එවරස්ට් කඳුමුදුන තරණය කරන්නන් රජයට ගෙවිය යුතු වන සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හරින්නට නේපාල රජය සැරැසේ.
ඒ අනුව පෙර පුද්ගලයෙකුගෙන් අය කළ පවුම් 15000 ක (රුපියල් 3300000) මුදල වෙනුවට දැන් පුද්ගලයෙකුගෙන් අයකෙරෙනු ඇත්තේ පවුම් 6000 ක් (රුපියල් 1320000) වැනි මුදලකි.
පෙරදී විශාල මුදල් ප්‍රමාණයක් අය කළත් කණ්ඩායම් ලෙසින් පැමිණෙන්නන්ට සහන ලබා දීමට නේපාල බළධාරීහු කටයුතු කළහ.නමුත් නව සංශෝධනයන්ට අනුව කණ්ඩායම් ලෙසින් පැමිණියද එක් එක් පුද්ගලයා පවුම් 6000 බැගින් (රුපියල් 1320000) එවරස්ට් කදුමුදුණ තරණය කිරීම වෙනුවෙන් ගෙවිය යුතුම වේ.
මෙවන් පියවරක් ගනු ලැබූයේ නේපාලයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව බළධාරීහු කියති.
බලධාරීන්ගේ මේ තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ හා ප්‍රවීණ කදුතරණය කරන්නන්ගේ මනාපයක් නොමැත.සංචාරකයින් කොතෙකුත් පැමිණීම නිසා දුූෂිත වී ඇති එවරස්ට් කදු මුදුනේ පරිසරය නැවත සකස් වීමට කාලය දිය යුතුව ඇතැයි ඔවුන්ගේ අදහසයි.
පොලිතින් කොළ,ආහාර දවටන,හිස් ඔක්සිජන් ටැංකි ආදී කැළි කසළ වලින් කදු මුදුන වැසී පවතින්නේයැයිද එවරස්ට් කදු මුදුන ලොව උසින්ම පිහිටි කසළ ගොඩ යැයි හැදින්වීමේ වරදක් නැතැයි යැයිද ඔවුහු කියති.
නමුත් එවරස්ට් තරණයට පැමිණෙන සංචාරකයින්ගෙන් පමණක් වසරකට පවුම් ලක්ෂ 20 ක් පමණ උපයන නේපාලය ඔවුන්ගේ අදහස් පිළිගැනීමට සූදානම් නැත.
පරිසර ආරක්ෂණය වෙනුවෙන් පියවර ගන්නා බව පමණක් නේපාල රජය සදහන් කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එවරස්ට් කන්ද නගින ගණන බහී