (නි)