උතුරු කොරියාවට අයත් සබ්මැරීනයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් සිදුකරන ලද විශාලතම යුද අභ්‍යාසය අතරතුරදී මෙසේ උතුරු කොරියාවේ සබ්මැරීනය අතුරුදන්ව ඇති බවත් නමුත් සබ්මැරීනය අතුරුදන්වීම හා යුද අභ්‍යාසය අතර සම්බන්ධයක් නැති බවත් එරට වාර්තා කියයි.
මෙම යුද අභ්‍යාසයට විරුද්ධව උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අනතුරු අඟවා තිබිණි.
ඒ අනුව තම රට ආක්‍රමණය කරන බවට සලකුණක් හෝ තිබුණොත් පළමුව ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව කියා සිටියේය.
උතුරු කොරියාව සතු විශාලතම සබ්මැරීන 70ක් පමණ ඔවුන්ගේ නාවික හමුදා සේවයට යොදාගෙන ඇති බවත් අතුරුදන්වූ සබ්මැරීනය සොයා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් පුවත් සේවා කියයි. එය ගිලී ඇතැයි අනුමාන කරන බවද එරට වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවේ සබ්මැරීනයක් අතුරුදන්
රිචි බාලසුරිය Sunday, 13 March 2016 10:49 AM
මැලේසියන් ගුවන් යානයට වුනදේම , සිදුවුනාද දන්නේ නැහැ , ඇමරිකාව හරි දක්ෂයි ඕනෙම ඔය වාගේ දේවල් උන් හිටි ගමන් අතුරුදහන් කරන්න , උතුරු කොරියාවේ කයිවාරු වලට ඇමරිකන් ප්‍රතිචාරයක්ද දන්නේ නැහැ (බ)
රූපසිංහ Sunday, 13 March 2016 04:09 PM
මේ ආකාරට ගියහොත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වීම නම් වැලැක්විය නොහැකිවනු ඇත. දැන්ම සිට අපි කවුරුත් අවම වශයෙන් ආදී දහයක් තරම්වත් පොලව යට බිම් ගෙවල් හදා ගත්තොත් නරක නැත. (බ)
නලින් යහම්පත් Sunday, 13 March 2016 05:31 PM
රූපසිංහ, න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවුවහොත් අඩි දහයක් පොළව යට බංකර වල සිටීමෙන් පලක් වන්නේ නැහැ. විකිරණ හමා යනවා. අවම වශයෙන් අඩි දොළහක ඝණකම සහිත වටේම එලෙස ආවරණය වූ බංකරයක නම් කාලයක් ඉන්න පුළුවන්. (නි)
හරින් Monday, 14 March 2016 11:45 AM
ඉල්ලන් කන්න යන්නේ. (අ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 16 March 2016 03:43 PM
කොමියුනිස්ට් රටවල සබ්මැරින් හරියට අපේ පරණ කාලේ දිරච්ච බරකරත්ත වගෙයි. (බ)
සේරම් පැරිස් Thursday, 17 March 2016 11:27 AM
කුමාර් (ගල්ෆ් ) කොමියුනිස්ට් රටවල සබ්මැරින් ඔයා දැකලා තියෙනවද ? ගල්ෆ් වලදී දකින පරණ බෝට්ටු වලට රැවටිලා වාගේ (බ)