X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනයෙන් රතු එළි

ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනය අනතුරු ඇඟවූ බව චීන පුවත්පත් වාර්තා කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කියයි.

ඕස්ට්‍රේලියා රාජකීය ගුවන් හමුදාවට අයත් නියමු සහිත නිරීක්ෂණ යානයක් වියට්නාමය, තායිවානය, මලයාසියාව, පිලිපීනය යන රටවල දේශසීමාවලින් වටවී තිබෙන දකුණු චීන මුහුදේ ඉදිකැරෙන ව්‍යාපෘතියක ඔත්තු බැලූ බවට චීනය චෝදනා කරයි.

එම යානය උඩුගුවනේදීම විනාශ කර දැමීමේ හැකියාව ඇතැයි ‘ද ග්ලෝබල් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබිණි.

ඕස්ට්‍රේලියා ගුවන් හමුදා පුහුණූවක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර ගුවන් නීතියට අනුව එම සීමාවේ ගමන් කළ බවත් එක්සත් ජාතීන්ගේ සම්මුතියට හා එහි නීති රීතිවලට අනුව සාමාන්‍ය පියාසර කිරීමක් කළ බවද නියමුවා බීබීසී සේවයට පවසා ඇත.

මෙය නොවැම්බර් 25 හා දෙසැම්බර් 4 යන කාලවකවානුවේ සිදුවූ සිදුවීමක් බවත් ඇමරිකාවේ වාර්තා අනුව එම ප්‍රදේශය ගුවන්යානාවලට ගුවනේදීම ඉන්ධන ලබාදීමටත් අනෙකුත් අවශ්‍යතා සඳහාත් නිදහස්ව තබාගත යුතු ප්‍රදේශයක් බවත් ඕස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි කියයි.

20151217desktop 201512179b6a81403474f



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනයෙන් රතු එළි

කල්ප Thursday, 17 December 2015 11:31 PM

නාමල්, අපි දැන් චීනය හැර ඔය කියන අනෙක් රටවල කොළනියක් වෙලා නැද්ද? (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Saturday, 19 December 2015 10:13 AM

චීනය ඈත අතීතයේ සිටම තාක්ෂණය තිබුන රටක්. සමහරු සිතනවා බටහිර රටවල් සහ ඇමරිකාව තමා සියලු තාක්ෂණ සොයාගත්තේ කියා. එහෙත් ඇත්ත වෙන ජාතිකයන් සොයාගත් තාක්ෂණය බටහිර රටවල් සහ ඇමරිකාව මුදලක් දී එහි අයිතිය ගැනීමයි. පසුව එය ඔවුන්ගේ නිෂ්පාදන සැටියට ලෝකයට ඉදිරිපත් කර විශාල මුදල් උපයනවා. (නි)

:       0       0

සුනිල් ප්‍රනාක්දු Saturday, 19 December 2015 08:07 AM

මේ කට්ටිය වාද කලාට කව්රුවත් කතාකලේ නැහැ දෙගොල්ලන්ගේ දේශපාලන දැක්ම එතන තමා වරද , කාගේ දැක්මද වඩා ලෝකෙට සුබ (අ)

:       0       0

සමන් Friday, 18 December 2015 12:32 PM

ඇමෙරිකාවේ උගන්වන දේවල් ලංකාවේදී පාසල් වලින් ඉගෙනගෙන, ඔවුන්ගේ බෙහෙත් බීලා, ඔවුන් හොයාගත් තාක්ෂණයෙන් චිනේදී හදපු මැෂිමක් පාවිච්චි කරලා අපේ අය ඔවුන්ටම බනිනවා. ඔය ඔක්කොම ලොකු රටවල් එකයි. එක වල්ලේ පොල් වගේ. එක්කෝ දෙගොල්ලොම හොඳයි, නැත්නම් දෙගොල්ලොම නරකයි (නි)

:       0       0

ගම්මා Friday, 18 December 2015 11:34 AM

එක එක්කෙනා මොනවා කීවත් ලංකාවේ කෙනෙක් පිටරටක ජීවත්වීමට වීසා ඉල්ලනවානම් ඉල්ලන්නේ බටහිර රටකට මිසක් චීනෙට හෝ රුසියාවට හෝ වියට්නාමයට නම් නොවෙයි. එක එක කොමෙන්ට් දැම්මට යන්න හදන්නේ ඇමරිකාවට, එංගලන්තයට , කැනඩාවට, ජපානයට වගේ රටකටයි. (ර)

:       0       0

සල්ගාදු පැරිස් Friday, 18 December 2015 10:18 AM

නිපුන සහ නාමල් යන දෙදෙනාම , චීනයට කිසියම් බියකින් පසුවන බව පේනවා , මම ජිවත් වන්නේ බටහිර රටක වුණත් , මම දන්නවා මෙම රටවල් 3 වන ලෝකය ඔවුන්ගේ ආධිපත්‍ය සඳහා ගැන බව , මම ප්‍රංසයේ ජිවත් වුණත් එම රටින් යැපුනත් , මම ආසයි චීනය ආසියාවේ සහ ලෝකය බලවතා වනවාට , බටහිර රටවල ආදාර සහ චීනයේ රුසියාවේ ආදාර වල විශාල වෙනසක් තිබේ , බටහිර රටවල් අපට ආදාර දෙන්නේ කඩචෝරු ඔවුන්ගෙන්ම මිලදී කන්නටය , එහෙත් චීනය රුසියාව වෙනි රටවල අපට අදාර කරන්නේ අපේ පයින් අපටම සිටගෙන අපේ නිෂ්පාදන වලින් අප ගොඩ ගන්නය , වෙනස එකයි , වටහා ගන්න අමාරු එති නාමල් සහ නිපුනට (අ)

:       0       0

චමිල්ක Friday, 18 December 2015 06:40 AM

ලංකාව බටහිර , චීනය , ඉන්දියාව හෝ ලෝකයේ කිසිම රටක ගැත්තෙක් නොවී සියලු රටවල් සමඟ සහයෝගයෙන් තමන්ගේ රටේ ආර්ථිකය හදා ගන්න ඕනේ . (ම)

:       0       0

කසුන් Friday, 18 December 2015 05:10 AM

චීනය නොහිටින්න අද අපි බටහිර කොලනියක් වෙලා. (ම)

:       0       0

නිපුණ Friday, 18 December 2015 02:46 AM

නාමල්, ඔබේ කතාව ඇත්ත... සමහරුන්ගෙ බටහිර විරෝධය දැක්කහම හිනා යනවා. ලංකාවට නිදහසින් පසු වැඩිපුරම ආධාර දී ඇත්තෙ බටහිර රටවල්. ඒ රටවලට වීසා දෙනවා කිව්වොත් යන්න පොරකනවා, නමුත් තරුණ කාලේ කටපාඩම් කරවපු සමාජවාදය, බටහීර විරෝධය ගිරවු වගේ මෙතැන කියවනවා... (නි)

:       0       0

රංග Friday, 18 December 2015 12:42 AM

නාමල් වගේ අය ලංකාවේ සිටිනතුරු ලංකාවටත් ගොඩඒමක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 December 2015 12:09 AM

ඔන්න ඔන්න ඕස්ට්‍රේලියාව ඉල්ලගෙන කන්න හදනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 December 2015 12:12 AM

නාමල්, දැනටම ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් අපිව ඒගොල්ලන්ගේ කොළනියක් කරගෙන කියලා ඔයාට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

නාමල් Thursday, 17 December 2015 02:05 PM

එකාධිපති චීනය තමන්ගේ තරම දැනගෙන හැසිරිය යුතුයි.. ඇමරිකාව, යුරෝපය, , ඉන්දියාව වගේ රටවල් නොහිටින්න චීනය අපිවත් ඔවුන්ගේ කොලනියක් කරගෙන (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 17 December 2015 11:15 PM

ඇමරිකාව සහ ඉන්දියාව යැපෙන්නෙත් ඒකාධිපති චීනයෙන් තමයි. නමුත් ඉන්දියාවට අපේ චීන ගනුදෙනුව පෙන්නන්න බැහැ. මොකද ඔවුන්ගේ ජරාව විකුණාගන්න තැනක් අහිමිවෙන නිසා. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 17 December 2015 09:59 PM

නාමල්, ඔබ වගේ යුරෝපයට, ඇමරිකාවට ආවඩන පිරිස නිසා ලංකාවට මේ පවතින ක්‍රමයට ගමන් කළොත් ඉදිරියේදී අත්වන ඉරණම බොහෝ කණගාටුසහගතයි. චීනයත් ,රුසියාවත් නිසා ආසියාතික රටවල් යම් ප්‍රමාණයකට ආරක්ෂා වෙන බව අමතක නොකරන්න. (නි)

:       0       0

කුමාර් Thursday, 17 December 2015 09:39 PM

ඇමෙරිකාව,එංගලන්තය, ආසියාවේ හා ලතින් ඇමෙරිකාවේ දියාගෝ ගාෂියා,ෆෝල්ක්ලන්ඩ් වැනි තැන්වල කඳවුරු පවත්වාගෙන යනවා නම් චීනා කළාම තරහා යන්නේ මොකද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 09:13 PM

හැබැයි ඉතින් එංගලන්තේ හිටපු අගමැති කෙනෙක් වන විල්සන් චර්චිල්ම තමයි කියලා තිබුනේ චිනෙත් එක්ක පැටළෙන්න යන්න එපා, උඹලගේ උණ්ඩ ඉවරවුණත් චිනේ මිනිස්සු ඉවරවෙන්නේ නැහැ කියලා.ඒක හින්දා ප්‍රවේශම කෝකටත් හොඳයි නේද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 17 December 2015 07:38 PM

නාමල් හීනෙන් බයවෙලා වගේ. ආසියා කලාපයේ මේ වාගේ බලවතෙකු සිටීම ගැන අප සන්තෝෂ වෙන්න ඕනෑ. නැත්නම් අද අපි ඉන්දියාවේ කොළනියක් වෙලා. නැත්නම් ,බටහිර රටවල වහලුන් වෙලා (නි)

:       0       0

පැරකුම් Thursday, 17 December 2015 06:58 PM

මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

චන්දිම Thursday, 17 December 2015 04:48 PM

අනේ නාමල්.....! (නි)

:       0       0

රංග Thursday, 17 December 2015 04:24 PM

චීනයේ ශක්තිය අවතක්සේරු කිරීමේ විපාක තව නොබෝ කලකින් තේරුම් ගැනීමට හැකිවනු ඇත. නොබැඳි ජාතීන්ගේ නායිකාව මැදිහත්ව එදා ඉන්දු - චීන ප්‍රශ්නය නොවිසඳුවා නම් අද ඉන්දියාවක් ඉතුරු නොවීමට ඉඩ තිබුණි. චීනය නොමැති ලෝකයක් ගැන සතුරු රටකවත් අද සිතන්නේ නැත. (නි)

:       0       0

රණා Thursday, 17 December 2015 03:05 PM

ඔව් නේද නාමල් චීන කොලනියක් වෙනවට වඩා ඇමෙරිකා කොලනියක් වෙන එක හොදයි නේද .....එතකොට අපි පොෂ් නේ.(අ)

:       0       0

මොහාන් Thursday, 17 December 2015 02:54 PM

එකාධිපති ඇමරිකාව තමන්ගේ තරම දැනගෙන හැසිරිය යුතුයි. චීනය, රුසියාව වගේ රටවල් නොහිටින්න ඇමරිකාව අපිවත් ඔවුන්ගේ කොලනියක් කරගෙන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site