පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ අනතුරට හේතුව කාර්මික උපාංගයක දෝෂයක් බව ඉන්දුනීසියාවේ ප්‍රවාහන ආරක්ෂාව සම්බන්ධ ජාතික කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.
ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේ සිට සිංගප්පූරුව වෙත ගමන්ගත් මෙම යානයේ කාර්යමණ්ඩලය ඇතුළු මගීන් 162දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.
තවදුරටත් එම වාර්තාවේ දක්වා ඇත්තේ ගුවන් යානයේ පාලනයට සම්බන්ද උපාංගයේ දෝෂය නිවැරදි කිරීමට ප්‍රධාන නියමුවා ගත් උත්සාහයේදී යානයේ ස්වයංක්‍රීය පාලක උපකරණ ක්‍රියා විරහිත වී ඇති බවයි. එම අවස්ථාවේ පාලක මැදිරි පාලනයෙන් මිදුනු යානය හැසිරවීමට සහාය නියමුවා අසමත් වී ඇත. මෙම පද්ධතිය ගුවන්ගමන අතරවාරයේ සිව් වතාවක් අක්‍රිය වී ඇති බවද පර්යේෂකයෝ පවසති. අනතුරට පෙර සිදුකල ගුවන්ගමන් වලදී එම පද්ධතිය 23 වතාවක් අක්‍රිය වී ඇති බවද වාර්තා වී ඇත.
හදිසි අවස්තාවකදී ක්‍රියා කළයුතු ආකාරයට කාර්යමණ්ඩලය කටයුතු කළේ නම් මෙම අනතුර වලක්වා ගත හැකි වනු ඇති බව පරීක්ෂකයන්ගේ මතයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එයාර් ඒෂියා අනතුර වළක්වා ගන්න තිබුණා
ලංකානි Thursday, 03 December 2015 08:17 AM
දැන්වත් මේවා ආදර්ශයට අරගෙන වැඩකරනවා නම් හොඳයි (නි)