X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු

‘එඩ්ස්‘ හෙවත් රෝග මර්දන සහජ හැකියාව හීන වීමේ වයිරසයට සාර්ථක නව එන්නතක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් සමත් වී ඇතැයි බි්‍රතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.

තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම එන්නත, ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටින කැනඩා ජාතික මව්වරුන් සිව් දෙනකුගේ අලූත උපන් බිළිඳුන් සිව් දෙනකුට එන්නත් කළ බවත් ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුරුවලින් වයිරසය තුරන් කිරීමට හැකි වුණු බවත් වෛද්‍යවරු පවසති. සිව් වැනි බිළිදාගේ සිරුරේ වයිරසය යම්තාක් දුරකට අඩපණ වූ බවත් වෛදවරු කියති.

මෙම බිළිදුන්ට, පර්යේෂණ මට්ටමින්ඇති මෙම එන්නත ලබා දී ඇත්තේ ඔවුන් ඉපදී පළමු පැය කිහිපයේදීය. මේ නව එන්නත සම්බන්ධයෙන් බොහෝ වෛද්‍යවරුන් සැක පළ කර ඇති නමුත් ඒ ගැන ලබන 20 වැනිදා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වෙන ඒඩ්ස් සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද ඩේලිමේල් පුවත් සේවය කියයි. 

(ඩේලිමේල් වාර්තාවක් ඇසුරිනි )



අදහස් (0)

ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු

ටිරල් Saturday, 05 July 2014 11:34 PM

අසනීපයකට බෙහෙත් සොයාගැනීම හොඳ දෙයක්. (නි)

:       0       0

රොෂාන් Friday, 04 July 2014 09:51 PM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

විජයබා Friday, 04 July 2014 10:17 PM

ලංකාවේ මිනිස්සු "වංශය කබල් ගගා" ඉන්නවා මිසක් කිසිම අලුත් දෙයක් හොයාගන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් හොයා ගත්තත් ඒක අගය කරන්නෙත් නැහැ. (නි)

:       0       0

පද්මසිරි වික්‍රමනායක Friday, 04 July 2014 10:46 PM

නමුත් අපේ රටෙන් මිට කලින් බෙහෙත් සොයා ගත්ත නේද? ඒ ගැන අවදානයට ලක් උනාද නම් සැක සහිතයි (නදී)

:       0       0

බවන්ත මිහිරාන් Friday, 04 July 2014 10:53 PM

මේක ඇත්තටම නොවිය යුතු දෙයක්. මිනිස්සු මෙච්චර වැරදි කරද්දී ස්වභාවධර්මයේ ඳඬුවම නැති කීරීම ඒක ලොකු වරදක්. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 05 July 2014 03:55 AM

මේක දැන ගත් පමණින් හතර අතේ යන්නේ නැතිව වැඩ අරිලා ගෙදර යන එක හොඳයි නේද? (නදී)

:       0       0

කුසුමා Saturday, 05 July 2014 10:36 AM

කලබල වෙන්නෙපා.. තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ (නදී)

:       0       0

ලක්ෂිකා Saturday, 05 July 2014 01:48 PM

ලොකු හාස්කමක් වගේම ලොකු පිනක් කව්රු කෙරුවත්. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 06:37 PM

ඇති යාන්තම්. මම මේ බයේ හිටියේ. (නදී)

:       0       0

ශ්‍රී Saturday, 05 July 2014 07:18 PM

මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වාර්තාවක් කියෙව්වා. ඒකේ තිබුනා මිට කලින් තිබු බැක්ටීරියා වසංගත ලිංගික රෝග වලට සොයා ගත් බෙහෙත් අක්‍රීය වෙලා කියා. ලෙඩ හොඳ වෙන්නේ නැහැ කියා. ඉතින් මේ බෙහෙතත් ටික කාලයක් තියේවි (නදී)

:       0       0

සමන්මලී Saturday, 05 July 2014 07:46 PM

මට දැන් ජීවිත කාලෙම මැද පෙරදිග ඉන්න පුළුවන් (නදී)

:       0       0

චරිතා Saturday, 05 July 2014 10:03 PM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

පෙට්රා Friday, 04 July 2014 09:44 PM

වැරදි කරන අය දඩුවම් ලබන්න ඕනෑ කියන එක මෙතැනදී හරිම අනුවණ කතාවක්. හේතුව අප්‍රිකාව වගේ රටවල් වල දරුවන් මේ ලෝකයේ එළිය දකින්නේ මේ වෛරසය එක්ක. මේ බෙහෙත සාර්ථක නම් මුළු ලෝකයම සතුටු වෙන්න ඕනෑ කරුණක් (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 06 July 2014 08:47 AM

ගොඩක් අදහස් දාලා තියෙන්නේ අපේ රටේ මානසික ලෙඩුන් ව‍ගේ අයනේ. නැත්නම් බේත් හොයාගන්න එකට අකමැති මොකද? තමුන්ගේ සහෝදරයෙකුට, ළමයෙකුට හැදුනොත් මොකද කරන්නේ? ඇත්ත කතාව අනිත් අය මැරෙන්න, තමුන්ගේ අය බේරෙන්න කියලා හිතන එකනේ. නේද? (නි)

:       0       0

එමිල් Sunday, 06 July 2014 12:16 PM

ප්‍රසාද්ට මමත් එකඟයි (නි)

:       0       0

දිසාල් Sunday, 06 July 2014 12:16 PM

ඔබ හරි ප්‍රසාද්. ඔහේ කියන්නන් වාලේ කියන අයනේ වැඩි (නි)

:       0       0

සදහම් Sunday, 06 July 2014 04:36 PM

අපේ රටේ දේශීය වෛද්‍යවරියක් විසිනුත් බෙහෙතක් හොයාගත්තා කියලා මම අසා තිබෙනවා (නි)

:       0       0

රුවා Monday, 07 July 2014 11:44 AM

හැංගි හැංගි නටපු අය එලිපිට නටාවී. (නදී)

:       0       0

සැච් Monday, 07 July 2014 01:32 PM

ඒඩ්ස් හැදෙන්න ලිංගික ඇසුරක් ඕනම නෑ. ඒඩ්ස් රෝගියෙකුගේ ලේ අපේ ඇඟ ඇතුලට ආවත් හැදෙන්න පුළුවන්. (ස)

:       0       0

බුද්ධික Monday, 07 July 2014 01:56 PM

හොඳයි, අපිත් ඒඩ්ස් අඩු කරන්න හදනවා, එ්ත් බැහැ. මේක ලොකු දෙයක් (නදී) , , i

:       0       0

ලහිරු Monday, 07 July 2014 02:46 PM

අ‍නේ ඒක හොඳ දෙයක් (නදී)

:       0       0

නීරෝ Monday, 07 July 2014 07:27 PM

හොද දෙයක් (නදී)

:       0       0

එරංග බණ්ඩාර Wednesday, 09 July 2014 01:53 PM

එක එක අවස්ථාවල මේ ගැන අහන්න ලැබුනත් ඒ එකක්වත් මට නම් තවම විශ්වාස නැහැ. මේක ඇත්ත නම් ලෝකයටම කළ ලොකු සේවයක් (නි)

:       0       0

අමිල නුවන් Friday, 04 July 2014 02:05 PM

ජිවිතය ගැන බලාපොරොත්තු නැති වූ අයට අයෙත් වසන්තය ඇවිත් (අ)

:       0       0

කානි Friday, 04 July 2014 11:39 AM

නමුත් අපේ රටෙන් මිට කලින් බෙහෙත් සොයා ගත්ත නේද.. ඒ ගැන අවදානයට ලක් උනාද නම් සැක සහිතයි. (නදී)

:       0       0

මොහාන් Friday, 04 July 2014 11:49 AM

තවම යකා සුදුවෙලත් නෑ නේ. (ස)

:       0       0

සරත් Friday, 04 July 2014 11:55 AM

මෙයට බෙහෙත් හොයන එක ලොකු අපරාධයක්. වැරදි කරන කෙනා විඳ වන්න ඕන. නීතියෙන් දඩුවම් නොලබන මොවුන්ට මේ දේ වෙන්නම ඕන. එත් අහිංසක දරුවෝ බේරගන්න වැඩ පිළිවෙලක් හොයන එක ලොකු පින්කමක්. (ස)

:       0       0

රුවන් අබේවර්ධන Friday, 04 July 2014 12:10 PM

එ්ක ගොඩක් හොදයි (නදී)

:       0       0

දනුෂ්ක පෙරේරා Friday, 04 July 2014 12:13 PM

නියමයි (නදී)

:       0       0

උදාර ධනංජය Friday, 04 July 2014 12:31 PM

මේක ඇත්තටම අගයන්න ඕනා. එ් උනාට දැන් මිනිසුන්ට තියෙන බය නම් අඩු වේවි. (නදී)

:       0       0

ප්‍රේමසිරි Friday, 04 July 2014 12:37 PM

හොඳ දෙයක් (ස)

:       0       0

කසුන් Friday, 04 July 2014 12:38 PM

ඇත්තෙන්ම හොද වැඩක් කරල තියෙන්නේ. (නදී)

:       0       0

චතූ Friday, 04 July 2014 12:48 PM

ලංකාවෙ ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්ත වෛද්‍යවරිය මීට ගොඩක් දවසකට කලින් බෙහෙත් හොයා ගත්තා.ඒ ගැන කිසි කෙනෙක්ට ගානක් නෑ.ලංකාවෙ දේ වටින්නේ නැහැනේ. (ස)

:       0       0

සමන්මලී Friday, 04 July 2014 02:05 PM

කොහොම වුණත් අසනීපයකට බෙහෙත් සොයා ගෙනීම, හොද දෙයක්, (අ)

:       0       0

හසන්ත Friday, 04 July 2014 09:35 AM

සතුටුදායක පුවතක් (නි)

:       0       0

සමන් Friday, 04 July 2014 02:06 PM

ලෙඩකට බෙහෙත් සෙයා ගැනීම ඉතා හොඳයි (අ)

:       0       0

සජිත් උදිත Friday, 04 July 2014 02:14 PM

මේක වෙන්න ඕනේ මෙහෙමයි. ළදරුවන්ට පමණක් සාර්ථකව ක්‍රියාකරන එන්නතක් හදන්න ඕනේ. ලොකු අය විඳවන්නම ඕනේ. (නදී)

:       0       0

මිල්ටන් Friday, 04 July 2014 03:25 PM

කාට හරි හැදුනනම් තේරේවි. (ස)

:       0       0

නලින් Friday, 04 July 2014 03:33 PM

මෙතන ඉන්න ගොඩක් අය ලිංගික ඉරිසියාව කියන රෝගය තියන කට්ටිය. මොනම හේතුවක් නිසා උවත් මිනිහෙකුට ලෙඩක් හැදුනොත් ඒක හොද කරන්න ප්‍රතිකර්ම හොයාගන්න ඕනේ (නදී)

:       0       0

ක්‍රිෂාන් මංගල Friday, 04 July 2014 04:32 PM

කවරාකාරයේ උවත් මාරාන්තික රෝගයන් සදහා ප්‍රතිකර්මයන් සොයා ගන්නන් මිහිපිට දෙවියන් හා සමානය. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 04 July 2014 05:56 PM

ලොකු පිනක්. දැන් වැඩියන් හදාගනි මම හිතන්නේ (නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 04 July 2014 06:01 PM

සමහර අයට මේ ආරංචිය ලොකු සතුටක් වේවි (නි)

:       0       0

ආනන්ද Friday, 04 July 2014 06:06 PM

මේ වගෙ දේවල් හොයාගන්න අය හරිම උතුම් (නි)

:       0       0

රුවන් Friday, 04 July 2014 08:45 PM

අනේ! කොච්චර හොඳද? (නි)

:       0       0

දිනේෂ් Friday, 04 July 2014 09:17 PM

සමහරු මෝඩ කතා කියනවා, පොඩි අය බේරගෙන ලොකු අය මැරෙන්න අරින්න කියලා. ඇයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් විතරද මිනිසුන්ට ඒඩ්ස් හැදෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site