X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ඕස්ට්‍රේලියා විපක්ෂයෙන් එරට ලාංකිකයන්ටත් ආරාධනා

තම පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට එරට පුරවැසි භාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයනටත්  අවස්ථාවක් දෙන බව ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක හා  ලිබරල් පක්ෂයේ නායක ටෝනි ඇබ්බොට් මහතා පවසයි. වත්මන් රජයේ මෙන්ම  තම පක්ෂයේ ද දුරුවලතා හඳුනාගෙන ඒවාට විසැඳුම් දෙමින්  මෙවර මැතිවරණයට නව වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇතැ බව ඔහු කියයි. ඊට අමතරව පාකිස්තාන, වියට්නාමය, ඉතියෝපියාව, මුරුසිය, තායිලන්තය, ලෙබනන්, තායිවානය, කොරියාව, ග්‍රීක හා ඉතාලියෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ පුරවැසි බව හිමිකර ගත් අයට ද මෙම අවස්ථාව ලබා දීමට විපක්ෂ නායක වරයා තීරණය කර ඇත. ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙක් දැනටමත් එරට නගර සභික හා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරති.



අදහස් (0)

ඕස්ට්‍රේලියා විපක්ෂයෙන් එරට ලාංකිකයන්ටත් ආරාධනා

සුධීර Sunday, 12 May 2013 02:27 AM

මහත්තයෝ, අපේ අය තම ලෝකෙන් අල්ල ගන්න ලේසිම ජාතිය.කතා කරන්න ඉතිහාසේ ගැන,සංස්කෘතිය ආගම ගැන,ජාත්‍යාලේ,ජාතිවාදේ, බටහිර විරෝදේ.... පන්සල් පල්ලි යන වග ප්‍රදර්ශනේ කරන්න.ඔහේ කුඹුරු එහෙම තියෙනවද?නියරක මඩක පින්තුරත් ගන්න.ඔරු පදිනවා පාරු පදිනවා වගේ පින්තුරත් ගන්න.ඔබට වැඳ වැඳ ඡන්දෙ දේවි. (නි)

:       0       0

චූලා Monday, 13 May 2013 08:37 AM

ඇයි ප්‍රදීප්, ඔයා හිතන්නේ අපි එහෙ යන්නේ ලංකාවේ ප්‍රාන්ත හදන්න කියලද. නිකන් මෝඩ කතා කියන්න එපා.මොකෝ අපිව මෙහාට බලෙන් ගෙන්වා ගත්තේ නැහැනේ.අපි බලෙන් ආවේ.දැන් මේ රටේ ජාතින් 16 ක් ඉන්නවා.ඔහේ කියන විදියට ප්‍රාන්ත 16 ක් හදන්න අපට අවශ්‍යය නැහැ. (නි)

:       0       0

කුමාර් Sunday, 12 May 2013 04:41 PM

ඔන්න ඕස්ට්‍රලියාවේ ඉන්න කොටින්ට ජාත්‍යන්තර දේශපාලනයට එන්න හොඳ අවස්ථාවක්, ලිබරල් කියන්නේ හැම රටකම ජාතික වටිනාකම කා දමන පක්ෂයක්, මොකද එයාලට ඕස්ට්‍රේලියාවේ අබෝරිගේනීස්ලට කතා කරන්න බැරි ? තාම මුල් ජාතිකයන්න්ට සලකන්නේ රටේ සත්ව කොටසකට වගේ. අනේ උන්දලාගේ ලිබරල්.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 12 May 2013 03:29 PM

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවෙන් ආවඩන්නන්ට හොද අවස්ථාවකි. ඔබ සිංහල බෞද්ධ වුවත් ඔබට ක්‍රිස්ත්‍රියානි සංස්කෘතිය පිළිගැනීමෙන් හා ඒ මත ජීවත් වීම හැරෙන්නට වෙන කිසිසු අයිතිවාසිකමක් ඔබට නැත. මෙහි ඇති මානව හිමිකමක් මට නොපෙනේ. අන් සියලු ජාතින්ගේ අයිතිවාසිකම් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් අහිමි කොට ඇත. (නි)

:       0       0

නිලුපුලී Sunday, 12 May 2013 12:05 PM

මොකක් හදන්නද දන්නෙ නැහැ කල්පනාව. (නි)

:       0       0

රීටා Sunday, 12 May 2013 08:55 AM

ප්‍රදර්ශනයක් තියන්න. එහෙත් ඔබට ජය සිකුරුයි.(නදී)

:       0       0

රීටා Sunday, 12 May 2013 08:38 AM

ඔබට සිංහල ඡන්ද ඕනා නම් වෙන මොකුත් එපා ලංකාවේ ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහලා මෙහෙන් මොනවා හරි ඔස්ට්‍රලියාවට අරගෙන ගිහින් ප්‍රදර්ශනයක් තියන්න. ඔබ ගොඩ.(නදී)

:       0       0

පාර්වතී Sunday, 12 May 2013 08:36 AM

සිංහල මිනිස්සු පුරාජේරුවට, කයිරාවරු කතා වලට හරි කැමතියි. වැඩ ගැන කතා නොකරන්න. ඒසේ කලොත් ඔවුන් ඔබ පරදවාවී. අනෙක් සියලු ජාතින් ඔවුන්ට පහතින් ඇති බවත් සිංහල ලොව එකම අති ශ්‍රේෂ්ට උතුම්ම ජාතිය බවත් අමතක නොකර සෑම රැස්විමක්ම පවසන්න. ඔවුන් සතුටින් ඉහ වහා යනු ඇත.(නදී)

:       0       0

ලසන්ත Sunday, 12 May 2013 02:36 AM

අපේ අයත් එක්ක මානව හිමිකම්,සමනාත්මතාවේ,ප්‍රජතන්ත්‍රවාදේ, නුතන ලෝකය,ඕස්ට්‍රේලියාවේ දියුණුව තකා මහන්සි වී වැඩ කිරීම වගේ දේ ගැන කතා කළොත් ඔබ පරදිනවා.ඒ නිසා ඒවා කතා කරලා අනාගන්න එපා. ඔය රැස්වීමක ළමයෙක් එහෙම දැක්කොත් අනිවාර්යෙන් ඉඹින්න. ඒවාට ලකුණු ගොඩක් වැටෙනවා.පුළුවන් නම් සුදු ඇදුමක් හොයාගන්න.නිතර හිනාවෙන්න.හැමදේටම ආගමික උත්තර දෙන්න.ඔබ ජය ගන්නවා සිකුරුයි. (නි)

:       0       0

ජීවන් Sunday, 12 May 2013 02:31 AM

අනේ විපක්ෂ නායකතුමනි, මොනවත් එපා. යන්න අපේ අය ලගට ඉතිහාස කතා ටිකකුත් අරන්.සහනාධාරයක් දෙන්නම් කියන්න.නිවාඩු වැඩි කරලා පඩි වැඩි කරනවා කියන්න.සිමෙන්ති කොට්ටයක් ටකරමක් දෙන්නම් කියන්න.ඔබ උඩින්ම දිනයි. (නි)

:       0       0

උදය Saturday, 11 May 2013 05:11 PM

කොන්ත්‍රාත් කාරයෙක් අනික් අයව අන්දන ක්‍රම හොයනවා.(නදී)

:       0       0

සේන Sunday, 12 May 2013 02:23 AM

අනේ විපක්ෂ නායකතුමනි, ලංකාවේ අයට වැඩකරන පැය ගණන, නීතිගරුක බව,කාර්යක්ෂමතාවේ,අවංකකම ගැන කියන්න ගියොත් ඔබව පරදීවි. ඒ නිසා සහනාධාර,නිවාඩු,ආගම,සංස්කෘතිය, ඉතිහාසේ, පුරාජේරු කතා,බටහිර විරෝදී කතා,බොරුව,වංචාව වගේ දේවල් ගැන කතා කරන්න. ඔබ දිනාවි. (නි)

:       0       0

රාණි Sunday, 12 May 2013 02:17 AM

අයියෝ මහත්තයෝ, හරි ලේසියි නොවැ.සුදු ඇදලා අගලක් විතර මහතාට සුදු නුලක් අතේ බැදලා, පන්සලේ දවසයි,කෝවිලේ දවසයි,මුස්ලිම් පල්ලියේ දවසයි,ක්‍රිස්තියානි පල්ලියේ දවසයි ගත කරන්න.රැස්වීම් ටිකක් තියලා බබාලා ඉබින්න.සහනාදාරයක් දෙනවා කියන්න.බටහිරට බනින්න.ලංකාවේ අය ඔබ උඩින්ම දිනවයි..... (නි)

:       0       0

සමන්ත Sunday, 12 May 2013 12:38 AM

අපෝ එයා නම් කොහොමත් දිනයි. (නි)

:       0       0

ඩිනෝ Sunday, 12 May 2013 12:16 AM

ඕස්ට්‍රේලියාවේ නම් මම දන්නේ නැහැ. ඉතාලියේ එහෙම ඔය වැඩේ කරන්න දුන්නොත් මෙහෙ ඉතුරු ටිකත් ඉවරයි. දැනටත් මෙහෙ අපේ කට්ටිය ඉතාලි ජාතිකයන්ව ජරාවට පුරුදු කරලා තියෙන්නේ. (නි)

:       0       0

මොරටුව Saturday, 11 May 2013 11:30 PM

බලයට, තමාගේ රටේ අනිත් අය පුරෝගත්තාම අනාගතේ ජාතිවාද අ‍ගම්වාද ඇතිවෙන එක වලක්වා ගන්න බැහැ. කරුණාකරලා මෝඩ වැඩ නොකර ඉන්න. අපිටත් අපේ රටටත් වෙලා තියෙන්නේ මේකමයි. (නි)

:       0       0

හේරත් Saturday, 11 May 2013 11:27 PM

බලන්න අර වැටවල් නැති හෝටලයේ නවතින්නත් පුලුවන්ද කියලා? (නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 11 May 2013 06:16 PM

අපේ රටේ විපක්ෂය ආරම්භ කලදා පටන් මට ග්‍රීන් කාර්ඩ් අතේ. මේකෙන් ඕස්ට්‍රෙලියාවේ ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙයි සමහර විට කතා කරලා බැලුවොත් විපක්ෂ නායක තුමා සමග.(නද)

:       0       0

පාල Saturday, 11 May 2013 05:50 PM

මොනවත් එපා. බත් පැකට් එකයි අරක්කු බාගයයි දෙන්න. වැඩි වියදමක් නැහැ. අඩුවටම ගොඩ යන්න හොදම කට්ටිය ලංකාවේ අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site