එම්ආර්එයි පරිලෝකන යන්ත‍්‍රයකට රෝගියෙකු ඇතුල් කිරීමට ගිය ඉන්දීය ජාතික රෝහල් සේවකයෝ දෙදෙනෙක් ඇබැද්දියකට මුහුණ පෑහ.
රෝගියා ඇතුළු කිරීමට ප‍්‍රථමයෙන් යන්ත‍්‍රය පිළියෙල කිරීමේ නිරතව සිටි ඔවුන් අතින් වැරදීමකින් යන්ත‍්‍රය කි‍්‍රයාත්මක විය.
ඒ සමගම කාමරය අනෙක් කොනේ තිබුණු ඔක්සිජන් සිලින්ඩරයක් යන්ත‍්‍රය වෙත පියඹා ආවේය.සේවකයින් දෙදෙනාවද සිරකරගෙන සිලින්ඩරය නතර වූයේ එම්ආර්අයි යන්ත‍්‍රය ඇතුළේය.
පැය 4 ක පමණ කාලයක් ඔවුහු එහි සිරවී සිටියහ. දෙදෙනාගේ ප‍්‍රමාදය ගැන අවධානය යොමුකළ ඔවුන්ගේ මිතුරන් නොපැමිණෙන්නට ඔවුන් තවමත් යන්ත‍්‍රයේ සිරවීය.
මුදාගත් දෙදෙන වහා රෝහල් ගත කෙරුණි. ඔක්සිජන් සිලින්ඩරය වැදී දෙදෙනාගේම අත් හා පාද වල අස්ථි බිදී තිබුණි.
එම්ආර්අයි යන්ත‍්‍රයේ තිබූ ප‍්‍රබල චුම්භකය කි‍්‍රයාත්මක වී එහි බලයට ඔක්සිජන් සිලින්ඩරය හසුවීම මේ අනතුරට හේතුව බව සඳහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔක්සිජන් සිලින්ඩරය පියාඹයි
පිටබැද්දර ජයා Tuesday, 30 December 2014 11:12 AM
හැම වෙලේම අවදාධානමෙන් ආරක්ෂා වීම තම හොඳම දේ(දිල්)
ඉසුරන්දි Tuesday, 30 December 2014 02:11 PM
සුළු අත් වැරදීමකින් වෙන විනාශය කොයි මොහොතකදැයි කාට නම් කිව හැකිද ?(දිල්)
ප්‍රබු Tuesday, 30 December 2014 02:51 PM
ඔය වගේම සිද්දියක් අපේ රටෙත් ප්‍රදාන පුද්ගලික රෝහලක උනා මීට අවුරුදු 5 කට කලින්. ඒ අසාද්‍ය ලෙඩක් එක්ක ගෙනාපු ඔක්සිජන් සිලින්ඩරය ගිහින් එම් ආර් අයි එක ඇතුලට ගියා. ලොකුම විහිලුව එ්කේ ප්‍රදානියා ඒ සිලින්ඩරය ගන්න ෆෝක් ලිෆ්ට් එකක් ගෙනත් දම්වැල් දාල එලියට අදින්න ගියා. පස්සේ හීලියම් අයින් කරලා මැග්නට් සිරෝ කරලා සිලින්ඩරේ ගැලෙව්වා. (නදී)
සමන්ති Wednesday, 31 December 2014 12:56 AM
අවදානමට පෙර අවධානය යොමුවිය යුතුයි (නි)
ගාමිණී Thursday, 01 January 2015 06:33 PM
මේ උපකරණය ඉබේ ක්‍රියාත්මක වෙන්න බැහැ නේද? මෙය යන්ත්‍රයේ දෝෂයක් වියහැකියි. මෙවන් යන්ත්‍ර වල ඉන්ටර්ලොක් තිබිය යුතුයි (නි)
අල්විස් Thursday, 01 January 2015 06:42 PM
ඇති ඔයින් බේරුණා (නි)
ආසිරි Friday, 02 January 2015 06:46 AM
අපෝ! මේ ඉන්දියන් අය සවිකරන්න ගිහින් තමා අනුරාධපුරේ එම්.ආර්.අයි. එක ගිනිගත්තේ (නි)