එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී ආමෝස් පෙරේදා (29) සිරියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී සිරියා රජය ඊට එරෙහි විය. වැලරී ආමෝස්, සිරියාට යෑමට සැරසුණේ එරට පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගැන සොයා බලා, විපතට පත් වන අහිංසක සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කිරීමට යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ”මා සිරියාවට පැමිණෙනවාට සිරියා බලධාරීන් කැමැත්ත පළ කළේ නැහැ. ඔවුන් කීවා ඔවුන් ඊට අවසර ලබා දෙන්නේ නැහැ කියලා. ඒ ගැන මා දැඩි ලෙස කනස්සල්ලට පත් වෙනවා” යැයි වැලරී ආමෝස් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (1) කියා සිටියාය. ”ලැබෙන වාර්තාවලට අනුව සිරියා සිවිල් වැසියන්ට ආධාර ඕනෑ. රජයේ හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් තුවාල ලැබූ බොහෝ දෙනකුට ඖෂධ නැහැ. ඇතැමුන්ට කෑම නැහැ. බොන්න වතුර නැහැ. ඒවා ඔවුන්ට ඉක්මනින් ලබා දීමට කටයුතු කළ යුතුයි” යැයි වැලරී ආමෝස් අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ මේ වනවිට සිවිල් වැසියන් 7,500 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානියා එනවාට සිරියා රජයේ විරෝධය