X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


එලාම් වෙලාව ලෙඩ ගොඩකට අත වනයි

ප්‍රමාණවත් තරමේ නින්දක් නොලබා එලාම් ඔරලෝසුවක පිහිටෙන් අවදිවීම යනු හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග රාශියකට අත වැනීමක් යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

මිනිස් මොළයේ ස්වභාවිකවම තැනුණු ‘එලාම්‘ ඔරලෝසුවක් ඇති බවත් එහි ක්‍රියාකාරීත්වය නොසළකා කටයුතු කරන්නට යාම දිගු කාලීනව අහිතරක ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවත් ඔවුහු පවසති.

පර්යේෂක පිරිස නින්දේ ස්වභාවය අනුව මිනිසුන් කොටස් දෙකකට ඛෙදා හදුන්වති.එක් කොටසක් වේලාසනින් නින්දට යෑමට ස්වභාවිකවම හැඩගැසී ඇති පුද්ගලයෝය.ආසියා ජාතිකයින් මේ ගණයට අයත් වේ.අනෙක් කාණ්ඩය වේලාව පසුවී නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෝය.ඇමරිකා හා යුරෝපා ජාතිකයින් මේ ගණයට අයත්ය.

වේලාසනින් නින්දට යන්නෝ වේලාසනින් අවදි වන්නෝය.ඒ හා සමානව ප්‍රමාද වී නින්දට යන්නෝ ප්‍රමාද වී අවදිවන්නෝය.

මේ සමතුලිතතාවය බිද හෙළීමට කිසියම් කෙනෙකු උත්සාහ කරන්නේ නම් එය ඔහුගේ සෞඛ්‍යයට ඉතා අහිතරක වනු ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

උදාහරණයක් ලෙස වේලාසනින් නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෙකු සළකමු.නමුත් ඔහු මැදියම් රැය වන තෙක් වැඩකටයුතු වල යෙදේ යැයිද උදෑසන ඔහුට වේලාසන අවදි වීමට සිදුව ඇතැයිද සළකමු.මෙහිදී ඔහුගේ මොළයේ ඇති ස්වභාවික ‘එලාම්‘ ඔරලෝසුවට අනුව වැඩකටයුතු කිරීමට ඔහුට හැකියාවක් නැත.එනිසා බාහිරින් සහය ලබා ගැනීමට ඔහුට අවැසි වේ.කෝපි බොමින් රැය පහන් කරන ඔහු උදෑසන ඇද අද්දර තබා ඇති එලාම් ඔරලෝසුවක හඩින් අවදි වේ.

මෙසේ තමන්ට වුවමනා පරිදි සිරුර ‘බල‘ කරවා වැඩෙහි යෙදවීම අයහපත් බව පර්යේෂකයෝ කියති.නිදිවරා නැවත උදෑසනම අවදි වීමේදී සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට විවිධාකාරයේ හෝමෝන නිදහස් කිරීමට සිරුරේ පද්දති වලට සිදුවන බවත් මෙය අනාගතයේ හෘදයාබාධ,අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවීමට හේතුවන බවත් ඔවුහු පවසති.

මේ ආකාරයටම ප්‍රමාදවී නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෙකු සළකමු.ඔහුට වේලාසනින් නින්දට යන්නැයි කීම හෝ වේලාසනින් අවදි වන්නැයි කීම හෝ ඵලක් නොමැති බවත් සිරුරේ ස්වභාවික ක්‍රියාවලිය වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම සුදුසු බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

හොදම දෙය තමන් රැය පහන් වනතෙක් වැඩෙහි යෙදීමට හෝ වේලාසනින් නින්දට ගොස් වේලාසනින්ම අවදි වීමට හැඩගැසී ඇති පුද්ගලයෙකුදැයි තමන්ම සොයාගෙන ඒ අනුව තමන්ගේ දින චර්යාව සකස් කර ගැනීම බව පර්යේෂකයින්ගේ අදහසයි.

වත්මන් ලෝකයේ කාර්යබහුලත්වය හමුවේ මෙවැන්නක් කළ නොහැකි බවද ඔවුහුම පිළිගනිති.

එනිසාවෙන් මොළයේ ‘එලාම් ඔරලෝසුව‘ රැවැටිය හැකි ක්‍රම කිහිපයක්ද ඔවුහු හෙළි කරති.

රැය පහන් වනතෙක් වැඩෙහි යෙදී උදෑසනම නැගිටීමට අවශ්‍ය වේ නම් ආලෝකයෙන් පිරි කාමරයක සිටීම උපකාරී වනු ඇතැයි ඔවුහු කියති.ආලෝකය යනු මොළයේ එලාම් ඔරලෝසුවේ කි්‍රයාකාරීත්වය රැවටිය හැකි හොදම උපක්‍රමය යැයි ඔවුහු හදුන්වාදෙති.

එසේම උදය ආහාරය ගැනීම ඉතා වැදගත් යැයි ඔවුහු පවසති.

රැය පහන්වන තෙක් වැඩෙහි යෙදීමට ස්වභාවිකවම හැඩගැසී ඇතත් වේලාසනින් නින්දට යෑමට අවශ්‍ය වේ නම් කළ යුත්තේ සවස් යාමයෙහි දැඩි සේ වෙහෙස නොවී,ආලෝකය ලැබීම අවම, මදක් අදුරු පරිසරයක සිටීම බව පර්යේෂකයෝ කියති.

වේලාසනින් නින්දට යෑමට ස්වභාවිකව සකස්වී ඇතත්, රැය පහන් වන තෙක් වැඩෙහි යෙදීමට අවශ්‍ය ඇත්තෝ මේ සියල්ලේ ප්‍රතිවිරුද්ධ දේ කළ යුතුයැයි ඔවුහු පෙන්වා දෙති.එනම් අදුරු නිදන කාමරයක්, උදය ආහාරය ප්‍රමාද කිරීම, සවස් යාමයෙහි වෙහෙසවී වැඩෙහි යෙදීම, වැනි ලෙසටය.

බලෙන් අවදිකරවාගෙන හෝ බලෙන් නින්දට යවාගෙන සිරුරට වද දෙනවාට වඩා එය රවටා වැඩෙහි යෙදීම සෞඛ්‍යට තර්ජනයක් එල්ල නොකරන බව පර්යේෂකයෝ පවසති.

බොහෝ දෙනා තමන් කුමන ආකාරයේ නිදන්නෙකුදැයි හෝ අවදිවන්නෙකුදැයි නොදැන සිටීම මේ සියල්ලට මුල්වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

රැකියා ස්ථාන වල බළධාරීන් පවා තම සේවකයින්ගේ නින්දේ ස්වභාවය ගැන සැළකිලිමත්වන්නේ නම් වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි වනු ඇතැයිද පර්යේෂක පිරිස කියති.



අදහස් (0)

එලාම් වෙලාව ලෙඩ ගොඩකට අත වනයි

චතුර Tuesday, 01 July 2014 01:10 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අනුරාධ ප්‍රනාන්දු Tuesday, 01 July 2014 08:25 AM

මම මේ පිළිබඳව මගේ සේවා ස්ථානයේ සේවක පිරිසත් දැනුවත් කළා. මේ පර්යේෂණ කණ්ඩායමටත් මෙය පළ කළ ඔබටත් මගේ අවංක ස්තුතිය පිරිනමනවා. (නි)

:       0       0

එමානුවෙල් Tuesday, 01 July 2014 04:50 PM

බොහොම හොඳ ලිපියක් (නි)

:       0       0

තරංග Thursday, 03 July 2014 04:57 PM

එකනේ මම ඔෆිස් එකේ නිදාගන්නේ . (දී)

:       0       0

අමිල Friday, 04 July 2014 11:11 AM

‍මේක ඇත්තක්. මම නිදාගනිද්දි කවුරුහරි මාව හොලවල බ‍ලෙන් අවදික‍ළොත් දවල් ‍වෙද්දි හිස රි‍දෙනවා. නමුත් තරමක් ඇතින් ඉඳන් කථා කරල අවදි වුණාට එ‍හෙම නැහැ. (ස)

:       0       0

සරත් කුරු Friday, 04 July 2014 04:12 PM

ඉතා වටිනා ලියවිල්ලක් කියවා බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site