ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක් පුරා පැතිර යන ලැව් ගිනි පාලනය කිරීමට, එරට ගිනි නිවන භටයෝ ඊයේ (20) දිනයේ ද යුහුසුළුව කටයුතු කළහ.
මේ වනවිට ගින්නට හසුවීමෙන් නිවස 300 කට වැඩි ප‍්‍රමාණයක් සහ වගාබිම් රැසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කර ඇත.
වසර 40 කට පසු රටේ හටගත් දරුණු ලැව් ගිනි තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. ලැව් ගිනි හටගත්තේ ඉකුත් සිකුරාදා සවසය.
ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයන් 17 දෙනකු ද පිළිස්සුම් තුවාල ලබා, රෝහල් ගත කර ඇතැයි ද පැවැසෙයි. උණුසුම් වියලි කාලගුණය ගින්න පැතිර යෑමට හේතුවක් වී ඇති බවත් එය පාලනය කිරීමට අසීරු වී ඇති බවත් ගිනි නිවන භටයෝ පවසති.
ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබොට් ඊයේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ගොස්, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් හමු වූයේය.
ලැව් ගිනි නිවා දැමීමට, ජලය රැගෙන යන ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ද යොදා ගැනෙන බව ගිනි නිවන භටයෝ අගමැතිවරයාට පැවැසූහ.
![]() |
ගින්නට හසුවීමෙන් විනාශ වූ නිවාස සහ මෝටර් රථ |
![]() |
ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් (වමේ*, ගිනි භට ප‍්‍රධානීන් හමුවී සාකච්ඡුා කරමින් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඕස්ටේ‍්‍රලියාවට ලැව් ගිනි තර්ජන