ඕස්ටේ්රලියානු මහ මැතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර පාලක කම්කරු පක්ෂයේ නායක අගමැති කෙවින් රුඞ්ට දිගටම බලයේ රැඳී සිටීමට ජනවරමක් හිමිවනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.
ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ලිබරල් පක්ෂයේ නායක ටෝනි ඇබොට්ට මෙවර ද පරාජය හිමිවනු ඇතැයි එම ජනමත සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇතැයි ඕස්ටේ්රලියා මාධ්‍ය වාර්තා කර ඇත.
මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 14 වැනිදාය. ඒ, අගමැති ධුරයේ සිටි ජුලියා ගිලාඞ්ගේ තීරණයකට අනුවය. කම්කරු පක්ෂයේ නායිකාව ද වූ ඇයට මීට මාස කිහිපයකට පෙර පක්ෂ නායකත්වය අහිමි විය. ඒ, පක්ෂය අභ්‍යන්තරයේ හටගත් කුමන්ත්‍රණයක් නිසාය. කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ කෙවින් රුඞ් විසිනි. ගිලාඞ්ට අගමැති ධුරයත් පක්ෂ නායකත්වයත් අහිමි වූයේ ඇය රටේ ජනතාවගේත් පක්ෂ සාමාජිකයන්ගේත් අප්‍රසාදයට පත් වීම නිසාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඕස්ටේ්රලියා මහ මැතිවරණයත් අද
සෑම් Saturday, 07 September 2013 10:48 AM
මම නම් දන්නේ නැහැ මේ කියන ජනමත සමීක්ෂණය කලේ කව්ද කියලා. මම මේ ලියන්නේ ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් හවස 3.00 ට. තව පැය 3 කින් ඡන්දය ඉවර වෙනවා. අගමැති රඩ් බරපතල පරාජයකට මුහුණ දෙන බව මේ රටේ සියලුම සමීක්ෂණ වලින් තහවුරු වී දැන් මාස ගානක් වෙනවා. ඉහත ප්‍රවුර්තිය දැක්කම මට මතක් උනේ 1977 ලංකාවේ ඡන්දය දවසේ දිනමිණ ශීර්ෂ පාඨය "" එජාපය දැන් පැරදිලා "" (නදී)
මහගෙදර ඇඹිලිපිටිය Saturday, 07 September 2013 12:13 PM
රූඩ් නායකත්වය ගන්න දඟලල එක වතාවක් ඉල්ලන් කෑවා. ඊළඟ වතාවේ යම්තම් මොකක්දෝ ජිල්මාට් එකක් දාල නායක කම ගත්තා. හැබැයි මහත්තයෝ මේ පාර පරාද උනොත් නම් දේශපාලනෙන් සමුගන්නයි වෙන්නේ. මැන්ඩරින් බාෂාව කතා කලා විතරක් මදි. අනෙක් වැඩත් තියෙන්න ඕනි.(නදී)
සුරේඛා Saturday, 07 September 2013 12:25 PM
ඇයි මේ බොරු කියන්නේ. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. (නදී)
චමී Saturday, 07 September 2013 12:33 PM
හැම සමීක්ෂනයකින්ම රූඩ් පාරද වෙන බව කියනවා. මෙහෙ හැමෝම දන්නවා ඒක.(නදී)
සමන් Saturday, 07 September 2013 01:14 PM
අපෙත් චන්දයක් ලග ලගම එනවා (දී)
ටිරල් Saturday, 07 September 2013 01:24 PM
බොරු , අගමැති බරපතල පරාජයකට (දී)
ලක්ෂ්මන් කොඩිතුවක්කු Saturday, 07 September 2013 03:48 PM
මුලින්ම කෙවින් රුඩ් මහජන ඡන්දයෙන් දිනු නායකයෙක්. මේකේ කිසිම කුමන්ත්‍රණයක් නැහැ. ඔක්කොම සිද්දවෙනේ ප්‍රජාතන්ත්‍රවාදිව. ජනමත සමීක්ෂනවලින් කිව්වේ කෙවින් 47 ටෝනි 53.(නදී)
මහි Saturday, 07 September 2013 04:27 PM
ටෝනි එන එක හොදයි (නි)
ටිරල් Saturday, 07 September 2013 05:39 PM
අගමැති රූඩ් පරාද වෙයිද? (නි)
ටිරල් Saturday, 07 September 2013 05:48 PM
රූඩ්ට මොනවා වෙයිද? (නි)
ප්‍රියන්ත - මෙල්බොර්න් Saturday, 07 September 2013 09:44 PM
ඇත්තද? (නදී)
චන්ද්‍රා Tuesday, 10 September 2013 06:19 AM
මහගෙදර, බොරු කියන්න එපා.කෙවින් මහජන ඡන්දයෙන් ආ නායකයෙක්. පක්ෂයේ සහ ජනතාවගේ නොකැමැත්ත නිසා තමා ජූලියට යන්න වුණේ. ආපහු රූඩ් ආවා.මේ රටවල ආපු එක බදාගෙන ඉන්නේ නැහැ.රටට සේවයක් කරනවා මිසක්. හැම දෙයක්ම ප්රජතාන්ත්රිකව කෙරුනා. (නි)