ඇලන් ස්ටැන්ලි (21) සිය මව වන මේරි ඈන් හා සිය බිරිද වන සෝනියා (22) සමග ලන්ඩනයේ වික්ටෝරිය උමං දුම්රිය පොළෙන්දුම්රියකට නැගුණේ මේඩ්ස්ටෝන් බලා යාමේ අරමුණෙනි.සෝනියා මාස 9ක ගැබිණියක වූ අතර ඇයගේ දරු ප්‍රසූතියට දින යෙදී තිබුණේ එළැඹෙන සතියේය.
දුම්රිය ගමන් ආරම්භ කර මද වේලාවක් ගත විය.සිය සැමියා සමග කතාබහේ නිරතව සිටි සෝනියා හට එක්වරම විලිරුදා ඇතිවන්නේ ඇලන්ට හා ඔහුගේ මව වන මේරි ඈන්ට කරකියා ගැනීමට දෙයක් ඉතිරි නොකරය.
වහා ඔවුන්ගේ සහයට එන දුම්රියේ අනෙකුත් මගීන් දුම්රිය රියැදුරු හා ගාඩ් දැනුම්වත් කිරීමට කටයුතු කරන්නේ මේ අතරය.ඒ අනුව රියැදුරු දුම්රිය මග නතර කරන අතර ගාඩ් ඇලන් හා සෝනියා සිටි මැදිරියෙන් අනෙකුත් මගීන් ඉවත් කර ඔවුන්ට ඉඩ කඩ ලබා දීමට කටයුතු කරන්නේ සිය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුවය. රියදුරු රොබ් ප්රීයඩි දුමිරියේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් එහි සිටින වෛද්‍ය සේවක සහාය පැතීය.
සේවය නිමකර නිවෙස් බලා යමින් සිටි හා හෙදියක වින්නඹුවකහා පොලිස් නිලධාරින් සෝනියාගේ සහයට පැමිණෙන්නේ ඇලන්ට මහත්ම අස්වැසිල්ලක් වෙමිනි.විනාඩි 15 ක් වේදනා නැති ප්‍රසවයෙන් පසු සෝනියා රාත්තල් 6 යි අවුන්ස 13 ක දියණියක බිහි කළාය. ඇය ඇගේ දෙවැනි දරුවාය. දුම්රිය ගාඩ් කොලින් බ්රූකර් කීවේ උපත ලියාපදිංචිය සදහා පුජකයකු හැර සෙසු සියළු දෙනාම සිටි බවයි. දුම්රිය විනාඩි 45 ප්‍රමාද වීම ගැන ඇලන් ද දුම්රිය රියදුරු ද මගීන්ට සිය කනගාටුව පළ කළහ. දරුවාත් මවත් රෝහලට ගෙන යාම සදහා ගිලන් රථයට ගොඩ කරද්දී මගීහුදුම්රිය වේදිකාවේ පෙළ ගැසී අත්පොළසන් දී සිය සතුට පළ කළහ.
‘‘සියල්ල සිදුවුණේ හරිම ඉක්මනින්.ඔක්කොටම ස්තූතියි.විශේෂයෙන් රියැදුරු හා ගාඩ් මහත්වරුන්ට.සහ මගේ බිරිදට උපකාර කළ ඒ හෙදියට හා වින්නඹු කාන්තාවට.‘‘පවසන්නේ සතුටින් ඉපිළි සිටි ඇලන්ය. දුමිරිය සමාගම ද මවට මල් කළඹක් එවා සුබ පැතීය.
සෝනියා හා ඇයගේ දියණිය රෝහල් ගත කරනු ලැබුහ.ඔවුන් දෙදෙන හොද සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උමං දුම්රිය තිඹිරි ගෙය වේ
ශාන්ත Monday, 11 March 2013 03:40 PM
කලින් රෝහලකට ගියානං ඉවරයිනේ (දී)
පද්මා Monday, 11 March 2013 03:40 PM
මෙන්න මිනිස්සු (දී)
නිමල් Monday, 11 March 2013 03:37 PM
උදව් කල සැමට පින් (දී)
රත්නා Monday, 11 March 2013 03:43 PM
ඔබට දෙවි පිහිටයි (දී)
මහේෂ් Monday, 11 March 2013 03:38 PM
ඒ මිනිස්සු යහපත් (දී)
සකු Monday, 11 March 2013 03:40 PM
ඔබට බුදු සරණයි (දී)
පාලිත Monday, 11 March 2013 03:46 PM
අනේ වාසනාවන් (දී)
රූපා Monday, 11 March 2013 06:01 PM
ගැබිණි මාතාවන්ට උපකාර කිරීම බොහොම පින් ඇති වැඩක් (දී)
මුතුකුඩ Tuesday, 12 March 2013 05:41 PM
මේ කථාව කියවද්දිත් ඇගේ ලේ පිරිසිදු වෙනවා. (නි)
මදුශ Tuesday, 12 March 2013 07:55 PM
අනේ වාසනාවන් (දී)
දෙව්ම්නි Wednesday, 13 March 2013 03:11 AM
තියෙන තිබිරි ගෙවල් මදි වෙලාද?
අමිල කටුනායක Wednesday, 13 March 2013 07:51 AM
හරිම ආසයි කියවන්න. හොද පුවතක්. (නි)