එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉරාන ජනපතිට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්විණි.
එම විරෝධතා පැවැත් වූයේ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් නැවැතී සිටි වෝවික් හෝටලය ඉදිරිපිටය. නිව්යෝක් පොලිසිය පැවැසුවේ විරෝධතාවට සිය ගණනක් දෙනා සහභාගී වූ බවය.
ඇමෙරිකානුවන්ට අමතරව ඉරානයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ ජීවත් වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන් ද විරෝධතාවට එක් ව සිටි බව වාර්තා විය.
විරෝධතාවට එක් ව සිටි ඇතැම්හු ජනාධිපති අහමදිනෙජාද්ගේ මුහුණට සමාන අයුරින් වෙස් මුහුණු පැළැඳි සිටියහ.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවත්, ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය බවත්, ජනපති අහමදිනෙජාද් යක්ෂයකු බවත් පවසමින් ද තවත් විරෝධතාකරුවෝ පිරිසක් කෑ කෝ ගසන්න වූහ.
2005 වසරේ ජනපතිධුරයට පත් වීමෙන් පසු ඉරාන ජනපති අහමදිනෙජාද් සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහභාගී වී සමුළුව අමතා ඇත. මෙවර ඔහු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන්නේ අවසන් වතාවටය.
පසුගිය වසරවල සමුළු ඇමැතූ සෑම අවස්ථාවකදීම ජනපති අහමදිනෙජාද්, ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානයේ සතුරා වන ඊශ‍්‍රායලයට බැණ වැදුණේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. මහා මණ්ඩල සැසිවාරය ඇරැඹෙයි
කපිල Wednesday, 26 September 2012 11:23 AM
තමන්ගේ ගෙදර දේවල් ගැන බලා අනුන්ගේ දේවල් නොසොයා ඉන්නවා නම් තමා හොද, ඇමරිකානුවනි. (නි)
වරුණ Wednesday, 26 September 2012 12:45 PM
මට හිතෙන විදියට කවදාහරි ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නෙත් ඉරානයෙන් තමයි. (නි)
රාජා Wednesday, 26 September 2012 03:59 PM
ඔව් ඉතින් ඇමරිකාවට විරුද්ධනම් එයා ත්‍රස්ථවාදීන්ට උදව් කරනවා, භයානක අවි තියෙනවා. පක්ෂයිනම් එයා සාන්ත දාන්තව ඉන්නවා..(ස)
මදු Wednesday, 26 September 2012 05:01 PM
ඇමරිකාව මොනවා කරයි ද (අ)
ෂෙරීෆ් Wednesday, 26 September 2012 08:02 PM
මතකනේ යුද්ධය අවසානයේදී ඇමරිකාව දාපු ලෙඩ. (නි)
මාධව Wednesday, 26 September 2012 10:13 PM
අපිට මොකද අනේ
සිල්වා පැරිස් Wednesday, 26 September 2012 10:45 PM
එඩිතර ඇමරිකානු විරෝධියෙක්.. ජය වේවා..! අහමඩ් (නු)
රාජා Thursday, 27 September 2012 11:48 AM
ඇමරිකාව ලෝකෙ තියෙනකල් අනික් රටවල් වලට වෛරස් බෙදන එක නවතින්නෙ නැහැ. (නි)
මධූ Thursday, 27 September 2012 12:21 PM
ඊලඟ ඉලක්කය (ස)
ද සිල්වා Thursday, 27 September 2012 01:05 PM
කරන දේ කියන කියන දේ කරන ශක්තිමත් නිර්භීත නායකයෙක්..! (නු)
හිල්මි Friday, 28 September 2012 02:24 AM
අද නම් ලියලා තියෙන ප්‍රතිචාර ටිකක් බුද්ධිමත් විදියට ජාතිවාදයෙන් තොරව ලියලා තියෙනවා. (නි)
සමන් Friday, 28 September 2012 10:46 AM
අහමදි නෙජාඩ් හොදයි. ගඩාපි හොදයි .බින් ලාඩන් හොදයි. සදාම් හුසේන් හොදයි. මම ජාතිවාදී නෑ නේද හිල්මි? (ස)