X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


එබෝලා මර්ධනය කළ අයටත් පහරදී මරා දාලා

එබොලා වසංගතය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක් සඳහා සූදානම් වු සාමාජිකයන්  අටදෙනෙකුට පොලුවලින් ගසා පිහිවලින් කපා මරාදමා ඇතැයි ගිනි රාජ්‍යෙයන් ලැබෙන වාර්තාවල සඳහන්වේ.

මැරුම් කා ඇති පුද්ගලයන් අතර සෞඛ්‍ය සේවකයන්,මාධ්‍යවේදීන් සහ රාජකාරීයේ යෙදී සිටි නිලධාරින් ද වන බව වාර්තාවේ. මෙම මළසිරුරු හමුවී ඇත්තේ නිසෙරෙකොර් නගරය සමීපයේ පිහිටි පාසැලේ වැසිකිලි වළක තිබියදීය.

වාර්තාකරුවන් පවසන්නේ බොහෝ ගැමියන් සිතන්නේ මෙම නිලධාරින් පිරිස රෝගය පැතිරවීමට පැමිණෙන අය බවයි.

එබොලා වෛරසය ශරීර ගතවු පුද්ගලයන් 2600 කට වඩා මේවන විට මියගොස් තිබේ.

මෙම රෝගය ලෝකයේ දරුණුම ලෙස පැතිර ගිය අවස්ථාව මෙයයි.

අසල්වැසි රටවන සියරා ලියොන් මෙම රෝගය පැතිරීම වැලැක්වීම සඳහා දින තුනක ඇඳිරි නීතිය පනවා ඇත. මෙම කරුණ බොහෝ දෙනාගේ මතබේදයට තුඩු දී තිබේ.

එබෝලා වසංගතය මුලින්ම වාර්තා වූ දකුණු ගිනි රාජ්‍යෙය් වෝමේ ගම්මානයට ලඟාවු මෙම කණ්ඩායමට ගම්වැසියන් විසින්  ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔවුන් අතුරුදන් වී ඇත.

මෙම ප්‍රහාර වලින් පණබේරාගත් මාධවේදිනියක් වාර්තාකැර ඇත්තේ ඇය සැඟවි සිටින විටදී පවා ගම්මුන් විසින් ඇයව සොයාගැනීමට උත්සාහ කළ බවයි.

සෞඛ්‍ය ඇමති සමග රජයේ නිලධාරි කංඩායමක් මෙම ප්‍රදේශයට පිටත් ව ගියද එයට යන මාර්ගයේ පිහිටි පාලමක් අවහිර කැර ඇති බැවින් ගම්මානයට ඇතුළුවීමට හැකියාවක් නැත.



අදහස් (0)

එබෝලා මර්ධනය කළ අයටත් පහරදී මරා දාලා

පිටිගල Sunday, 21 September 2014 07:04 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 22 September 2014 04:16 AM

අප්‍රිකානු රටවල බහුතරයක් මුස්ලිම් අන්තවාදී ගොත්‍රිකවාදී පිරිස් වේ,ඒ නිසා ඔවුන් සාමාන්‍ය සමාජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දැනුමක් නැති කොට්ටාසයකි ඒ නිසා අපි ඔවුන්ට අනුකම්පා කරමු ඔවුන්ට ස්වභාවධර්මයෙන් පිළිතුරු ලැබේවි?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site