එංගලන්තයේ ප්‍රාථමික පාසල් වලට ආසියානු ගණිත ක්‍රමය හදුන්වාදීමට එරට රජය කටයුතු කරන බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
මේ සදහා 8000කට අධික පාසල් ප්‍රමාණයකට යුරෝ මිලියන 41ක් ලබාදීමට සුදානම් බවද වාර්තා වෙයි.
ෂැන්හයි,සිංගප්පුරුව සහ හොන්කොන් වැනි ප්‍රදේශ වල වැඩියෙන් භාවිත වන ගණිත ක්‍රම පිළිබද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.එම ක්‍රමවේදය මේ වන විටත් සමහර පාසල් වල භාවිත වෙන නමුත් නව ගුණාත්මක යෙදවුම් මගින් එම ක්‍රමය තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් වේ.ගුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අමතරව රූපරාමු, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උසස් තත්වයේ පෙළපොත් භාවිතා කරමින් දරුවන්ට ගණිත ක්‍රමවේද සොයාගැනීමට උපකාරී කරන ක්‍රමවේදයක් මගින් එම වෙනස සිදුකිරීම වැඩ කටයුතු යොදවා තිබේ.
එමගින් දරුවන්ට නව අදහස් ඇති කරගැනීමට මෙන්ම ඉගැන්වෙන ගණිත සංකල්ප තම උත්සාහයෙන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන බව සදහන් වේ.මේ සදහා ගුරුවරුන් පුහුණු කළ බවද බලධාරීහු පවසති.ලොව පුරා සාර්ථක වන ක්‍රමවේදයන් යොදාගනිමින් තම රට තුල ගණිත ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කරන බව පාසල් භාර අමාත්‍යවරයා පැවසුවේය.
එංගලන්තයට වඩා සිංගප්පුරුව වැනි රටවල අවුරුදු 15ට අඩු මුලික ගණිත හැකියාව නොමැති ළමුන්ගේ ප්‍රතිශතය සියයට 10කින් අඩු බව ජාත්‍යන්තර පරීක්ෂණ පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එංගලන්ත පාසල්වලට ආසියාවේ ගණිත ක්‍රමයක්
රවීන් Wednesday, 13 July 2016 12:46 AM
අපෝ එංගලන්තෙට හොඳ ලංකාවේ ගණිත ක්‍රමය. එහෙම වුණා නම් ටෝනි බ්ලෙයාර් ගණන් හදපු විදියේ වරද පෙනෙන්නේ නැහැ. එතකොට ඉරාකේ යුද්ධයත් සාධාරණිකරනය කරන්න තිබුනා. අර අපේ දේශපාලුවෝ ගණන් හදලා පෙන්නනවා වගේ. (නි)
රුක්ෂාන් Wednesday, 13 July 2016 08:07 AM
ලංකාවේ ගණිත ක්‍රමය 2/2= 0 නේ...(බ)