2014 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 298 දෙනකු මරණයට පත් කරමින් විනාශ වූ මැලේසියා ගුවන්සේවයට අයත් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බව අනාවරණය වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් මගින් ගුවන් යානයට ප්‍රහාර එල්ලවී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලය කියයි.
නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය යුක්රේන - රුසියා දේශ සීමා ආසන්නයේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටිණි.
බටහිර හා යුක්රේනය රුසියාවට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නමුත් රුසියාව සඳහන් කළේ යුක්රේන ආරක්ෂක හමුදා මිසයිලයකින් යානය විනාශ වූ බවයි.
අලුතින් නිකුත්වූ වාර්තාවේ මිසයිල ප්‍රහාරයකින් යානය විනාශවූ බව සඳහන් වුවද එය කවුරුන් එල්ල කළ එකක්දැයි සඳහන් කර නැති බවද විදේශ ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එම්.එච් 17 යානයේ මාරයා මිසයිලයක්
නාමල් Wednesday, 14 October 2015 07:45 AM
යුක්‍රේනයේ මිනිස්සු තමරටේ සිටි රුසියාවට ගැති ජනාධිපතිවරයා පන්නා දැමුවා. ඒකට පිලිතුරු ලෙස රුසියාව යුක්‍රේනය අස්ථාවර කරන්න ඒ රටේ නැගෙනහිර පෙදේසේ රුසියන් බස කතාකරන ජනයා අතර බෙදුම්වාදය ඇවුලුවා ඔවුන්ට ස්වයංපාලනයක් සදහා සටන් කරන්න අවි සැපයුවා.එසේ සපයන ලද ගුවන්යානා නාශක මිසයිලකින් වැරදීමකින් එල්ලවූ ප්‍රහාරයකින් තමා මේ යානය විනාශවෙලා තියෙන්නේ. (ර)
arschfikaa Wednesday, 14 October 2015 08:19 AM
පවු හිතට හරිම දුකයි (අ)
මානි Wednesday, 14 October 2015 03:40 PM
නාමල් ඔබ හරි, රුසියාව ඔය කියන තරම්ම හොඳ රටක් නොවේ. වර්ණබේදවාදය තදින්ම තිබෙන රටකි. යූ ටියුබ් එකේ ස්කින් හෙඩ් වීඩියෝ බලන්න (බ)
සහන් Thursday, 15 October 2015 03:08 AM
වෙන්න පුළුවන් දේවල් ගැන තමයි හැම රටම කියන්නේ. මේ අතර රටවල් කොටවන එක තමා වැඩියෙන්ම වෙන්නේ පුද්ගලික කෝන්තර පිරිමහගන්න (ම)
වසන්ජය Thursday, 15 October 2015 09:17 PM
මීට අවුරුදු ගණනාවකට පෙරත් රුසියාව ස්කාලින් දුපතට උඩින් පියාසර කළ සාමාන්‍ය මඟී ගුවන් යානයකට මිසයිල් ගහලා අහිංසක ජීවිත රැසක් නැතිවුණා (නි)