X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඔබාමා ඵෛතිහාසික හිරෝෂිමා සංචාරය අරඹයි

ඇමරිකා ජනපති බැරක් ඔබාමා සිය ජපන් සංචාරයේදී ජී7 සමුළුවට එක්ව සිටින අතරතුර අද (27) හිරෝෂිමාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරයකු සංචාරය කරන පළමු අවස්ථාව එය ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ දෙවැනි ලෝක යුද්ධ සමයේ 1945 වසරේ අගෝස්තු 6 වැනිදා  ඇමරිකා හමුදා ගුවනින් හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමෙන් පසුවයි. එයින් හිරෝෂිමාවේ එක් ලක්ෂ හතළිස් දහසක් පමණ මිය ගිය අතර එහි තනා ඇති යුද ස්මාරකය නැරඹීමටද ඔබාමා යාමට නියමිතය.

මේ අතර එම බෝම්බ ප්‍රහාරයෙන් දුකට පත්වූ හිරෝෂිමා වැසියන් ගේ දුක පිළිබඳ ඔබාමා අවබෝධයක් ලබනු ඇතැයි  හිරෝෂිමා වැසියන් අපේක්ෂා කරන බව එරට පුවත් සේවා කියයි.

ජනපති ඔබාමා කියා සිටියේ පරමාණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව නොඉල්ලන බවත් නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ගෞරව කරන බවත්ය. එසේම ඔබාමා ජපන් මාධ්‍ය හමුවේ පැවසූයේ පැරණි මතක සටහන් මගින් මිත්‍ර රාජ්‍යයන් අතර බැඳීම වඩාත් දැඩිකරගත හැකිවනු ඇති බවයි.



අදහස් (0)

ඔබාමා ඵෛතිහාසික හිරෝෂිමා සංචාරය අරඹයි

නාමල් Friday, 27 May 2016 01:27 PM

පරමාණු ප්‍රහාරයෙන් ඇත්තටම ජීවිත බේරුණා හිරෝෂිමාවට බෝම්බ නොගහන්න ජපන්නු දෙවැනි ලෝක යුද්ධය තව අවුරුදු ගාණක් ගෙනියනවා. ඔවුන් යටත් වෙලා ලෝක යුද්ධය ඉවරයිනේ මේ බෝම්බය නිසා (බ)

:       0       0

සෑම් Friday, 27 May 2016 09:20 PM

ජපානයට පරමාණු බෝම්බය දාන්න හේතුව ඇමරිකාවට තම බලය පෙන්වීමට තිබුන අවශ්‍යතාවය මිස ජපානය යටත්කර යුද්ධය අවසාන කිරීම නොවෙයි. ජපානයේ සම්පුර්ණ යුධ බලයම විනාශ වී, යටත්වීමට සුදානම් බව දැනගත්තායිනුත් පසුවයි හිරෝෂිමා/නාගසාකි බෝම්බ දැම්මේ. නමුත් ජපනුන්ගේත් තියන ජාතිවාදී සහ අහංකාර මානසිකත්වය නිසා යුධ බලය නැති වූ විටදීවත් යටත් නොවී සිටීමෙන් ඔවුන් ඉල්ලන් කෑවා කියලත් කියන්න පුළුවන් (නි)

:       0       0

ධම්ම Saturday, 28 May 2016 02:30 AM

අනුන්ගේ රටවල් ව්‍යාකූල කිරීමේ කැත පුරුද්ද දැන්වත් මොවුන් අත්හැරිය යුතුය. (නි)

:       0       0

නුවන් Saturday, 28 May 2016 03:14 AM

සෑම්, හිරෝෂිමාවට බෝම්බ දැම්මේ ඔවුන් යටත්නොවන බව දැනගත් නිසයි (නි)

:       0       0

නිපුන් Saturday, 28 May 2016 03:16 AM

ඇමරිකාව රටවල් ව්‍යාකූල කරනවා කිව්වට දකුණු කොරියාව වගේ රටවල් පවතින්නේ ඇමරිකාව නිසයි (නි)

:       0       0

අරවින්ද Saturday, 28 May 2016 03:43 AM

ඔබාමා සමස්ත ලෝක වාසින්ගෙන්ම සමාව ගත යුතුයි පහුගිය වකවානුවල ඇමරිකාව සිදුකළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව (බ)

:       0       0

අශාන් Saturday, 28 May 2016 06:56 AM

අපේ කට්ටියට තියෙන අමාරුව ජපනුන්ටවත් නැහැ. (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 28 May 2016 09:02 AM

සෑම් මහතා කිව්වා වාගේ, ඇමරිකාව එකල ඔවුන් සැදූ පරමාණු බෝම්බය කොහොමද කියා පරික්ෂාවට ලක් කළේ ජපානයට එය දැමිමෙන්. එයට හේතු සාධක ඇමරිකාවම සොයා ගත්තා. එදත් අදත් ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල යුද්ධ ඇති කරමින්, තම නිෂ්පාදන අතහදා බලනවා. විකුණනවා. ලෝකයේ බලවත් රටවල් සියල්ල කරන්නේ මුදල් සොයන්න මේක තමා (නි)

:       0       0

ඉන්දු Saturday, 28 May 2016 09:19 AM

ලැජ්ජයි! මගේ තාත්තගේ නමත් සෑම්. තමන්ගේ අභිමානය රැකගැනීමට උත්සාහ කළ රටකට වඩා අශිෂ්ට ලෙස තම බලය පෙන්වීමට ගිය රටක් මොහුට උසස් විදිහට පේනවා. අධිරාජ්‍යවාදී ගැත්තන් (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Saturday, 28 May 2016 05:18 PM

බෝම්බය කොහොමද කියලා බලාගන්න දැම්මා මිසක් යුරෝපයට දාන්න හිතුවේ නැහැ. මොකද ඔවුන් ආවේ යුරෝපයෙන් නිසා. හරි නම් දාන්න ඕනෑ ජර්මනියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site