X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


උසම මිනිහයි කොටම මිනිහයි හමුවෙති

පසුගියදා සැමරුණු ගිනස් ලෝක වාර්තා පොතේ 60 වැනි සංවත්සර උත්සවයේදී ලොව උසම මිනිසා හා ලොව මිටිම මිනිසා එකිනෙකා හමුවූහ.

අඩි 8 යි අඟල් 1 ක් උස තුර්කි ජාතික සුල්තාන් කොසෙන් ඉදිරියේ අඟල් 21.5 ක් උස නේපාල ජාතික ඩන්ගි සිටින අයුරු කුඩා කළ නැරඹූ ගලිවර් චිත්‍රපටයේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් සිටි ආකාරය සිහිගැන්වීය.

ඔවුන් දෙදෙන මෙසේ හමුවූයේ ප්‍රථම වතාවටය.අතට අත දෙන්නට යෑමේදී සුල්තාන්ට බිමටම නැමෙන්නට  සිදුවූවත් එය ඔහුට ගණනක් නොවුනි.ලොව කුඩාම මිනිසා හමුවීමේ ආශාවෙන් තමන් පෙළුනු බව ඔහු කීය.

ඩන්ගි නම් වැඩි අදහස් පළ නොකළේය.මේ යෝධයා ඉදිරියේ ඔහු බියපත්ව සිටින බවත් පෙනුණි.

සුල්තාන් කොසෙල් ලොව උසම මිනිසා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ 2009 වසරේදීය.ඒ දක්වා ලෝකයේ උසම මිනිසාව සිටි අඩි 7 යි අගල් 8 ක් උස චීනයේ ෂි සුන්ග් ගේ කිරුළ ඔහු සතුකර ගත්තේය.

ලෝකයේ උසම මිනිසා වීමේ වාර්තාවට අමතරව ඔහු ලෝකයේ විශාලම දෙඅත් හිමි මිනිසාවීමේ වාර්තාවටද හිමිකම් කියයි.ඔහුගේ අතක මැණික් කටුවේ සිට මැදැගිල්ලට ඇති දුර අඟල් 11.22 කි.

නේපාල ජාතික චන්ද්‍රා බහදූර් ඩන්ගි 2012 වසරේ සිට ලෝකයේ මිටිම මිනිසා වීමේ වාර්තාව තමන් සතුකරගෙන සිටින්නෙකි.ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලූදෙනා සාමාන්‍ය උසක් ඇත්තවුන් වන අතර ඩන්ගිට පමණක් මෙසේ අස්වාභාවික මිටි බවක් ලැබුණේ ඇයිදැයි මේ දක්වාම පැහැදිලි කරගැනීමට හැකිව නොමැත.

1415872619504_wps_4_Chandra_Bahadur_Dandi_the 1415872640418_wps_8_Chandra_Bahadur_Dandi_the 1415872672865_Image_galleryImage_Chandra_Bahadur_Dandi_the 1415873042453_wps_10_Chandra_Bahadur_Dandi_the 1415873806355_Image_galleryImage_Mandatory_Credit_Photo_by



අදහස් (0)

උසම මිනිහයි කොටම මිනිහයි හමුවෙති

නිශා Sunday, 16 November 2014 01:18 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති. (ර)

:       0       0

චානක මදුර Friday, 21 November 2014 03:21 PM

හරිම සුන්දර, හදවත රිදුම් දෙන හමුවීමක් . මගෙන් සුබ පැතුම් මේ දෙන්නටම (අ)

:       0       0

ගොඩගේ Thursday, 20 November 2014 03:00 AM

රත්නායකගෙයි අජිත්ගෙයි කුහකත්වය එළියට පැන්නා. ඔවුන්ගේ ප්‍රසිද්ධියට මොන විදිහටද පහරගැසිය යුත්තේ කියා සිතීමේ ප්‍රතිඵල. (නි)

:       0       0

සුමේධ Wednesday, 19 November 2014 05:22 AM

නිශා,මෙය දෙවියන් වහන්සේගේ කාරුණික කැමැත්තමද? (නි)

:       0       0

නිවන්තක Wednesday, 19 November 2014 02:51 AM

හරිම සුන්දර හමුවීමක් (නි)

:       0       0

නන්ද Tuesday, 18 November 2014 05:27 AM

නියම දසුනක් (නි)

:       0       0

කුමාර Tuesday, 18 November 2014 03:32 AM

මිනිසුන් විවිධාකාරයි (නදී)

:       0       0

ලක්මාලි Sunday, 16 November 2014 05:56 PM

අනේ ඇත්තට, මෙහෙමත් දේවල්! (නි)

:       0       0

අජිත් Sunday, 16 November 2014 05:54 PM

බලන්නකෝ ඔවුන්ගේ පෙනුම! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 14 November 2014 12:24 PM

මිනිසුන්ගේ දෛයිවය පුදුමාකාරයි. (ර)

:       0       1

ඩොනල්ඩ් Saturday, 15 November 2014 02:42 PM

අනුකම්පාව දැනෙනවා. එත්, ඔටිවයි වටුවයි මතක්වෙනවා.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 15 November 2014 07:21 AM

මහින්ද මහත්තයයි පොදු අපේක්ෂකයි වගේ..(හේ)

:       0       0

අශෝකා Saturday, 15 November 2014 06:18 AM

මේවා දැකපුවාම හරිම සංවේදී බවක් දැනෙනවා. සංසාරයේ අනිත්‍ය බව වෙනාදාට වඩා දරුණුවට මට දැණුනා. (අ)

:       0       0

දිනේෂ් Saturday, 15 November 2014 04:57 AM

හිතාගන්න අමාරුයි.(හේ)

:       0       0

මංජුල කරුණාරත්න Saturday, 15 November 2014 04:44 AM

ගිනස් පොතට ගියාට මොකෝ දෙන්නම ලෙඩ්ඩු. ලබන ආත්මෙවත් සාමාන්‍ය මිනිසෙක් වෙලා උපදින්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

බන්දු Friday, 14 November 2014 10:21 PM

රත්නායක, පෙර කළ පින් බලය වෙන්නත් පුළුවන්. මෙහෙම ප්‍රසිද්ධවෙලා සැප විඳින්න. අපි විඳින දහදුක් වල හැටියට. (නි)

:       0       0

අජිත් Friday, 14 November 2014 03:54 PM

ඒකනම් ඇත්ත රත්නායක. (ර)

:       0       0

රත්නායක Friday, 14 November 2014 01:36 PM

මේවා පෙර ආත්ම වල කල පාප කාර්ම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site