කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් සහ ඔහුගේ මාධ්‍ය ආයතන බි‍්‍රතාන්‍ය දේශපාලනයට බලපෑම් කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ලෙවීසන් නඩු විභාගයේ තවත් සැසිවාරයක් පෙරේදා (28) ලන්ඩන් නුවර දී ආරම්භ වූ අතර, එහි සාක්ෂි දීම සඳහා හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් පැමිණි අවස්ථාවේ ඔහු යුද අපරාධකරුවකු යැයි බැණ වදිමින් විරෝධතාකරුවෙක් අධිකරණ ශාලාවට කඩා වැදුණේය.
නඩු විභාගය පැවැත්වෙන්නේ ලෙවීසන් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ ද ලෙවීසන් සාමිවරයායි. හිටපු අගමැති බ්ලෙයාර් සාක්ෂි ඉදිරිපත් කරමින් සිටිද්දී විරෝධතාකරු හිටිහැටියේ ම අධිකරණ ශාලාවට කඩා වැදුණේ සාමිවරයා පැමිණෙන පසුපස දොරටුවෙනි.
හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඉරාක යුද්ධයට සම්බන්ධ වී, යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කරමින් සහ බැණ වදිමින් අධිකරණයට කරුණු දැක්වීමට විරෝධතාකරු උත්සාහ ගත්තේය.
එහෙත් ආරක්ෂක නිලධාරීන් වහා කඩා පැන ඔහු ශාලාවෙන් පිටතට රැගෙන යෑමට කටයුතු කළේය.
ඉන්පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා විය. එම පුද්ගලයා ඬේවිඞ් ලෝව්ලී වේක්ලින් නමැති 49 හැවිරිදි යුද විරෝධතාකරුවකු සහ සිනමාකරුවකු යැයි පොලිසිය පවසයි.
සිදුවූ සියල්ල සජීවී ලෙස මාධ්‍ය හරහා විකාශනය විය. වේක්ලින් අධිකරණ ශාලාවෙන් ඉවතට ගෙන යෑමෙන් පසු ලෙවීසන් සාමිවරයා කියා සිටියේ වේක්ලින් අධිකරණ ශාලාවට පැමිණියේ කෙසේදැයි සෙවීමට වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. වේක්ලින් සිදුවූ බාධා කිරීම නිසා අධිකරණයේ කටයුතු පැයකට පමණ නතර වූ බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උසාවියට පැමිණි හිටපු අගමැති බ්ලෙයාර්ට විරෝධතාකරුවකුගෙන් බාධා
ඩොක්ටර් Thursday, 31 May 2012 10:24 AM
මෙන්න නියම මිනිහෙක්