උතුරු කොරියාවේ දැඩි විරෝධය මැද, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (24) දකුණු කොරියාවේ සෝල් නුවරට පැමිණියේය.
ජනපති ඔබාමා දකුණු කොරියාවට පැමිණියේ අද (26) සහ හෙට (27) සෝල් අගනුවර ආරම්භ වන න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවට සහභාගීවීම සඳහාය. රටවල් 53 ක් සහභාගී වන එම සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ‘න්‍යෂ්ටික අවි ත‍්‍රස්තවාදය පිටුදකිමු’ යන්නය.
න්‍යෂ්ටික අවි, ත‍්‍රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීමට මෙන්ම එවැනි අවි ත‍්‍රස්තවාදීන් අතට පත්වීමේදී සිදුවිය හැකි ඵලවිපාක ගැන ද න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
උතුරු කොරියාව හෝ ඉරානය හෝ මෙම සමුළුවට සහභාගී නොවන අතර, ඔබාමා දකුණු කොරියාවට පැමිණීම ගැන විරෝධය පළ කරමින් උතුරු කොරියා රජය පවසා ඇත්තේ ලෝකයට අනතුරක් ඇත් නම් ඒ වෙන කිසිවකුගෙන් නොව ඇමෙරිකාවෙන් බවය.
ඇමෙරිකා ජනපතිවරයා ආසියාවේ සිය හමුදා බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගන්නා බවට ද උතුරු කොරියා රජය චෝදනා කරයි.
ඇමෙරිකා ජනපතිවරයාට අමතරව සෙසු රාජ්‍ය නායකයෝ ද දකුණු කොරියාවට පැමිණියහ. සමුළුව පැවැත්වෙද්දී ඊට සමගාමීව, ලෝක නායකයන් ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය ගැනත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු ගැනත් සාකච්ඡුා කිරීමට නියමිතය.
ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවන බවත්, එය ලෝකයට තර්ජනයක් බවත්ය. එහෙත් ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති කටයුතුවලට සහාය දෙන්නේ රුසියාවයි.
ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිව එරටට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනවීමටද බටහිර බලවතුන් කටයුතු කර ඇත.
ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු එළිපිට සිදුකරයි. උතුරු කොරියාවට ඒ සඳහා සහාය දෙන්නේ චීනයයි. උතුරු/දකුණු කොරියා අතර පවතින මතභේදවලදී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ද චීනයයි. ඇමෙරිකාව, ආසියාවේ බලය අල්ලා ගැනීමට සැරසෙනවා යැයි චීනය ද චෝදනා කරයි.
කිම් ජොංග් ඉල්ගේ පාලන සමයේදී උතුරු කොරියාව, නිරන්තරයෙන් අධි බලැති දිගු දුර සහ කෙටි දුර මිසයිල අත්හදා බැලීය. උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික කටයුතු සිදු කරන බවට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් චෝදනා එල්ල වීමත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීමත් සමඟ එරට ලෝකයෙන් හුදෙකලා විය. නමුත් කිම් ජොංග් ඉල්ගේ මරණින් පසු බලයට පැමිණි ඔහුගේ පුතු කිම් ජොංග් උන් න්‍යෂ්ටික වැඩකටයුතු තාවකාලිකව නැවැතීමටත් යළිත් බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡුා පැවැත්වීමටත් අදහස් කර ගෙන සිටියි.
සෝල් නුවරට පැමිණි ඔබාමා දකුණු කොරියා ජනපති ලී මියුන් බක් හමුවී සාකච්ඡුා කිරීමෙන් අනතුරුව, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ පිහිටි බොනිපාස් සහ සෙසු ඇමෙරිකන් හමුදා කඳවුරු නිරීක්ෂණයට ගියේය.
එහිදී ඇමෙරිකන් හමුදා සෙබළුන් හමුවී ඔවුන් දකුණු කොරියාවේ සිදු කරන කාර්යභාරය අගැයීමට ලක් කිරීමට ද අමතක නොකළේය. දකුණු කොරියාවේ ඇමෙරිකා හමුදා කඳවුරුවල ඇමෙරිකන් සෙබළු 28,500 දෙනෙක් සිටිති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවේ විරෝධය මැද ජනපති ඔබාමා දකුණු කොරියාවට
ඒ.චන්දවිමල හිමි. Tuesday, 27 March 2012 07:04 AM
උතුරු කොරියාව හරි. එම මතයට ආසියානු රටවල්ද එක්විය යුතුයි.