පරිගණක කී‍්‍රඩා කිරීම තහනම් කළේයැයි කෝප වු 13 හැවිරිදි දරුවෙක් සිය මවට වෙඩි තබා මරා දැමූ පුවතක් ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
මේ සම්බන්ධ නඩු විභාගය මේ දිනවල විභාගයට ගැනෙයි.සිය මව මරා දැමූ දරුවා පොලිස් හදිසි අනතුරු අංශය අමතා තමන් තම මවට වෙඩි තබා මරා දැමුයේයැයි පවසා ඇති අතර පොලිස් නිළධාරීන් ඒ ගැන එතරම් සැළැකිල්ලක් දක්වා නැත.
එහෙත් මේ දරුවා නැවත නැවත තමන් මේ කරන්නේ විහිළුවක් නොවන බව පවසා සිටි හෙයින් සොයා බැලූ තැන දරුවා සිටි නිවසේ වෙඩි තබා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමට එහි ගිය පොලිස් නිළධාරීන්ට හැකිව තිබේ.
මියගොස් සිටි කාන්තාව ග්රෙචන් කෘක්ස් (37) නම් වූ අතර ඇය මේ දහතුන් හැවිරිදි නොවා කෘක්ස්
නම් දරුවාගේ මව බව පොලිසිය පසුව කළ පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.නෝවා වෙඩි තැබීමට භාවිතා කළේ යැයි සැකකළ මිලිමිටර .22 වර්ගයේ පිස්තෝලයක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.
නෝවාගේ පියා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියේ සිය දරුවාත් තම බිරිදත් අතර නොයෙක් අවස්ථාවන්හි ආරවුල් ඇතිවූවත් ඒවා ඉක්මනින්ම සමථයකට පත්වූ බවයි.මේ සිද්ධිය වුණු දිනයේදී තමන් සිටියේ සාදයක බවත් තම දුරකථනයට කෙටි පණිවුඩයක් එවූ නෝවා මේ ගැන සදහන් කළද තමන් එය නොසළකා හැරි බවත් පසුව පොලිස් නිළධාරියෙක් තමන් අමතා මේ ගැන පැවසූ විට නෝවා තමන්ට එවූ කෙටිපණිවුඩයේ තිබූයේ සත්‍ය බව තමන් වටහාගත්තේ යැයිද ඔහු පැවැසීය.
නෝවා වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෝවා මෙවර වාර විභාගයට අඩුවෙන් ලකුණු ගත් නිසා ඔහුගේ නිදහස සීමා කිරීමට ග්රෙචන් කි‍්‍රයාකරමින් සිට ඇතැයි කීය.අන්තිමේදී
පරිගණක ක්‍රීඩා කිරීමත් තහනම් කළ විට දැඩි සේ කෝපාවිෂ්ටව ඇති නෝවා දෙවරක් නොසිතාම ග්රෙචන්ට වෙඩි තබා ඇතැයිද සිදුවීමේ බරපතලකම ඔහුට තේරී ඇත්තේ පසුව යැයිද නීතිඥයා පැවැසීය.
දෛවයේ සරදමක් මෙන් ග්රෙචන්ට මරු කැදැවූ පිස්තෝලය ඇය විසින්ම නෝවාට පෙර උපන්දිනයකදී
තෑගි කරන ලද්දක් බවද හෙළිව ඇත.
නෝවාට ලබාදිය යුතු දඩුවම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උපන්දින තෑග්ග මවගේ මරුවා වෙයි
නප්දීක් Monday, 06 May 2013 05:17 PM
පුතාගේ අවාසනාව තමයි.(නදී)
චම්පි Monday, 06 May 2013 06:05 PM
දෙයියනේ! මොන අම්මද උපන්දිනේට තුවක්කු ගෙනත් දෙන්නේ? (නි)
අනුර Monday, 06 May 2013 07:49 PM
දැන් කාලේ මේවා නිකන් සාමාන්‍ය දේවල් (නි)
චන්ද්‍රසිරි Monday, 06 May 2013 08:00 PM
දරුවෙකුට ඔහොම තෑග්ගක් දෙනවද මොලේ තියෙනවා නම්. (නි)