X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රංශයට ඔක්සිජන් සපයයි

"අද උදේ 10.45 ට මට දුරකථන ඇමතුමක් ලැබුණා. අනෙක් කෙළවරෙන් කතා කළේ  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති මැල්කොලම් ටර්න්බුල් මහතායි. ප‍්‍රංශය හා  ඕස්ටේ‍්‍රලියාව අතර අත්සන් කර සහතික කිරීමට සාකච්ඡා අදියරේ තිබු මුහුදු යුද නාවික යාත‍්‍රා ගිවිසුම සම්බන්ධව එතුමා මා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අවසානයේ ප‍්‍රංශයෙන් නාවික යාත‍්‍රා මිලදී ගැනීමට  ඕස්ටේ‍්‍රලියාව අවසන් තීරණය ගෙන ඇති බව එතුමා ප‍්‍රකාශ කළා. එම ආරංචියෙන් මම බොහෝ සතුටට පත්වුණා."  

පසුගිය අප්‍රේල් 26 වැනි දා වයඹ දිග ප‍්‍රංශයේ චෙර්බෝග් නගරයේ පිහිටා ඇති සබ්මැරීන් යාත‍්‍රා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ පැවැති උත්සවයකදී ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතා විසින් ඉහත දුරකථන ආරංචිය හෙළිකර සිටියේය. ඒ අනුව අවුරුදු 50ක් ඇතුළත යුරෝ මිලියාඩ් 34ක් රුපියල් කෝටි 5754 ක් වටිනා සබ්මැරීන යාත‍්‍රා 12ක් නිෂ්පාදනය කොට  ඕස්ටේ‍්‍රලියාවට භාර දීමට අවශ්‍යය දෙරට අතර ගිවිසුම පසුගියදා පැරීසියේදි අත්සන් තැබීය. ජපානයේ මිට්සුබිසි හා ජර්මනියේ සීමන්ස් පරදවා ප්‍රංශයේ ඩී.සී.එන්.එස් සබ්මැරීන් සමාගමට ජය ගැනීමට හැකි වූයේය.

විශාල අයවැය පරතරයක් හා විශාල රැකී රක්ෂා ප‍්‍රශ්නයකට මුහුණදී සිටින ප‍්‍රංශයට මේ ගිවිසුම ප‍්‍රංශයට ඔක්සිජන් ටිකක් සැපැයූ බව ප‍්‍රංශ ජනාධිපති විසින් ඉහත රැස්වීමේදී ප‍්‍රකාශ කළේය.

ඒ අතරම නවීන තාක්ෂණය, සංනීවේදන වේගය, ගෑස් හා ඩීසල් භාවිතයෙන් ක‍්‍රියාකාරී ප‍්‍රංශ සම්මැරීන මිලදී ගැනීමට තීරණය කළ බව  ඕස්ටේ‍්‍රලියා අගමැති පුවත්පත් වලට ප‍්‍රකාශ කරමින් අනෙක් රට වලට වඩා ප‍්‍රංශ නාවික යාත‍්‍රා කල් පවතින බවටද ඔහු පැවසුවේය.

මේ අනුව ප‍්‍රංශයේ පිහිටා ඇති සබ්මැරීන නිෂ්පාදන ඩී.සී.එන්.එස් සමාගමේ කර්මාන්තශාලා තුනක් ඉහත යාත‍්‍රා නිෂ්පාදනයට දායක වන අතරම 4000 කට පමණ නව රැකියා අවස්ථා ලැබෙන බවද සඳහන් වෙයි.

කෙසේ නමුදු ප‍්‍රථම සබ්මැරීනය වර්ෂ 2026 දී භාර දීමට නියමිතය. වසර 25 කට පසු ප‍්‍රංශය අත්සන් කළ විශාලතම ගිවිසුමක් ලෙස මේ යුද නැව් ගිවිසුම හැදින්වේ. 2015 වසරේ යුද ආයුධ වෙළදාමෙන් ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව පිළිවෙළින් ප‍්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන හිමිකර ගන්නා අතරම බ‍්‍රසීලය, ඉන්දියාව, පකිස්ථානය යන රටවල්ද ඉදිරියේදි ප‍්‍රංශයේ නිෂ්පාදිත සබ්මැරීන් මිලදී ගැනීමේ ගිවිසුම් වල ප‍්‍රථම අදියර අධ්‍යයනය කරමින් අවසන් ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බව ප‍්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදන වල දැක්වේ. අදට ලෝකයේ සබ්මැරීන නිෂ්පාදන අංශයෙන් ප‍්‍රංශය පෙරමුණේම සිටින්නේය.

sous-marin_contrat_australie[1] sous-marins-dcns Australie-le-francais-DCNS[1] barracuda_සබ්මැරීන[1] img_45

 

 

 

 

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රංශයට ඔක්සිජන් සපයයි

සුදත් Saturday, 07 May 2016 04:06 PM

කොමිස් එක ලොකු නම් මැටියෙන් වුණත් කම් නැත, සබ්මැරින් (නි)

:       0       0

කෝසල Sunday, 15 May 2016 11:08 AM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

රොහාන් Monday, 09 May 2016 10:28 AM

නියමයිනේ.(හේ)

:       0       0

සුගත් Monday, 09 May 2016 04:10 AM

ටිකිරි, එතකොට ඊට කලින් හිටපු අහවල්ලු මොනවද කළේ? කෝටි 60 ක වාහන ගන්නේ කාට යන්නද? (බ)

:       0       0

ටිකිරි Monday, 09 May 2016 01:06 AM

ඉන්දු, ඔයා එකක් මතක තියාගන්න. ඔය අහවලාව මහජනයා පත්කළේ, ඔය කොයි වැඩෙත් ඉවර කරන්න තමයි. අපිනේ එයාලට පඩි ගෙව්වේ. (නි)

:       0       0

කැලුම් Sunday, 08 May 2016 05:52 PM

කවුරු නැතත් මොකද, දැන් අපිට නොමිලේ වයිෆයි, ගූගල් බැලුම් තියෙන්නේ (නි)

:       0       0

කමණි Sunday, 08 May 2016 01:52 AM

ලද දෙයින් සතුටුවන්න. (නි)

:       0       0

පී. කේ. ප්‍රියන්ත Sunday, 08 May 2016 12:16 AM

මමත් දැන් අවුරුදු 25 ජීවත්වෙන්නේ මෙහේ. ඒත් මම මේ බවක් දැනගෙන හිටියේ නැහැ (නි)

:       0       0

ඉන්දු Saturday, 07 May 2016 11:23 PM

ඔය කියන අහවලා නොහිටියා නම් අද සබ්මැරීනයක් තියා බස් එකකවත් යන්න බැරි බව සමහරුන්ට මතක නැති එකනේ පුදුමේ (නි)

:       0       0

කින් බෙනට් Friday, 06 May 2016 01:11 PM

රුපියල් කෝටි 5754 ක් ප්‍රංශයට ලොකු ගානක් වුණාට ලංකාවේ සමහර දේශපාලකයන්ට නම් ඕක හරි සුළු ගානක් (නි)

:       0       0

ඉමාස් Saturday, 07 May 2016 04:01 PM

පාර්ලිමේන්තුව පෙරළලා හරි අරයව ගෙනෙන්න ඕනෑ. එතකොට අපිටත් සබ්මැරීන් ගන්න පුළුවන් (නි)

:       0       0

ඔගස්ටින් Saturday, 07 May 2016 04:00 PM

අහවලා හිටියා නම් අපිටත් සබ්මැරින් දෙක තුනක්.. අපරාදේ පැරැද්දුවේ (නි)

:       0       0

ටිකිරි Saturday, 07 May 2016 01:04 PM

අපේ හිටපු අය වැඩකට නැති දේවල් හදපු වෙලේ, කොළඹ නගරයට අඩුම තරමේ පොළව යටින් යන දුම්රියක් දැම්මා නම් අද කොච්චර වවිනවද? (නි)

:       0       0

සෑම් Saturday, 07 May 2016 04:04 AM

මේ සබ්මැරින් නිපදවන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ මිසක් ප්‍රංශයේ නොවේ .ඩොලර් බිලියන පනහක් පමණ වන කොන්ත්‍රාත්තුව ප්‍රංශ සමාගම දිනා ගත් නමුත් ඕස්ට්‍රේලියානු අමුද්‍රව්‍ය (මුලිකව ඕස්ට්‍රේලියානු වානේ) භාවිතා කොට ඕස්ට්‍රේලියානුවන් 4000 කට පමණ ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා උදාකර ඇඩිලේඩ් හිදී මේවා නිපදවන බව අගමැති ටර්න්බුල් මාධ්‍ය ට කිව්වා .. නමුත් මේ කොන්ත්‍රාත්තුවේ තියන විශාලකම නිසා ප්‍රංශයේ ත් නිපදවන නොයෙකුත් උපාංග නිසා ඒ හා සමාන රැකියා අවස්තාවන් ප්‍රංශයටත් උදා වෙනවා ඇති .(හේ)

:       0       0

නලින් යහම්පත් Friday, 06 May 2016 07:14 PM

ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව නැත්නම් ප්‍රංශයට යන එන මං නැතිවනවාද? (නි)

:       0       0

ඉසුරි Friday, 06 May 2016 04:43 PM

අරය හිටියා නම් අපිටත් සබ්මැරීන් ගන්න තිබුනා, කන්න නැතත් (නි)

:       0       0

දිලංග Friday, 06 May 2016 04:37 PM

වරායක් හදපු එකේ අපිටත් සබ්මැරීන් ගන්න තිබුනා. අපරාදේ! (නි)

:       0       0

අල්විස් Friday, 06 May 2016 04:35 PM

අහවලා හිටියා නම් ලොකු කොමිස් එකකට අපිටත් දෙක තුනක් ගන්න තිබුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site