ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට අනතුරක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ එරට නව ජනපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ සම්මේලනයක්, පෙරේදා (20) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැති අතර එහිදී, ඉන්දියාව ඉරානය වෙනුවෙන් හඬ නැගීය.
පරමාණු බෝම්බ නිපදවා ලොවට අනතුරක් කිරීමට ඉරානයට අවශ්‍ය වූවා නම්, ඔවුන්ට එය කරන්න තිබුණු බවත් එය එසේ නොවුණු බවත් ඉන්දීය නියෝජිත මාරූෆ් රේසා එම සම්මේලනයේදී අවධාරණය කළේය.
ඉරානය පමණක් නොව, ඉන්දියාව ද න්‍යෂ්ටික බලාගාර පවත්වා ගෙන යයි. ඒ, රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමටය. එහෙත් ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත. ඉරානයට එසේ අනුමැතිය හිමි වී නැත. ඒ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සිදු කරන්නේ හිතුවක්කාරී අන්දමින් යැයි චෝදනා එල්ල වී ඇති නිසාය. එම හේතුව නිසා ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක යොදා ඇත.
සමුළුවට එක් වී සිටි ඊශ‍්‍රායල සහ ඇමෙරිකා නියෝජිතයන් කියා සිටියේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකට ප‍්‍රබල තර්ජනයක් වනු ඇති බවය. කෙසේ නමුත් ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරී හසන් රොහානී සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානමින් සිටින බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. සම්මේලනයේදී ඉන්දියාව ඉරානය වෙනුවෙන් හඬ නඟයි