X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


එංගලන්තෙ සංහිඳියාව ගැන කැමරන් කියයි

එක්සත් රාජධානිය ක්‍රිස්තියානි රටක් බවත් එසේ පැවසීමට බිය විය යුතු නැති බවත් එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් කියයි.

 ජේම්ස් රජුගේ බයිබලයේ 400 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.

ජිවත් වීමට ඉඩ දෙන සංකල්පය ඔස්සේ අන්‍යාගමිකයන්ටද එවන් රටක ජිවත් වීම ආරක්‍ෂිත බව හෙතෙම පැවසිය.  එමෙන්ම ක්‍රිස්තියානි රටක් වූ පළියට අනෙක් ආගම වලට එරෙහිව ක්‍රියා කිරීම වැරදි බව ද කැමරන් ප්‍රකාශ කළේය.

ප්‍රංශය වැනි රටවලට වඩා එංගලන්තයේ යුදෙව්වන්ට සහ ඉස්ලාම් ආගමට නිදහස ඇති බවත් එංගලන්තය අනෙක් ආගම් වලටත් වාසස්ථානයක් වීම පිළිබද සතුටුවන බවත් අගමැතිවරයා සදහන් කළේය.

රටක් ශක්තිමත් වීමට අන්‍යාගම් ද අවශ්‍ය බව හෙතෙම පැවසීය. තම රටේ ක්‍රිස්තියානි අනන්‍යතාවය පවතිනතුරු අන්‍යාගමිකයන්ට තම ආගම ඇදහීමට නිදහස ඇති බවද ඔහු කීවේය. එංගලන්තයේ ආගම් අනුව ප්‍රතිශතය ක්රිස්තියානි: 72% ආගමක් නොමැති: 16% මුස්ලිම්: 3% හින්දු : 1%කි.



අදහස් (0)

එංගලන්තෙ සංහිඳියාව ගැන කැමරන් කියයි

නාරද Monday, 27 June 2016 03:19 AM

එ්කට අපේ රට! (නි)

:       0       0

සංජීව Monday, 27 June 2016 03:25 AM

ඒ වුණාට කැමරන් මහත්තයෝ අපේ රටේ මීටත් වඩා නිදහස තියනවනේ. (නි)

:       0       0

උපාලි Monday, 27 June 2016 03:32 AM

ශ්‍රී ලංකාවේත් බෞද්ධ අනන්‍යතාවය පවතිනතුරු අන්‍යාගමිකයන්ටත් තම ආගම නිදහසේ ඇදහීමට නිදහස ඇත. (නි)

:       0       0

රෝෂන් Monday, 27 June 2016 04:05 AM

ඉංග්‍රීසීහු ලංකාවේ ආගම පැතිරවීම සම්බන්ධයෙන් ගෙනගිය භීෂණය දන්නෝ දනිති. (නි)

:       0       0

ප්‍රියංගා Monday, 27 June 2016 07:29 AM

කිසියම් රටක් යම්කලෙක මුස්ලිම් ආගමට නතු වේද එම රටේ අන්‍යාගමික අනන්‍යතාවය නැතිවී යනු ඇත. ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි (බ)

:       0       1

නලින් Monday, 27 June 2016 08:57 AM

අපේ රටෙත් මෙහෙම වෙනවානම් කොච්චර හොදයිද.? (ර)

:       0       0

බෙනට් Monday, 27 June 2016 10:32 AM

ඕනෑම රටක ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තිබිය යුතුයි කියලා ලෝක නීතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පනවා ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටවිය යුතුයි .එහෙම වුනොත් මේ එක එක රටවල ආගම් ප්‍රශ්න පැන නගින එක ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි .(හේ)

:       0       0

තිලක් Monday, 27 June 2016 10:41 AM

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ? (හේ)

:       0       0

කරු Monday, 27 June 2016 10:10 PM

හැබැයි 6% වුණදාට ඔය කියපු සංහිඳියාවේ, කෑලිවත් නැතුව තිය‍ෙයි. (නි)

:       0       0

පුබුදු Tuesday, 28 June 2016 05:39 AM

එ්කටත් එක්ක අපේ රටේ! (නි)

:       0       0

කපිල Tuesday, 28 June 2016 07:39 AM

එංගලන්තය ක්‍රිස්තියානි රටක් තමයි ඒකෙ කිසිම වැරදීමක් නැහැ. හැබැයි එහෙම කියන කැමරන්ලා ලංකාව බෞද්ධ රටක් කියලා පිළිගන්න කැමති නැහැ. (නි)

:       0       0

තුසිත Tuesday, 28 June 2016 08:41 AM

රෝෂන්, ප්‍රියංගා, කරු, උපාලි, ඔයාලා හරි. ඔය කියන සංහිඳියාව ගැන මහා ලොකුවට කතාකරන අයගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනකම් විතරයි. සංහිඳියාව කියන්නේ ඊටපස්සේ ඒ අයගෙම මතයයි. එදාට ඔය කියපු සංහිඳියාවේ කෑලිවත් නැතුව තිය‍ෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site