සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුුදුරු නගර කිහිපයකට ඉකුත් 21 වැනිදා එල්ල වූ විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් අද (29) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරනු ඇත්තේ ඩමැස්කස් අගනුවරට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමය.
එම පරීක්ෂණ කණ්ඩායම විස වායු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියේ ඉකුත් 26 වැනිදාය.
පරීක්ෂණ කණ්ඩායම ඩමැස්කස් අගනුවරට පැමිණියේ, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ අවසරය හිමි වීමෙන් පසුවය.
පරීක්ෂණ කණ්ඩායමට ආරක්ෂාව දීමට සිරියානු රජය පොරොන්දු වී තිබුණු නමුත් සිරියා රජය කියා සිටි පරිදි කැරැලිකාර පාර්ශ්වය ඒ ගැන සහතිකයක් ලබා නොදුන් නිසා පරීක්ෂණ කටයුතුවලට ද බාධා එල්ල වූ බව වාර්තා විය.
පසුගිය 26 වැනිදා සවස එම පිරිස රැුගත් රිය පෙරහර, විස වායු ප‍්‍රහාරයට ලක් වූ බව කී ප‍්‍රදේශයේ සංචාරය කිරීමට යද්දී ස්නයිපර් ප‍්‍රහාරයකට ලක් විය.
ස්නයිපර් තුවක්කුකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් පරීක්ෂණ කණ්ඩායමේ කිසිවකුටවත් අනතුරක් සිදුනොවුණු අතර, තුවක්කුකරුවන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පරීක්ෂණ කණ්ඩායම සමඟ ගිය සිරියානු රජයේ හමුදා සෙබළුන් සමත් වූ බව විදෙස් පුවත් සේවා එම අවස්ථාවේදී වාර්තා කළේය.
තම පරීක්ෂණ කණ්ඩායමට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීම තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සෙරීන් නමැති විස වායුව යොදා ගනිමින් ඩමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි කුඩා නගර තුනකට මිසයිල ප‍්‍රහාර එල්ල වූයේ ඉකුත් 21 වැනිදාය. එම ප‍්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 1,700 දෙනකු මිය ගිය අතර තවත් 4,000 ක් රෝගී වූහ.
විස වායු ප‍්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි කැරැලිකාර පාර්ශ්වය චෝදනා කරන අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ප‍්‍රකාශ කරන්නේ විස වායු ප‍්‍රහාරය කැරැලිකරුවන් විසින් සිදු කරනු ලැබූවක් බවය.
සෙරීන් විස වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනෙන අතර ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ විශාලතම සෙරීන් විස වායු තොගය ඇත්තේ සිරියානු රජය සතුව කියාය.
![]() |
එක්සත් ජානීන්ගේ පරීක්ෂකයෝ විස වායු ප‍්‍රහාරයට ලක් වූ නගරවල සංචාරය කරමින්... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. පරීක්ෂණ වාර්තාව අද
ධම්ම Thursday, 29 August 2013 02:25 PM
මේ සංවිධානෙ නියමෙට පාර කපලා දෙයි ඇමෙරිකන් හමුදාවලට. ඉරාකෙට පාර කපා දුන් හැටි අපට තාම මතකයි. (ස)