X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ඔස්කා පිස්ටෝරියස් හය වසරක් හිරගෙට

ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක්‍රීඩක දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස්ට හය අවුරුදු සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිය පෙම්වතියවූ රීවා ස්ටීන්කෑම්ප් 2013 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඔහු වැරදිකරු කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

ඒ අනුව විනිශ්යකරුවන් පස් දෙනකුගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලෙන් ලද නියෝගය ක්‍රියාත්මක කරමින් ඔහුට වසර හයක සිර දඬුවම් නියම විය.

2013 පෙබරවාරි 14 වැනිදා පිස්ටෝරියස් ගේ නිවසට පැමිණි පෙම්වතියට තමා ළඟ තිබූ පිස්තෝලයෙන් වෙඩි තැබූ බව ඔහු පිළිගත් අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බව ඔහු අධිකරණයට කියා තිබිණි. රීවා ඔහු පුදුම කරවීමට එදින හොරෙන් නිවසට ඇතුළුවී තිබූ අතර ඇය එක්වරම හඳුනා නොගැනීම නිසා ඔහු වෙඩි තබා ඇතැයි කියති.

ඇගේ මරණයෙන් පිස්ටෝරියස් කම්පාවට පත්වූ බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබූ නමුත් රීවාගේ පවුලේ අය සාධාරණය වෙනුවෙන් නඩු මගට එළැඹි අතර ඒ අනුව පිස්ටෝරියස් වරදකරු කැරිණි.

පාද අහිමි පිස්ටෝරියස් හය වරක් පැරාලිම්පික් රන් පදක්කම් ජයග්‍රහණය කර ඇත.

webPisto2848-(1)web140911063637-01-oscar-pistorius-trial-0911-horizontal-galleryweb_pistoimages weboscar-pistorius-and-reeva-steenkamp-inline-d4cbc4c7-363d-4c81-b149-968476f9b528webOscar-Pistorius-360428



අදහස් (0)

ඔස්කා පිස්ටෝරියස් හය වසරක් හිරගෙට

ටිකිරි Wednesday, 06 July 2016 10:19 AM

දිලා තියෙන දඩුවම මදි වගේ.(හේ)

:       0       0

නාමල් Wednesday, 06 July 2016 03:49 PM

වැරැද්දක් සිදුවී ඇත. එය ආපසු වෙනස් කළ නොහැකිය. මෙය මා දකින්නේ, මියගිය කෙනෙකු වෙනුවෙන් අනෙකා නොමරා මැරීමක් ලෙසයි. වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාවදීම දේව ගතියක්. සිදුවූ සියලු දෙයට ඔහු අසරණව, දුක් විඳියි. (නි)

:       0       0

සොපි Thursday, 07 July 2016 07:10 AM

ලොව පුරාම ක්‍රීඩකයින්ට අපල කාලයක් ලබලා වගේ (නි)

:       0       0

වීනු Thursday, 07 July 2016 07:24 AM

නාමල්, ඔබේ දියණියකට හෝ සහෝදරියකට හෝ මෙවන් අපරාධයක් වුණොත් ඔබ සතුටු සිතින් සමාව දෙනවාද..?ඔබ කියන විදිහට මිනීමරුවන්ට සමාව දෙන්න ගියොත් තවදුරටත් බන්ධනාගාරයන් අවශ්‍ය නොවනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site